ජංගම දුරකථන කතා
by Malinthe Samarakoon on June 3, 2009
ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක්
ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා සන්තෑසියක් වුණා. බස් එකේ යන අතරතුර ඒක හොරකමකට ලක්වුණා
අප්පච්චිත් එක්ක මොකක්හරි වැඩකට යන්න පේරාදෙණිය බස් එකක නැග්ග අතරතුර තමයි ඕක වුණේ. බස් එකේදි හිටගෙන ඉඳිද්දිත් සාක්කුවේ ෆෝන් එක තිබ්බ බව මතකයි. කොහොමහරි බස් එකෙන් බැහැලා ටික වෙලාවකට පස්සෙ අම්මගෙ නම්බර් එක බලන්න කියලා ෆෝන් එක හොයද්දි තමයි ඒක නැති බව තේරුණේ.
ඒ වෙලාවට එන හැඟීම මාර අමුතුයි. හදගැස්ම වැඩිවෙනව. ෆෝන් එක ඉවරයි නේද කියල හිතෙනව. හපොයි කියල හිතෙනව. ඔහොම තමයි ඉතින්
මං ඉතින් අප්පච්චිගෙ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරලා බැලුවා. වෙනක කරන්න දේකුත් නෑනෙ. රිංග් වෙනව. ඒත් ගන්නෙ නෑ. ඔහොම කිහිප සැරයක්ම ට්‍රයි කරලා බැලුවා ඒත් ඒක ගත්තු භූතයා ඕෆ් කරන්න ඇති.
දැන් ඉතින් ඒක ඉවරටම ඉවරයි කියලා හිතුණු හින්ද මං මුලින්ම කරේ නෙට් කැෆේ එකකට දුවපු එක. ගිහිල්ලා මගේ ඊමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ඔක්කොගෙම මුරපද ටික වෙනස් කළා. ඊටපස්සෙ කෙලින්ම මොබිටෙල් එකට දිව්ව. එවෙලෙම සිම් එක අක්‍රිය කරලා දාලා රුපියල් සීයක් දීලා එවෙලෙම ඒ අංකයටම සිම් එකක් ගත්ත. ඊටපස්සෙ ෆෝන් කඩ දෙක තුනකට ගිහිල්ල බැලුව K850 එකක් හොයාගන්න තියෙයිද කියලා. තිබ්බෙ නෑ. ඉතින් ඔහොම කැරකි කැරකි ඉඳලා අප්පච්චිගෙ යාලුවෙක් ගාවට ගියා. එයා දන්න තැනකට කතාකරල ඒ පැත්තට ගිහින් බලද්දි වෙලාවට තිබ්බ බඩු. ඉතින් K850 එකත් අරගෙන ආවා ගෙදර.
ඉතින් දුකයි සතුටයි මිශ්‍ර වුණු හැඟීමක් තමයි තිබ්බෙ. කලින් එක නැතිවුණු එක ගැන නම් ගොඩක් දුකයි. හොඳ ෆෝන් එකක්. හොඳට වැඩ කරා. එතරම් හොඳ කැමරාවක් නොතිබුණත් ගොඩක් හොඳ පින්තූර ගොඩක් ගත්ත. අවශ්‍ය හැම මොහොතකම හොඳින් සේවය ලබාදුන්නා.
ඉතින් අලුත් එක ගෙදර ගෙනත් MyPhoneExplorer එකේ පිහිටෙන් පරණ පණිවිඩ, දුරකථන අංක ආදිය ආයෙමත් අලුත් එකට හුවමාරු කළා. Sony Ericsson වලට මං ගොඩක් කැමති වෙන්න හේතුවක් තමයි මේ වැඩසටහනත්.
මේකෙ 5mp කැමරාවක් සහ xenon ෆ්ලෑෂ් එකක් තියෙන හින්ද මං මේකට දැන් ගොඩක් කැමතියි. ඡායාරූප වුණත් නරකම නෑ. හැබැයි කලින් එකේ තරම් saturation නැති හින්ද වෙන camdriver එකක් දැම්ම. දැන් නම් අවුලක් නෑ.
ඉතින් ඊයෙ මේකෙත් පොඩි ලෙඩක් ආව. ඉස්සරහ ස්පීකරේ වැඩ කරන්නෙ නැතුව ගියා. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවත් හරියන පාටක් නෑ. ඉතින් හවස් වෙලා ගියා ගත්තු තැනටම හදාගන්න පුළුවන්ද බලන්න. එතනට යනකොට ගොඩක් හවස් වුණු හින්දා එතන අය කිව්වෙ නැතෑ හෙට උදේට එන්න කියලා. ඉතිං කොරන්න දෙයක් නෑනෙ. ආයෙමත් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අතපත ගගා ඉන්නකොට මෙන්න ඒක වැඩ කරන්න ගත්ත!
හික් බස් එකේ අම්බානක හිරවෙලා දාඩිය පෙරාගෙන පැයක් විතර කාලේ නාස්ති කරේ අපරාදෙ කියලා හිතුණා. මොනව කරන්නද ඉතින් ඔහොම තමා ජීවිතේ.
