අල දවස

by Malinthe Samarakoon on February 4, 2009

ඔන්න ඉතින් අද වෙච්ච වැඩේ. අද නිදහස් දිනේ තමා ඒත් ඉතින් උදේ නැගිටිනකොටම මට පේන්න බැරි හෙම්බිරිස්සාව ලෝඩ් වෙලා. දවසම අල. ඒ මදිවට දවල් වීගෙන එනකොට අව්ව පායන්න ගත්තා නිකං කාන්තාරෙකට වගේ. ගස් මැලවිලා, බල්ලො පූසො වැටිච්ච තැන්වල නිදි. පෝරණුවක් වගේ කිසිම දෙයක් කරන්න හිත නෑ.

අද අප්පච්චි දවසම පරිගණකය ළඟ හින්දා කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. ටීවී එකේ බලන්න විසේස දෙයක් තිබ්බෙත් නෑ. උදේ නිදහස් දින උත්සවේ නම් ටිකක් බැලුවා. ඒකත් බලන්න කම්මැලියි ව‍ගේ. ඉතින් එහාට යනවා මෙහාට යනවා, කෑගහනවා. කැරකෙනවා. ඔළුව රිදෙනවා හොටු හූරනවා – දවසම ඉවරයි.

කිසිම දෙයක් කන්න හිතෙන්නෙත් නෑ. බොන්න හිතෙන්නෙත් නෑ. ටවුමට යන්නත් විදියක් නෑ. කාලෙකින් චිත්‍රපටයක් බැලුවෙත් නෑ. දැන් බලන්න දේකුත් නෑ. ස්නැක් ක්‍රැකර් එකක් ගෙනල්ලා හවස ඉවරයක් කරා. ඔච්චර තමයි අද දවසටම වැඩකට ඇති දේකට කළේ. :D බිපෙසි.

මේ ටිකත් ලියාගත්තෙ හෙණ කම්මැලිකමේ. තාමත් ඔළුව රිදෙනවා. හෙම්බිරිස්සාව තරම් එපාකරපු දෙයක් තවත් නෑ. හපෝයි!

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

5 comments

හෙම්බිරිස්සාව කෙසේ වෙතත් බොහොම ලක්සනට ලියල තියෙනව :D

by Anandawardhana on 2009 February 4 at pm 7:10. Reply #

හෙම්බිරිස්සාව තමයි උණට පස්සෙ තියන එපාම කරපු ලෙඩෙ. කාට හරි කිව්වත් කියන්නෙ “අයියෝ ඕවත් ලෙඩද කියලනෙ”.

by Chanux on 2009 February 4 at pm 8:03. Reply #

@Chanux: හැබෑව හැබෑව
@Anandawadhana: බොහොම පිං :D

by Malinthe Samarakoon on 2009 February 4 at pm 8:13. Reply #

වැඩක් ඇති කිසිම දෙයක් නොකලා කියන්නේ නිදහස් දිනේ උපරිමව නිදහසේ ඉඳල නේද?

by H on 2009 February 4 at pm 8:46. Reply #

@H: එහෙම කිව්වත් වරදක් නෑ මං හිතන්නෙ :D

by Malinthe Samarakoon on 2009 February 4 at pm 8:46. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.