Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more

by Malinthe Samarakoon on May 8, 2009

හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ :D

ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි ක්‍රමේකින් වැඩියෙන් බාගන්න පුළුවන් විදි ගැන. ඉතින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩේට පොඩ්ඩක් අත තියලා බලන්න හිතුණා. වැඩේ තියෙන්නෙ මෙහෙට ඩයලොග් 3G සිග්නල් නැති එක තමයි.

එහෙම වුණත් ඕන කෙහෙල්මලක් කියලා මං Mobile Partner එකෙන් WCDMA Only දාලා බැලුවා. ඩයලොග් WCDMA සම්බන්ධ වෙනවා හැබැයි signal strength එකක් නෑ :D මෙතන තිබ්බ විදියට අවශ්‍ය වැඩ ටික කරලා සම්බන්ධ වෙලා බැලුවා. මෙන්න බොලේ වැඩ.

මං රුපියල් පනහේ එක තමා දාලා බැලුවේ. ඒකෙන් පැය දෙකක් විතර වැඩ ගන්න පුළුවන්නෙ. ඉතින් උබුන්ටු දාලා තිබ්බ එක resume කරලා දැම්මා. කලින් පොඩ්ඩක් බාලා තිබ්බෙ. ඉතින් පැය දෙක ඇතුළත ඒකයි, Guns N’ Roses ලගේ ඇල්බම් එකකුයි බාගත්තා.

Dialog Prepaid Broadband

Dialog Prepaid Broadband

අද මොබිටෙල් නම් හොඳට ගාටනව. ආරංචි කීපයක් ආව SLT එකේ අවුලක් කියලත්. කොහොම වුණත් ඩයලොග් මගින් ලැබුණු වේගය නම් වරදක් නෑ (stable ගතියක් නම් පේන්න නෑ තමයි) ඒත් සිග්නල් ඇත්තෙත් නැති හින්ද ඒකට සමාව දෙන්න පුළුවන්ද? මොඩම් එක නම් අම්බානක රත් වුණා. මොබිටෙල් එකෙනුත් මේ වගේ වේගයක් එනවනම් නියමයි :D

ඉතින් උබුන්ටුත් දාලා බැලුවා. වරදක් නෑ. E220 එක ආරම්භයේදීම හොයාගෙන අවශ්‍ය සේවා සපයන්නා තෝරගන්න එහෙම අවශ්‍ය පහසුකම් තියෙනවා. Mac වල තියෙන Growl වගේ notification පද්ධතියක් දැක්කා. තව ‍වැඩිපුර තිම් වගයකුත් තිබ්බා. ඉතින් ඔච්චර තමයි. වැඩිය අතපත ගාන්න ගියේ නෑ. ඉන්ස්ටෝල් කරන්න විදියකුත් නෑනෙ. අලුත් හාඩ් ඩිස්ක් එකක් ගන්න වෙයි ව‍ගේ.

මෙන්න අපේ මොබිටෙල් එක අද හැසිරෙන හැටි:

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

10 comments

“අපේ මොබිටෙල් එක” කියන්නෙ mobitel එකත් එක්ක මුකුත් විශේෂ connection එකක් තියෙනවද? :-)

by Isuru Udana on 2009 May 8 at pm 3:58. Reply #

එළ එළ… මමත් Dialog Prepaid Broadband පාවිච්චි කරනවා. stable නම් නෑ තමයි. ඒත් 250KBps – 300KBps ත් අතර එනවා. මම දැන් alias season 5 බානවා. resume කරන කොට අවුලක් ආවෙ නැද්ද?
http://thilinabuwa.blogspot.com/2009/04/dialog-broadband.html

by Thilina on 2009 May 8 at pm 4:04. Reply #

@Isuru: නෑ නෑ නිකං ජොලියට කිව්වෙ :D මෙච්චර කලක් පාවිච්චි කරපු එකනෙ
@Thilina: නෑ අවුලක් වුණේ නෑ

by Malinthe Samarakoon on 2009 May 8 at pm 4:11. Reply #

ඔය Dialog එකට කීයක් ගෙවනවද? මං ගත්ත Airtel unlimited එක.මේ දවස්වල අන්තිම සවුත්තුයි.