අදට මෙච්චරයි.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
11 comments
මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා G502 දුරකථනයට. මමත් අවුරුදු 2 කට විතර කලින් මෝටරෝලා Motorola V3 black එකක් අරගෙන දවස් 6 කට පස්සේ phone එක නැති වුනා. ඒ වෙලාවේ ඒක ගත්තු එකාගේ පරම්පරාවම මතක් වුනා. මොනව කරන්නද? ඒවගේම K850 ක පරිස්සම් කරගන්න. Apple iPhone එකක් එහෙම ගන්න බැලුවේ නැද්ද? හික්…හික්…
by Thilina on 2009 June 3 at am 10:25. #
කතාවනම් හරි G502 නම් කිසි කරදරයක් නැති ෆෝන් එකක්. මාත් දැන් මාස 8ක විතර ඉඳන් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඒක හරි uncommon. හැබැයි කීපෑඩ් එක නම් ටික කාලෙකින් අල වෙනවා. ඒකෙ තියෙන්නෙ nokia එකෙනුත් පාවිච්චිය නතර කරපු ප්ලාස්ටික් එකකින් හදපු එකක්. ඒ කෙසේ වෙතත් ඔයාගේ G502 එක වෙනුවෙන් මගේ කනගාටුව.
by චම්පික on 2009 June 3 at am 11:07. #
අපරාදෙ තමා. මටත් ඔහොම නැතිවෙල තියනව. එතකොට මාර හැගීම් තමා එන්නෙ. ඇත්තට ඇපල් එකකට ට්‍රිය කලේ නැද්ද. හැබැයි ගන්නවනම් 3G එකම ගන්න. අනික Edge නිසා එපාවෙනව
by මාලින්ද on 2009 June 3 at pm 12:28. #
අපරාදේ G 502 එක
අනේ අම්මපා මේ උන්දැට අරක නැති වෙච්ච එක ගානක් නෑනේ එවෙලෙම ගිහින් K850 අරගේන
K850 එළ මොබයිල් එක හැබැයි කී පැඩ් එක ටික කාලෙකින් අල වෙනවා මගේ ලග කලින් තිබ්බේ K850 එකේ එක කී එකක් ගැල උනා ඒත් ඉතින් හොදට පාවිච්චි කරා ඊට පස්සෙ මටම එපා වෙලා මාරු කරලා ගත්තා LG එකක්
by මනුශාන් on 2009 June 3 at pm 12:30. #
මගෙනම් නැතිඋනේ එක මොබයිල් එකයි, ඒක T68 එකක්, SE තමයි, ඒකත බස් එකේදී, ගොඩක් කාලෙකට කලින්, දැන්නම් හරිම පරිස්සම් තමයි, හික්…. මලින්තට මේකාලේ සිහි කල්පනාව පොඩක් වෙන පැත්තකනේ, ඉනේ කොහොද කියලා මතක නෑ… හික්.. හික්… ඕක ටිකක් කල් ගියහම හරි යනවා
by කාලිංග on 2009 June 3 at pm 12:30. #
@Thilina: මොන අයිෆෝන්ද
ගණන් වැඩියි සහ පහසුකම් අඩුයි.
අනික ෆෝන් එක නැතුව ඉන්න එක හරිම අමාරු වැඩක්.
@චම්පික: ඒක තමයි මගේ එකෙත් අරන් ටික දවසකින්ම පේන්ට් එක ගියා
@මාලින්ද: මොන ඇපල්ද බං
@මනුෂාන්: මං SE වලට ගොඩක් කැමතියිනෙ
@කාලිංග: හික් හික්
by Malinthe Samarakoon on 2009 June 3 at pm 12:47. #
අප්පට සිරි… උඹ ෆෝන් එකක් ගත්තා කිව්වට කලින් එක නැති උනා කිව්වෙ නැහැනේ… අපරාදෙ… උඹත් මාර බඩුවක් තමයි… නැති වෙලා ගෙදර යන්නත් කළින්ම අලුත් ෆෝන් එකකුත් අරගෙනනේ
by Chathura on 2009 June 3 at pm 1:45. #
@Chathura: නැතුව බෑනෙ බං
by Malinthe Samarakoon on 2009 June 3 at pm 1:46. #
අපොයි ඔය බස් විශ්වාස කරන්න එපා මල්ලි.මගේ එකත් නැති උනා පෙරාදෙනියේ ඉදලා ගෙදර එනකොට. ඒක නම් නුවර කඩුගන්නාව බස් එකක්. ඒ උනාට ඔය පේරාදෙනිය නුවර බස් වලත් පුදුම විදියට හොරු. අපේ මල්ලිගේ N70 එකටත් වැඩේ දුන්නා ලගදි. තව කැම්පස් යාලුවෝ ගොඩක් දෙනෙක්ගේ නැතිවෙලා තියනවා. කොහොම උනත් ඔයානම් අලුත් එකක් අරගනනේ ඉක්මනටම.දැන් ඒක පරිස්සමින් තියාගන්න. මම නම් මාසයක් විතර හිටිය phone එකක් නැතුව
by deeps on 2009 June 3 at pm 2:40. #
@deeps: අපොයි ඔව් අක්කෙ. දැන් නම් බොහොම පරිස්සමින් තමයි තියාගෙන ඉන්නෙ. අප්පච්චිගෙ එකටත් දැන් දවස් දෙක තුනකට කලින් වැඩේ දුන්න.
by Malinthe Samarakoon on 2009 June 3 at pm 2:42. #
අපෝ බලාගෙන ගියාම නුවර ඉන්න තරමක් ඉන්නේ රජ හොරුනේ…! එන්නේ නැහැ ඔය පැත්ත පලාතකවත්! කොහොම උනත් නැති වුනු දුරකථනය ගැන කණගාටුව..!
by malee_msg on 2009 June 4 at pm 4:53. #