ඇපල් ඇපල් ඇපල්!!!

by Malinthe Samarakoon on February 19, 2009

ඔන්න ඉතින් අද දවසට කළ දෙවැනි පිස්සු හැදෙන වැඩේ. දැන් ටික දවසකට කලින් කොළඹ ගිය වෙලාවෙ කාලිංග අයියගෙන් මැක් තැටියක් ඉල්ලගෙන ආවා. ගෙදර ගෙනල්ලා ගෙදර තියෙන (කසිකබල්) මැසිමට දැම්මට වැඩක් වුණේ නෑ. ලෝඩ් වෙන්නෙ නෑ. පේන හැටියට කිසිම දෙයක් සහය දක්වන්නෙ නෑ ව‍ගේ. ඉතින් තැටිය පැත්තකින් තියලා නිකං හිටියා. (මං මැක් වලට ගොඩක් ආස වග සමහරු දන්නවත් ඇති.)

කොහොමහරි, අද ලැප්ටොප් එකට දාන්න කල්පනා කළා. මේක සෙලරන් ප්‍රොසෙසරයක් දුවන එකක්. රැම් එක නම් 512 විතරයි. ඉතින් මොකද කරේ ඕන කෙහෙල්මලක් කියලා දැම්මා ඩීවීඩී එක. මෙන්න බොලේ!! මේක ලෝඩ් වෙනව :D මට ඉතින් මාර සතුටුයි. ඉතින් මොකද කරේ ස්ථාපනය කළා. ඇත්තටම මේක ඩුවල් බූට් කරන්න පුළුවන්. ඒ ගැන ලිපියක් තියෙනවා මෙන්න මෙතන.

ඉතින් ස්ථාපනය කරලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා බූට් කරා. හයියෝ පිස්සු හැදෙනවා. ලස්සන වීඩියෝ එකක් වාදනය වුණා. කියලා වැඩක් නෑ, අතුරුමුහුණත නියමයි, වේගවත්. පහසුයි.

හැබැයි ඉතින් අතුරුමුහුණත් විතරයි වේගවත් වුණේ. සමහර ඒවා නම් හෙමින් වැඩ ක‍ළේ. පුදුම වෙන්න දෙයක් නෑ මැසිම හරි නැති හින්දා කොහොමත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. iTunes එහෙම නම් ගොඩක් වේගයෙන් වැඩ. වින්දෝස් වල ව‍ගේ නෙවෙයි. වීඩියෝ නම් වැඩ කළේ නෑ. ඒ විතරක් නෙවෙයි ජාලය වැඩ කරන්නෙත් නෑ. මගෙ ෆ්ලෑෂ් ධාවකය නැතිවුණු නිසා දුරකථනය Mass Media Mode දාලා බැලුවා ඒත් වැඩකළේ නෑ. Huawei E220 එකත් වැඩ කළේ නැද්ද කොහෙද. මැසිමෙ අවුලක් වෙන්න ඇති. සිංදු එහෙම වාදනය කළා VLC වලින්. පිටතින් ස්පීකරයක් හයිකළාට ඒකට ශබ්ද මාරු වුණේ නෑ.

ඉතින් ඉතින්… ටිකක් වෙලා අතපත ගාලා අයින් කරන්න සිද්ධ වුණා. ලැප්ටොප් එකේ ඉඩ මදි වීම ආදී හේතු හින්දා. මොනව වුණත් ඇපල් එකක් ගන්න නම් මාර ආසාවක් තියෙන්නෙ දැන්. :D

Installing...

Installing...

Mac Installation Completed

Mac Installation Completed

iTunes

iTunes

Finder

Finder

iTunes (more)

iTunes (more)

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

6 comments

AMD කට්ටිය ගැන සලකා බලපු ව්‍යාපෘතියක් ගැන එහෙම දන්නෙ නැද්ද?

ඇපලය වැඩ කරන්නෙත් ඉන්ටෙලයෙ විතරයිලු නෙ :(

by ගයන්ත on 2009 February 19 at pm 8:30. Reply #

@ගයන්ත: මේක AMD වලටත් එක්ක තමා එන්නෙ. ඒත් වැඩ කළේ නෑ මගෙ AMD එකේ. ඇයි දන්නෙ නෑ.

by Malinthe Samarakoon on 2009 February 19 at pm 8:33. Reply #

හැබැයි මම නම් අහල තියෙන්නේ AMDත් එක්ක ඔව්ව ‘වලි’ කියලා… :D

by ගයන්ත on 2009 February 19 at pm 9:40. Reply #

ආහ්, ඉවත්කරන්න බැරි වුනු එක ගැනනම් දුක්වෙන්න එපා, අළුත් මැසිමක් අරගෙන ඇපල් දාගන්න,
හික් මට මැවි‍ල පේනව මූ මැක් එක්ක සෙල්ලම් දානව. :-D

by Harshana on 2009 February 20 at pm 6:27. Reply #

මලින්ත මින්ට්ව පස්සා දොරෙන් එලියට දැම්මද ? :P

by නාගයා on 2009 February 20 at pm 8:53. Reply #

@නාගයා: අනේ නෑ :D

by Malinthe Samarakoon on 2009 February 20 at pm 8:58. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.