ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම
by Malinthe Samarakoon on February 19, 2009
අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් තියෙන්නෙ අලුත්ම නිකුතුව තමයි කියලා. ඒත් Hutch Firmware එකක් තියෙනවා ඊට වඩා ගොඩක් අලුත්. ඉතිං අපේ නාගයාගෙනුත් පොඩ්ඩක් විමසලා බැස්සා ගේමට.
බාගත්තා අලුත්ම Firmare එක. මේක generic එකක් නෙවෙයි. Hutchison. ඕන කෙහෙල්මලක් කියලා a2uploader එකේ පිහිටෙන් (දෙයියො සිහිකරගෙන) ඒක ෆ්ලෑෂ් කරා. ක්‍රියාත්මක කළා. මෙන්න බොලේ වැඩ! ඉතිං තව මොනවද
ඉතිං අලුත් එක ඇතුලෙ රවුම් ගගහ ඉන්නකොට දැක්කා වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් කියලා. මේකෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා ඉතිං වැඩකුත් නෑ. ඒත් ඉතින් something is better than nothing නෙ. පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා ඒකත් වැඩ. කාලිංගගෙන් කෝල් එකක් ගෙන්නගත්තා, මූණ පෙනේ.
මොබිටෙල් එකේ 555 ට අරගෙනත් බැලුවා. ඒකත් වැඩ.
අනික් විශේෂම දේ තමයි වේගය. Interface එක දැන් ගොඩක් වේගවත්. කලින් වගේ ගාටන්නෙ නෑ. ඒක නම් ඉතින් ලොකු සහනයක්.
ඉතින් ෆොන්ට් ටිකත් ආයෙ හදලා සිංහලත් දාගත්තා. නැත්තං වැඩක් කරන්න බෑනෙ. ඉතින් ඔච්චර තමයි

G502 New Menu

G502 Video Calling
Related posts - ආශ්‍රිත ලිපි:
27 comments
බිය නොවනු…..මැරෙනා සැටි මා පෙන්නමි…..
මං නම් ජංගම දුරකථනයට දෙන්න පුලුවන් ඔක්කොම වද දීලා තියෙන්නේ…..
by නාගයා on 2009 February 19 at pm 2:19. #
කාලිංගගේ මූණ පෙනුණ !!!??? වෙන්න බෑ.. :p
by සු on 2009 February 19 at pm 2:57. #
@සූ: වෙන්න බැරි මොකද? :P
@නාගයා: හික් දන්නවා දන්නවා
by Malinthe Samarakoon on 2009 February 19 at pm 2:59. #
machan mokada ubee phone eke model eka?
mage eka nokia 6300 eka.eketh aluth os eka dammoth 3g call balanna puluwan wewida?
by saliya on 2009 February 19 at pm 4:18. #
@saliya: මේක Sony Ericsson G502 එකක්. 6300 ගැන නම් ෂුවර් නෑ. මං Nokia පාවිච්චි කරලම නෑ.
by Malinthe Samarakoon on 2009 February 19 at pm 4:20. #
අපි සදා එරික්සන්….. එරික්සන් GA628 සිට……………
by නාගයා on 2009 February 19 at pm 8:00. #
@ නාගයා.
අපිත් සදා එරික්සන් තමයි!!
වැඩි කැමැත්ත Walkman වලට
Kamera වලදි නම් ඉතින් 850ට අකමැත්තක් නැතුවමත් නෙවෙයි!!
by ගයන්ත on 2009 February 19 at pm 8:45. #
මේ firmware එක කොහෙද තියෙන්නේ?
by champike on 2009 February 20 at am 10:56. #
@champike: http://willmaster.at/
by Malinthe Samarakoon on 2009 February 20 at am 10:58. #
මේක A2 uploader මඟින් upload කරන හැටිත් දාන්න පුළුවන්ද? හොයල බැලුවා ඒත් එක එක සයිට් වල එක එක විදියට ලියලා තියෙන්නෙ.
by champike on 2009 February 20 at pm 12:58. #
Firmware දාන විදියද නැතිනම් ෆයිල් දාන්නද?
