පිස්සුව වැඩි වුණාවත්ද?
by Malinthe Samarakoon on March 12, 2009
ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ ගැන ආරංචි වෙන්නත් ඇති
මේක පිළිවෙලකට අලුත් කරගන්නකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ. කොහොමහරි ඒකත් ඉවරයි. ඉතින් ඊටපස්සෙ මොකද කළේ? දැම්මා මැකින්ටොෂ්. ඕක කරගන්න තමයි ගොඩක්ම මග බලාගෙන හිටියෙ. ඒ වැඩෙත් ලස්සනට වුණා. නෑ. එහෙමමත් නෙවෙයි
දෙතුන් පාරක් දාන්න වුණා පොඩි මැටි වැඩ ටිකක් කරන්න ගිය නිසා. 10.5.2 දැම්මට පස්සෙ වීඩියෝ වැඩ කළේ නෑ හරියට. ඒ කියන්නෙ කාඩ් එකේ ඩ්‍රයිවර් අවුලක්. හොයලා හොයලා අන්තිමට හම්බවුණු විසඳුමට 10.5.5 තියෙන්න ඕනලු. ඉතින් අන්තර්ජාලෙන් හොයාගත්ත පරණ ක්‍රමයකට 10.5.6 වලට යාවත්කාල කරන්න ගිහින් ඔක්කොම අලවුණා. මං ඉතින් නිකං හිටියෙ නෑ. ආයෙත් ට්‍රයි කළා. දෙතුන් පාරක් ඔහොම වුණාට පස්සෙ ආයෙ පොඩ්ඩක් හොයල බලද්දි 10.5.6 වලට යන්න පැච් වගයක් හම්බවුණා. ඒ ටික දැම්මට පස්සෙ වැඩේ හරිගියා. ඒකට වීඩියො ඩ්‍රයිවරේ දැම්මම ඒකත් වැඩ. Resolution මාරු කරද්දි පොඩි අලයක් එනවා. ඒක නම් රීස්ටාට් කරාම හරියනවා. එවෙලෙ මවුස් එකයි යතුරුපුවරුවයි වැඩ නොකර ගිය හින්දා ටිකක් තදවුණා. ඒකටත් පැච් එකක් දැම්මා
ඉතින් මට දැන් වින්ඩෝස් එක්ස්පී ඇති වෙලා තියෙන හින්දා ඒකටත් මොකක්හරි කරන්න ඕන කියලා ඊයෙ විස්ටා දැම්මා. මල්ලි නම් ඕක දාන්න එපා මොකද එදාම අයින් කරන්න ඉඩ තියෙනවා කියලා. මාත් ඉතින් නෑ එහෙම වෙන්නෙ නෑ කිය කිය දැම්මා. මොකද වුණේ? කොහොමත් පැය කීපයක් ඇතුළත ඒක ඇතිවුණා
ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා වින්ඩෝස් 7. මල්ලි ඒක දානවටත් කැමති වුණේ නෑ මොකද මේක බීටා එකක් හින්ද. මං ඉතින් නිදහසට කරුණු ගොඩක් ඉදිරිපත් කරා. පොර convince වෙන්නෙම නෑ. හික්. කොහොම වුණත් මං වින්ඩෝස් 7 වලට කැමතියි. එකම අවුලකට තියෙන්නෙ මේක බීටා හින්දා අගෝස්තු වල අල වෙන එක.
ඉතින් පහුගිය දවස් ටිකේ මෙහෙයුම් පද්ධති 4 දැන් තුනකට බැහැලා තියෙන්නෙ. මැක්, වින්ඩෝස් 7 සහ මින්ට්. මින්ට් නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ දැන්. හදිසියකට මිසක්.
ඔහොම තමයි ඉතින් මේ දවස් වල.
අද ටවුමට ගිහින් ආව. මේ දවස් වල දළදා ප්‍රදර්ශනේ හින්දා පුදුම සෙනගක් ඉන්නෙ. උදේ දහය එකොළහ වෙනකොට පෝලිම් පිරිලා ඉවරයි. මහා දිග පෝලිම්. ටවුමෙ වාහන තදබදයත් මේ දවස් වල ටිකක් වැඩියි. අද ඊයෙ එහෙම උදේ හොඳට පායනවා. මාර රස්නෙයි. ඒත් හවස් වෙනකොට අනිවාර්යයෙන් වහිනවා.