by කැස්බෑවා on 2009 May 8 at pm 5:47. Reply #

@කැස්බෑවා: මේ ඩයලොග් ප්‍රීපේඩ්, රුපියල් පනහට පැය දෙකයි

by Malinthe Samarakoon on 2009 May 8 at pm 7:16. Reply #

මින්ට් RC1 ඇවිල්ලා කියලා තියෙන විදියට නම් ගොඩක් දේවල් අලුත් වෙලා තවත් ලස්සනත් වෙලා. Mint Menu එක දැන් Win Key එකට වැඩ ක‍රනවලු. මං නම් Final එක release වුණාමයි ගන්නේ. උඹ ඉතිං Beta Tester නේ. :P දාලා බලපං. ආ… ඕවා download ක‍රලා Internet බිල නැග්ගා කියලා නම් කියන්න එපා. :P :lol:

by චතුRaaZ on 2009 May 8 at pm 7:40. Reply #

මම මගේ පරිගණකයට අලුතෙන් XP ගහල Dialog Prepaid වලින් තමයි මුලින්ම ඉන්‍ටනෙටි ගියේ. එදා තමයි මම මුලින්ම HSDPA Modem එකකින් ඉන්ටනෙට් ගියේ (Modem එක යාලුවෙක්ගෙ මේ දවස් වල රිම් එකෙන් හින්ද සල්ලිත් නෑ Modem එකක් ගන්න ,ගෙදරින් සල්ලි ඉල්ලුවම A/L බම්බුව හින්ද දෙන්නෙත් නෑ, ඔයාලා දන්නවනං HSBC Credit Card වලට පහසු ගෙවීමේ ක්‍රමයට Modem දෙන තැනක් කියන්න, පිං සිද්ද වෙනව ). ප්‍රෂ්නෙ මේකයි, Dialog Prepaid වලින් මුලින්ම ඉන්‍ටනෙටි ගිය දවසේ මරු, දවල් 50KBps විතර රෑ 8:00 ඉදන් 70KBps විතර ආවා. සතුටටත් එක්ක ඊ ලඟ දවසේ රු 475 හේ පැය 24 පැකේජ් එක ඇක්ටිව් කරල ඉන්‍ටනෙටි ගියා, අවුලක් නෑ. මෙන්න යකෝ 3වැනි ද‍වසෙ ඉඳන් වේගයක් නැත්තටම නෑ වගෙයි. IDM Download එකක් යනවද, ඓහෙනං ඉතින් internet surfing නෑ. මටත් නැග්ගා නැගිල්ලක්(හැබැයි මලින්ත අයියට වඩා පොඩ්ඩක් විතර අඩුවෙන්), දවසෙම චෙක් කළා ඒත් වේගෙ නං අඩුවුනේ නෑ. වයිරස් එකක් ද දන්නෙ නෑ. මයෙ වයිරස් ආරක්ෂකයා Avira Free. මොකක් ද දන්නෑ අවුල නේද?

by සහන් මලයා on 2009 September 2 at pm 10:56. Reply #

ඩයලොග් එකෙ පැය 24 පැකේජ් එකේ FUP තියෙනවලු නේද? පොඩ්ඩක් හොයල බලන්න ඒ ගැන. ඒ හින්ද වෙන්න ඇති සමහරවිට ස්පීඩ් එක අඩුවෙන්නෙ.

by Malinthe Samarakoon on 2009 September 2 at pm 10:59. Reply #

අඩුවට ගන්න තැනක් දන්නවද

by Kamal Anuradha on 2009 October 5 at am 12:53. Reply #

මගෙ mobitel connection එක slow.speed කරන්න විදියක් දන්නවද?

by Malitha Madushan on 2010 March 30 at am 11:57. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.