මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

by Malinthe Samarakoon on February 23, 2009

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ ඩ්‍රයිවරයක් හොයාගත්ත. දැන් වීඩියෝ වැඩ කරනව. ශබ්දත් අවුලක් නෑ. Ethernet බොහොම අමාරුවෙන් හදාගත්ත ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. Wireless නම් වැඩ කරන්නෙම නෑ තවම.

සිංහල නම් බොහෝ දුරට වැඩ කරනවා. සිංහල keylayout එකකුත් හොයාගෙන දැම්මා. ඒකත් දෝෂ සහිතව වැඩ. මේ ගැන විස්තර ටික ඔක්කොම දුන්නා දසුන් අයියට. ඉදිරියේදි මේ ගැටළු විසඳන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

මැක් වලට එන මෘදුකාංග ගොඩක් නියමයි. මං සාමාන්‍යයෙන් දාන්න ඕන ෆයර්ෆොක්ස් සහ VLC දැම්මා. මේකෙ මෘදුකාංග ස්ථාපනය කිරීම ගොඩක් වෙලාවට පහසුයි. අපට කරන්න තියෙන්නෙ .dmg ගොනුව බාගෙන ඒකෙ තියෙන වැඩසටහන් ගොනුව Applications‍ ෆෝල්ඩරයට දාන එක විතරයි.

චැට් කටයුතු සඳහා iChat තිබුණත් මං Adium දාලා බැලුවා. ඒක නම් නියම මෘදුකාංගයක්.

iTunes නම් පුදුම හිතෙන විදියට වැඩ කරනවා. වින්ඩෝස් වලදි නම් මට පේන්න බැරිම මෘදුකාංගයක් තමයි. ඒත් මැක් වලදි ගොඩක් වේගවත්. Cover Flow එහෙම හිතන්නවත් බැරි තරම් වේගයෙන් වැඩ.

ඉතින් දැනට එපමණයි. මැක් වල සිංහල තවත් ටිකක් දියුණු වුණාට පස්සෙ ඊළඟ ලිපිය මැක් එකකින්ම ලියන්න හීනයක් තියෙනවා. :D

iTunes Coverflow

iTunes Coverflow

My Blog in Firefox (Mac)

My Blog in Firefox (Mac)

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

6 comments

හ්ම්හ්ම් :D
අර ෆොන්ට් එක හරිම ලස්සනයි නෙවැ. කාලෙකින් වෙබ් පිටුවක් එහෙම දැක්කෙ.

by Anandawardhana on 2009 February 23 at pm 5:33. Reply #

අපේ සාමාන්‍ය පරිගනක වලට Mac os දාන්න පුලුවන්ද?මචෝ මටත් බාගන්න තැනක් කියන්නකෝ….

by Kasun on 2009 February 24 at pm 2:07. Reply #

@Kasun: මෙතන තියෙනවා සම්පූර්ණ විස්තරේ: http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-නැති-අපිට-දැන්-hackintosh/

by Malinthe Samarakoon on 2009 February 24 at pm 2:20. Reply #

ආ එළ, Photoshop එහෙම දාන්න උත්සහ කලේ නැද්ද ? ඒකත් දාල වැඩ පටන්ගන්න.

by Harshana on 2009 February 24 at pm 4:58. Reply #

you can get coverflow in windows without iTunes
I dont like iTunes both as a player and a windows application(it is a good Mac OS application though)

Use Foobar2000+chronflow it uses OpenGL and runs like hot knife cutting butter :)
Anyway Mac OS is better in eye candy still i prefer ubuntu or xp :P

by madura on 2009 March 24 at pm 11:37. Reply #

@maudra: agreed :D I don’t like ubuntu or xp now but mint is nice.

by Malinthe Samarakoon on 2009 March 25 at pm 5:47. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.