ඉතිං ඔච්චර තමයි. ආයෙ වෙලාවක තව මොනහරි ලියන්නම්.
14 comments
හික් හික්!! එළ එළ
සුභ පැතුම් වේවා..
anyway, කොම්පීතරේ ගත්ත කිවුවහම අපිට specifications ටික දිවැසින් පේනවද?
by ගයන්ත on 2009 March 12 at pm 2:52. #
ඉතින් ඔහොම OS දෙක තුනක් දාල HDD එකේ gigabyte 10-15 කට ඇරගන්නෙ මොකටෙයි? අපරාදෙ හිතෙන්නෙ නැද්ද?
මම මේ ඉඩ මදි නිසා 250GB HDD එකක් ගත්ත. බලන්නකෝ මට අමතක උනානෙ IDE > SATA power convertor එකක් ගන්න. දැන් ඉතින් ඒක ගන්න ආයිත් යන්න ඕනෙ..
by Harshadewa Ariyasinghe on 2009 March 12 at pm 3:02. #
@ගයන්ත: ඒකෙ නම් ඉතින් විසේසයක් නෑ. C2D proc එකකුයි (යාලුවො නම් කිව්ව AMD යන්න කියල ඒත් පස්සෙ Intel ම ගියා), ගිගාබයිට් දෙකක රැම් එකකුයි, 9500GT ග්‍රැෆික් කාඩ් එකකුයි තමා.
@හර්ෂදේව: එහෙම හිතෙන්නෙ නෑ නෙව
මට පිස්සු කියලා කට්ටිය කියන්නෙ ඒ හින්දා වෙන්න ඇති සමහරවිට.
by Malinthe Samarakoon on 2009 March 12 at pm 3:08. #
අගොස්තුවෙ වෙන අල ගැන දුක්වෙන්නේ මක්කටැයි.වින්ඩෝස් 7 ඔරජිනල් එකේ කොපි එවෙනකෙට එනවා.
by දිසා on 2009 March 12 at pm 4:14. #
Mackintosh OS එක ගන්න පුලුවන් කොහෙන්ද?
Download කර ගන්න පුලුවන් site එකක් තියෙනවද?
Virtual Box වලට දාල පාවිච්චි කරන්න පුලුවන්ද?
by Mevan on 2009 March 12 at pm 7:17. #
@Mevan: මේක බලන්න
by Malinthe Samarakoon on 2009 March 12 at pm 8:01. #
actually what do you do with this 3 os ?
by buddhika on 2009 March 14 at pm 10:25. #
@buddhika: nothing much actually
Mac is just for fun and occasional browsing and music, Mint for emergencies (when things go wrong) and win7 pretty much everything
by Malinthe Samarakoon on 2009 March 14 at pm 10:28. #
ආ… මම මේක ලියන්නේ OpenId test කරන්නත් එක්ක
..
මේ… ඒක නෙවෙයි, දළදා බලන්න ගියේ නැද්ද?
by සුපුන් සුදාරක on 2009 March 15 at pm 1:43. #
Mac OS DVD ekak post karanawada? siyaluma charge gewannam (post charge & empty DVD charge)
by Thilina on 2009 March 16 at am 8:59. #
ගෙදර කවුරැත් නැද්ද reply ඒකක් නෑනෙ ????
by Thilina on 2009 March 21 at am 9:43. #
සමාවෙන්න ඕනේ. ආපහු පාරක් OpenID testing 1.2..3…
by සුපුන් සුදාරක on 2009 March 24 at pm 8:55. #
@ සුදාරක
සුදාරක මලේ! උඹ මලින්තව ද වඳුරට තෝරගෙන ඉන්නේ?
by ගයන්ත on 2009 March 24 at pm 9:55. #
@සුදාරක: වැඩ වැඩ
by Malinthe Samarakoon on 2009 March 24 at pm 9:59. #