වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!
by Malinthe Samarakoon on June 11, 2009
ඔන්න කාලෙකට පස්සෙ වර්ඩ්ප්‍රෙස් වෙත අලුත් අනුවාදයක් ඇවිල්ල තියෙනව. 2.8 තමයි ඒ. අද උදේ තමයි දැක්කෙ අලුත් එක නිකුත් කරලා කියලා. එතකොට තමයි පත්තු වුණේ. මොකද එතකොටත් පරිවර්තන වැඩ ඉවර වෙලා තිබ්බෙ නෑ. තව තුන්සිය ගානක් ඉවර කරන්න තිබ්බ. ඉතින් මං ටවුමට දුවලා ගිහින් කොණ්ඩෙත් කපාගෙන ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා ඉවරකරලා නිකුත් කරන්න කටයුතු කළා.
පෙනෙන හැටියට නම් 2.8 ගොඩක් හොඳයි. කලින් තිබ්බට වඩා හොඳට විජට්ටු කළමනාකරණය පිළිවෙලකට සකසලා තියෙනව. ප්ලගින කළමනාකරණයත් ටිකක් වෙනස්.
සිංහල අනුවාදය ගන්න ඕන නම් http://si.wordpress.org වෙත යන්න. කෙලින්ම යාවත්කාල කරන්නත් පුළුවන්. දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනව යාවත්කාල කරත් යාවත්කාල කිරීමක් තියෙන බවට පණිවිඩයක් එන එක. ඒක ගැන තවමත් හොයමින් ඉන්නෙ. ඒත් භාවිතයට නම් ඒක ගැටළුවක් වෙන එකක් නෑ. අවුල් තියෙනව නම් වහාම දැනුම් දෙන්න
ඒ වගේම තවත් වීශේෂ දැනුම්දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ගොඩක් අය කාලයක් බලාගෙන ඉඳපු wordpress.com සඳහා සිංහල නිකුත්කිරීම! http://si.wordpress.com
දැනට ටික දවසක් වෙනව මේක සිද්ධ වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නම් නෑ තවම. හේතුව .org සඳහා සකසපු ගොනු වලින් තමයි මේක දැනට යාවත්කාල කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන වචන වලට පරිවර්තන කටයුතු ඉවර කරන්න ඕන. කොහොම වුණත් පාලක පැනලයේ ගොඩක් කොටස් සිංහලෙන් දකින්න පුළුවන්. දැන් ඉතින් සිංහල පාවිච්චි කරන්න ඕන නම් Profile එකට ගිහින් Interface Language එක සිංහල බාසාවට මාරු කරගන්න.
All Hail WordPress!
12 comments
හපොයි, ඔන්න ඉතින් එපා කරපු වැඩේ, අයේ WP update කොරපල්ලකෝ !
by කාලිංග on 2009 June 11 at pm 5:30. #
@කාලිංග: ඇයි ඉතින් දැන් automatic update තියෙනවනෙ
by Malinthe Samarakoon on 2009 June 11 at pm 5:31. #
“WordPress.com is also available in தமிழ்.”
කියන එක,
“WordPress.com is also available in தமிழ் and සිංහල.”,
වෙන්නෙ කවද ද ?
by බුධාජීව on 2009 June 11 at pm 5:32. #
මට ඒක කරන්න බෑ, හික්… බ්ලොග් දෙකක් එකම directory, plugin share කරනවා
by කාලිංග on 2009 June 11 at pm 5:33. #
@බුධාජීව: දැනුම් දුන්නා. තව ටික දවසකින් හරියයි.
@කාලිංග: හයියෝ
by Malinthe Samarakoon on 2009 June 11 at pm 5:36. #
මම ටිකක් උදෙනුයි අප්ඩේට් කලේ. මම හිතන්නෙ එතකොට ඔයා ගොණු අප්ලෝඩ් කරල නැතිව ඇති (ට්විටරේට අනුව)
ඒත් අඩුවක් පේන්න නෑ. ආයෙත් අප්ඩේට් කරන්න වෙයිද? කොහොමද? (දැන් 2.8 නෙ ඉන්නෙ.. අලුත් ගොණු ඇවිල්ල නිසා. ආයෙත් ගන්නෙ කොහොමද?
by ගයාන් කල්හාර on 2009 June 11 at pm 5:46. #
@ගයාන්: කීයට විතරද? අවශ්‍ය නම් wp-admin/update-core.php ගිහින් ආයෙමත් ඔටෝ අප්ඩේට් එකක් දැම්මනම් හරි.
by Malinthe Samarakoon on 2009 June 11 at pm 5:48. #
12 – 01 අතර..
පේන්න නම් අඩුවක් නෑ.. කලින් එකට වඩා අලුත් වචන ගොඩක් තිබුනද?
by ගයාන් කල්හාර on 2009 June 11 at pm 6:01. #
@ගයාන්: විශේෂයක් නෑ. Themes වලට සම්බන්ධ ටිකක් තමයි.
by Malinthe Samarakoon on 2009 June 11 at pm 6:02. #
බලමු අප්ඩේට් කරලා… WordPress.com සිංහල අළුත් අත්දැකීමක් වෙයි මට…
by ශාකුන්තල on 2009 June 11 at pm 6:55. #
මමත් දාන්න හදන්නේ අළුත් එක. WordPress.com සිංහල කරපු එක හොද වැඩක්.
by අනූ on 2009 June 11 at pm 10:31. #
වර්ඩ්ප්‍රෙස් සිංහල ඉන්ස්ටොල් කරා.ඒත් පෝස්ට් පබ්ලිශ් කරල බැලුවම “?????????????” පෙන්නන්නෙ ඇයි ?
දන්න කෙනෙක් ඉන්නවදො….
by sinhalamag on 2010 October 18 at pm 1:34. #