Another ‘ala’ day
by Malinthe Samarakoon on March 29, 2009
ඔන්න තවත් දවසක් උදාවුණා විදුලිය නැතුව. ඊයෙ දවසත් මේ වගේම තමයි. ඉතින් කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ඉන්නකොට තමයි මේක ලියන්න හිතුණෙ.
ෆෝන් එකෙන් සිංහල ලියන එක දැන් ටිකක් පුරුදුයි. ෆෝන් බ්‍රවුසරය හෙමින් වැඩ කරන නිසා ඔපෙරා වලට හරියන්න ටිකක් වෙනස් කරා. ඒත් ඉතින් මේකෙන් ටයිප් කරන එක ගොඩක් වෙලා යන වැඩක්.
ඊයෙ විදුලිය නැති හින්දා පිස්සුවෙන් වගේ හිටියෙ. මම විදුලි බලයෙන් වැඩ කරන රොබෝ කෙනෙක් වෙලාද මන්දා. මොනිටර් එකකින් එලියක් පේන්න නැතිනම් හරිම අමාරුයි. එක නිකන් ජීවිතේට නැතුවම බැරි දෙයක් වෙලා. අන්තිමයි.
ලියන්න දෙයක්වත් හිතාගන්න බෑ. මොළේ නිකං හයිබර්නේට් වෙලා වගේ.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
7 comments
අද Earth Hour 2009 නේ, ඒකට ලයිට් නොදා හිටියා කියල හිත හදාගන්න
http://www.google.com/intl/en/earthhour/2009/
by Kalinga on 2009 March 29 at pm 12:44. #
ගනන් ගන්න එපා මල්ලි.ඕක ඈරිලා යාවි[ලයිට් ආවාම]
by nuwan on 2009 March 29 at pm 1:53. #
“මොනිටර් එකකින් එලියක් පේන්න නැතිනම් හරිම අමාරුයි.”
මොනිටරේ ගාවින් පත්තුකරපු ඉටිපන්දමක් ගහන්න
by ඩනිෂ්ක on 2009 March 29 at pm 2:05. #
“මොනිටරේ ගාවින් පත්තුකරපු ඉටිපන්දමක් ගහන්න”
සිරාම maxxa කතාව
by Dili on 2009 March 29 at pm 2:53. #
ඩනිෂ්ක අයියාගේ ටිකිරි මොලේ කොහොමද?
by -බිன்ku- on 2009 March 29 at pm 7:56. #
I’m reading this from my phone. But how to write Sinhalese from the phone ?
by K FLYER on 2009 April 10 at pm 7:28. #
@K Flyer: Check this: http://blog.malinthe.com/2009/03/24/test-post/
by Malinthe Samarakoon on 2009 April 10 at pm 7:34. #