Airtel, SLT නිමා නොවන චාරිකාව සහ තවත් කතා
by Malinthe Samarakoon on March 27, 2009
ඔන්න ඉතින් අද ගියා ටවුමට. මේ පාර මොබිටෙල් එකේ දත්ත භාවිතය සතියකට විතර කලින් පැනපු හින්ද හරිම අවුලක් වෙලා තියෙන්නෙ. ඉතින් එයාටෙල් එකේ අන්ලිමිටඩ් පාරක්වත් දාගන්න ඕන කියලා කල්පනා කරා. සම්බන්ධතාවය නම් එච්චරම stable නැති කතාවකුත් ඇහුණා. ඒත් ඉතින් අන්ලිමිටඩ්නෙ
කොහොම වුණත් ඉතින් මෙහෙට අනිවාර්යයෙන්ම සංඥා ප්‍රශ්න එන බව දන්න හින්දා සහ network search එකක් දැම්මම එයාටෙල් එක පේන්නෙවත් නැති හින්දා මුලින්ම prepaid එකක් ගන්න කල්පනා කරා.
ඉතින් ගියා Airtel එක පැත්තට. ගත්තා ප්‍රීපේඩ් සිම් එකක්. මෙතන පාරිභෝගික සේවාව නම් ගොඩක් හොඳ පාටක් පෙනුණා. කලින් පාරක් ඩයලොග් එකට ගිහින් හිටපු එක්කෙනෙක්ගේ බෙරි වුණු අල සේවාවත්, එතනම හිටපු තවත් කෙනෙක්ගේ උසස් සේවාවත් අත්විඳල තියෙනවා. මොබිටෙල් එකේ නම් සේවාවේ අවුලක් නෑ ඒත් මූණු වල හිනාව මදි.
මගේ කොණ්ඩෙත් අම්බානක වැවිලා තිබ්බෙ. කොච්චර වැවුණත් හැබැයි ඉතින් කපන්න කම්මැලියි.
ඒත් ඉතින් ගොඩක් වැවුණමත් හරිම අමාරුයි. මල වදයක්. ඉතින් වැනි වැනි ගිහිල්ල කොණ්ඩෙත් කපාගත්තා. හික්, ඔළුවෙන් බරක් අයින් කරා වගේ. මාර කූල්
සිම් එක දාලා බැලුවා ෆෝන් එකට කොණ්ඩෙ කපන්න කලින්. අවුලක් නම් පේන්න තිබ්බෙ නෑ. ඒත් HSDPA සිග්නල් අඩුයි වගේ.
ඉතිං මේ වැඩේට පස්සෙ ගියා නුවර SLT එකට. ADSL වැඩේට මොකක්හරි කරගන්න කියලා හිතාගෙන. කොහෙද… ඒකත් හැමදාම අල. නිමා නොවන චාරිකාවක්ම තමා. මෙහෙට ලූප් නැතිලු. මොන කෙහෙල්මලක්ද කියලා හිතෙන් බැන බැන ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා දසුන් අයියත් එක්ක SLT එකට අම්බානක බැන්නා.
ගෙදර ඇවිත් Airtel සිම් එක දාලා බලද්දි 2G නම් වැඩ. ඒත් 3G පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං ඒ වැඩෙත් ඉවරයි.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
14 comments
ඔය limit එක පැනගෙන තියෙන්නෙ. ඇපල් ඇපල් කිය කිය ඉන්නකොට මං හිතුවා මාසෙ අන්තිමට ඕක කියයි කියලා.
කොණ්ඩෙ කපා ගත්තෙත් Airtell shop එකෙන්මද?
by si-blog.chathura.co.cc/ on 2009 March 27 at pm 10:15. #
කොහෙද මම උඹට කිව්ව හුලන්ටෙල් 3G අපිටත් නෑ කියලා…..අපරාදේ සිම් එකේ සල්ලි
දැන් ඉතින් මාසෙට 49ක් ගෙවලා ශත49 ට මල්වත් කඩපන් අර රූප පෙට්ටියේ පෙන්නන විදියට
by නාගයා on 2009 March 28 at am 12:51. #
අපිටත් SLT එකට නිමා නොවන චාරිකා තමයි.
