Mobitel M3 අල සහ තවත් කතා
by Malinthe Samarakoon on March 30, 2009
ඔන්න ඉතින් අද නාගයාත් එක්ක ටවුමෙ රවුම් ගහලා, කකුල් දෙක පණ නැතුව ආවා ගෙදර. කාලෙකින් ඇවිදින්න ගියේ
ඉතිං හවස ජාලෙ සැරිසරමින් ඉන්නකොට අපේ කාලිංග සහෝදරයා දමල ගැහුවෙ නැතෑ speedtest.net රිසල්ට් එකක් M3 එකකින්. හප්පොච්චියෙ මට නිකං පිස්සු වගේ. මේ තියෙන්නෙ ඔය රිසල්ට් එක තමා:


එතකොට තමයි මට මීටර් වුණේ මට එච්චර වේගයක් ලැබෙන්නෙ නෑ නේද කියලා. ඉතිං නිකමට වගේ ආයෙ පාරක් ටෙස්ට් දෙක තුනක් දාලා බලද්දි තමයි පේන්න ගත්තෙ මේක අල පාත්තියක් කියලා. (මේක 3.6mbps සම්බන්ධතාවය)
මෙන්න ඉතිං ඔය රිසල්ට්ස් කීපයක්:





ඉතිං ඔහොම තමා තත්වෙ. වැඩේ කියන්නෙ මොබිටෙල් සිග්නල් උපරිමව තියෙන එක. ඩයලොග් HSDPA නම් අහලකවත් නෑ. හුලංටෙලුත් එහෙම තමා. මොකක්ද මේ වෙන්න යන්නෙ? කොළඹට කිරි ගමට කැකිරිද ???
ඔව් ඉතින් 1mbps ඇති කියලා කියාවි. ඒකත් ඉතින් හැමතිස්සෙම එන එකක් නෙවෙයිනෙ.
මේ පැකේජ් එක 3.6 කියන හින්දා, අඩුම තරමේ 2mbps වලින්වත් මොකක්හරි බාන්න තිබ්බනම් නරකද? (ආසාවට)
Update:
හදිස්සි වුණා වැඩිද මන්දා. අද උදේ බැලුවා වේගයෙන් වෙනස් වෙලා


Related posts - ආශ්‍රිත ලිපි:
5 comments
මෙහාට අැවිල්ලා පදිංචි වෙන්ඩ, හික්….. මෙන්න මගේ Mobitel 1mbps conn. ඒකේ speed ඒක, වැඩිපුරත් ඒනවා.. හික් හික‍්
http://www.speedtest.net/result/440658258.png
http://www.speedtest.net/result/438816128.png
by Thilina on 2009 March 30 at pm 9:21. #
මම ඉන්නෙ ආතල් Tower එකක් සෙවනේ…
ඒ Tower එකේ අපේ ගෙවල් පැත්තට WiMax නෑ. අනිත් පැත්තට තියෙනවා.
අපේ පැත්තට උපරිම 1.5Mb අනිත් පැත්තට කතා නැතුව 2Mb පනිනවා…
http://www.speedtest.net/result/440671234.png
by ගයන්ත on 2009 March 30 at pm 9:38. #
Macho,
Mobitel Aluth Post Paid packges demma…
ekata podi blog ekak dapan…
http://mobitel.lk/postpaid/doublem.html
by Krish on 2009 March 31 at am 10:26. #
මේ දාල තියෙන්නේ.
අපි නම් ඉතින් නිමා නොවන චාරිකාවෙනේ.
by ගයාන් තාරක on 2009 March 31 at pm 8:57. #
හැබැයි මගෙ 1mbps. ඒක 1mbps ම එනව රෑට. දවල්ට ටිකක් අඩුයි. ඒත් ගානක් නෑ. මොකද අපේ ගෙදරට සිග්නල් අවුල්
by මාලින්ද on 2009 April 1 at pm 12:42. #