ඔන්න තවත් දවසක් උදාවුණා විදුලිය නැතුව. ඊයෙ දවසත් මේ වගේම තමයි. ඉතින් කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ඉන්නකොට තමයි මේක ලියන්න හිතුණෙ.

ෆෝන් එකෙන් සිංහල ලියන එක දැන් ටිකක් පුරුදුයි. ෆෝන් බ්‍රවුසරය හෙමින් වැඩ කරන නිසා ඔපෙරා වලට හරියන්න ටිකක් වෙනස් කරා. ඒත් ඉතින් මේකෙන් ටයිප් කරන එක ගොඩක් වෙලා යන වැඩක්.

ඊයෙ විදුලිය නැති හින්දා පිස්සුවෙන් වගේ හිටියෙ. මම විදුලි බලයෙන් වැඩ කරන රොබෝ කෙනෙක් වෙලාද මන්දා. මොනිටර් එකකින් එලියක් පේන්න නැතිනම් හරිම අමාරුයි. එක නිකන් ජීවිතේට නැතුවම බැරි දෙයක් වෙලා. අන්තිමයි.

ලියන්න දෙයක්වත් හිතාගන්න බෑ. මොළේ නිකං හයිබර්නේට් වෙලා වගේ.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. මේ දවස් වල ජීවිතේ
  2. දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල
  3. ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ
  4. ජංගම දුරකථන කතා
  5. A Short Note