මම නම් SLT එකට චාරිකා යන එක නිමා කරලා දැම්මා බැරිම තැන.
දැන් නම් Dialog Rox කිය කිය ඉන්නවා (තව දවස් කීයක් මෙහෙම කියයිද දන්නෙ නෑ)
SLT නම් මහ $&*(%^%*(*(*%564^$*&*$#*”
by ගයන්ත on 2009 March 28 at am 8:15. #
අය්යන්ඩි නුවර කොහෙද ඉන්නේ
මමනම් දිගනේ අපිට හුලන්ටෙල් 2G/3G
එතකොට ඩයලොග් 2G/3G
මොබිටෙල් 2G/3G
ටීගෝ 2G
හච් 2G
ඔක්කොම වැඩ
by Manushan on 2009 March 28 at am 8:27. #
ඔකත් කජ්ජක්යැ? ඔය බලන්නකෝ ඕන තරම් පෝසට්!
by -බිன்ku- on 2009 March 28 at pm 2:32. #
මොකද ගයන්ත මලයො SLT චාරිකාව නිමා කලේ? මම නම් චාරිකාව අලුතෙන්ම පටන්ගත්තා IPTV එක්ක
by කිසංක on 2009 March 28 at pm 3:44. #
මෙහෙටත් නැති සිග්නල් ඔහෙට තියෙයිද? හික්
by Thilina on 2009 March 28 at pm 4:04. #
බින්කු මලේ ඔය පැත්තටනම් හුලංටෙල් සිග්නල් හොදට ඇති නේද? SLT ADSL ලගදිම ඔය පැත්තට එයි .(HIK)
by දිසා on 2009 March 28 at pm 6:23. #
“සිම් එක දාලා බැලුවා ෆෝන් එකට කොණ්ඩෙ කපන්න කලින්. අවුලක් නම් පේන්න තිබ්බෙ නෑ. ඒත් HSDPA සිග්නල් අඩුයි වගේ.”
කොන්ඩෙ කැපුවට පස්සෙ සිග්නල් ලැබෙන්න ගත්තද කියල මේකෙ සඳහන් නොවීම අඩුවක්.
අනිත් එක ගෙදරදී කොන්ඩෙ නොකපා සිග්නල් පරීක්ෂා කරන්න බැරි වීමත් අඩුවක් නෙව.
මේකෙන් කිසිම නිගමනයක් ගන්න බෑ සිග්නල් ගැන
by Anandawardhana on 2009 March 29 at am 8:13. #
ඒක ඇත්ත. හුලංටෙල් 3G කුරුණෑගලත් හොයාගන්න නෑ
හුලංටවත් එන්නෙ නෑනෙ
by Malinda on 2009 April 1 at pm 12:40. #
කුරුණෑගල ටවුමට නම් එනවානෙ? මට වාරියපොලටත් ආවා වගේ මතකයි…..
by නාගයා on 2009 April 1 at pm 12:44. #
ඒක තමා. කොලඹ ඉදන් එද්දි මගටනම් තියනව. ඒත් මෙහාට නෑනෙ. ඉදල හිටලවත් එනවද දන්නෙ නෑ
by මාලින්ද on 2009 April 1 at pm 1:11. #
අනේ යකෝ, හිනාව බලල වැඩක් නෑ , කොහොම හරි ඉක්මනට වැඩේ කරගන්න උත්සහ කරන්න ඔය පාරිභෝගික සහය ගන්න තැන්වල. හික් හික්
by හර්ෂණ on 2009 April 9 at pm 10:09. #
මමත් කැන්ඩි… මම මෙ බොලොග් එකට කැමතියි… මරු
by අරුණ on 2009 August 27 at pm 2:20. #