by Malinthe Samarakoon on 2009 February 20 at pm 1:09. #
firmware දාන්න මං මීට කලින් flash menu install කරල තියෙනවා
by champike on 2009 February 20 at pm 1:11. #
FS සහ Main දෙක ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපස්සෙ a2uploader එකේ Add වලට ගිහින් ඒ දෙකම තෝරගන්න. ඊටපස්සෙ Flash බොත්තම ඔබන්න. එතකොට Firmware එක ෆ්ලෑෂ් වේවි. ඒ ඉවර වුණාම custpack එකක් දාන්න ඕන. ප්‍රවේශමෙන් කරන්න.
by Malinthe Samarakoon on 2009 February 20 at pm 1:14. #
හරි custpack එක තෝරා ගන්නේ කෙසේද?
by champike on 2009 February 20 at pm 5:57. #
මම තෝරගත්තෙ එතන තිබුණු අලුත්ම එක. Vodafone එකක්.
by Malinthe Samarakoon on 2009 February 20 at pm 6:14. #
එපා එපා…එහෙම නෙවේ,,,,
සැමවිටම Generic Cust Pack තෝරාගන්න….
එහෙම එකක් නැතිනම් English ඇති එකක්…..
Branded Cust Pack හා FS/Main තෝරාගැනීමෙන් වලකින්න……
by නාගයා on 2009 February 20 at pm 8:38. #
මට ගන්න තිබුණේ branded විතරයි. ඒ හින්දා කරන්න දෙයක් තිබුණෙ නෑ.
by Malinthe Samarakoon on 2009 February 20 at pm 8:40. #
ඕනිනම් edit කරලා ගන්න..මම නම් ඒ වැඩේ කරනවා,,,,,,ඕකෙ තියෙන්නේ xml files කීපයක්
by නාගයා on 2009 February 20 at pm 8:42. #
මලිංත අයියේ මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i. මගේ එකටත් වැඩකැලි ටිකක් දාන්න පුලුවන්ද? A2 uploader ගැන ලිපියක් දාන්නකො අපිටත් ඉගන ගන්න. මටත් ආසයි මගේ එකටත් වැඩකෑලි ටිකක් දා ගන්න. A2 uploader ලබා ගන්න Link එකකුත් දෙන්න.
by ev0luc on 2009 February 22 at pm 7:05. #
@ev0luc: a2uploader is used only for A200 phones. You’ll have to use other software for other phones. You might’ve seen the reply at SBU. All cool?
No Sinhala in this computer. Your comment was in spam, sorry about the delay
by Malinthe Samarakoon on 2009 February 22 at pm 7:49. #
මලිංත අයියේ මොනාද other software අපිට ඉගන ගන්න හොඳ ලිපියක් දාන්නකො මේ ගැන.
by ev0luc on 2009 February 22 at pm 8:50. #
මල්ලී මම එවපු ඊමේල් එක හම්බුනාද?
by නාගයා on 2009 February 22 at pm 8:52. #
@ev0luc: I haven’t used other software malli. Only a2uploader. Nagaya will give you instructions.
by Malinthe Samarakoon on 2009 February 22 at pm 8:56. #
@ නාගයා : නැහැනෙ.
@ මලිංත : අහ් බොහොම ස්තුතියි අයියා.
නාගයා හොඳ ලිපියක් දාන්න මේ ගැන
by ev0luc on 2009 February 22 at pm 9:15. #
http://www.gsmarena.com/sony_ericsson_g502-2350.php
OKA 3G 4N akak neda?
ethin video cal thibune nadda?
by namal on 2009 March 2 at am 9:12. #
@namal: නැහැ විඩියෝ කෝල් තිබුණෙ නෑ (මං හිතන්නෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා වෙන්න ඇති)
by Malinthe Samarakoon on 2009 March 12 at pm 12:48. #
ane mata meke firmware eka gena detail tiaka kiyannako..Link eka weda ne.. anika oka danaewa download karaganna thenwak ehema dennako..
mageth thiyenne G502 ekak thama..puluwan nam mail ekak danna….
by Vishma Kasun on 2010 March 13 at am 12:58. #