Android ඔබේ පරිගණකයේත්!

by Malinthe Samarakoon on July 13, 2009

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද :D

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ :D

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously :P ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

10 comments

Owa try karanawa thiya mata ude idala machima allanawat na.anidda dihata dala balannamko.

Bohoma sthuthi oththuwata

by Deeps on 2009 July 13 at pm 9:53. Reply #

මචෝ VituralBox ඒකට දුන්න විශේෂාක මොකද්ද?

RAM / Space / Features…. etc.

by -බිன்ku- on 2009 July 13 at pm 10:54. Reply #

@Deeps: :)
@බිன்ku: විශේෂයක් නෑ. සාමාන්‍ය ඒවම තමයි.

by Malinthe Samarakoon on 2009 July 13 at pm 11:04. Reply #

නියමයි. තෑන්ක්ස් අයියා

by රන්දීර on 2009 July 13 at pm 11:24. Reply #

එල මචෝ..

by änthräX on 2009 July 13 at pm 11:39. Reply #

මමත් දවස් කීපයකට උඩදි දාල බැලුවා.

Linux (Fedora 11) වලදි VirtualBox 3 වල මේක වැඩ කරේම නෑ. Fedora වල එන Qemu වල නම් වැඩ කලා. පිහිටුවීමේ ඉඳලම Screenshot අරගත්තත්, අවශ්‍ය නෑ කියල හිතුනු නිසා upload කරන්න ගියේ නෑ. දැම්ම ගමන්ම battery low කියල අවවාදයක් දුන්නා. ටිකක් වෙලා ඉන්නකොට නැවතුනා. Battery බැහැල වෙන්නැති. :) ඊට පස්සෙ VM එක වැඩ නෑ. ආයෙත් අලුතින්ම හදන්න ඕන. යන්නෙ පොඩි වෙලාවක් නිසා කමක් නෑ.

Android Live CD 0.2 කියන්නෙ Android පද්ධතියේ x86 architecture සඳහා වන සංස්කරණයක්. මේක EeePC වල භාවිතාවට ගන්න එකක්. Android නිල සංස්කරණය ARM මාදිලියේ processor architecture සඳහා තමයි එන්නේ. නමුත් සාමාන්‍ය පරිගණක වල භාවිතා කරන්නත්, තත්‍යාසන්න පරිගණක (virtual machine) වල භාවිතා කරන්නත් Android Live CD 0.2 පහසුයි.

කොහොම වුනත්, මේ බෙදාහැරීමේ තිබෙන්නේ මට හිතෙන ආකාරයට Android පළමුවන සංස්කරණය. 1.5 (cupcake) සහ 2 (donut) සංස්කරණ මීට වඩා දියුණුයි. HTC සමාගම Hero සඳහා භාවිතා කරන Sense අතුරු මුහුනතත් හරි හැඩයි. :)

මේ දේවල් බලන්න නම් Android නිල සංස්කරණය පාවිච්චි කරන්නම වෙනවා. Linux වලදි Qemu හෝ SkyEye (හෝ වෙනත්) වැනි මෘදුකාගයක් භාවිතයෙන් එහෙම කරන්න පුලුවන් කියල විශ්වාසයක් තියනවා. වේලාවක් තිබුනොත් සහ එහෙම කරගන්න පුලුවන් වුනොත් blog post එකක් දාන්නම්.

by ගවීන් on 2009 July 14 at am 3:57. Reply #

හෆෝයි… 90MB ක් නේ… පිනට ජංජාලේ දෙන තැනකින් තමයි බාන්න වෙන්නේ… ස්තූති වේවා

by Thilina on 2009 July 14 at am 7:32. Reply #

http://is.gd/1xPwY මේ රවුම් කරලා තියෙන එව්වාට මොකක් දීලාද දාන්න ඕනේ කියලා ඇහුවේ මචෝ!

by -බිன்ku- on 2009 July 14 at am 7:50. Reply #

@ගවීන්: නියමයි :) මගෙත් Battery Low කතාව ආවා. හැබැයි ඊටපස්සෙ අවුලක් නැතිව වැඩකරා.
@Thilina: හික් මං ආසාවට මේකෙන්ම ගත්තා.
@බිன்ku: මෙන්න මචං: http://blog.malinthe.com/wp-content/uploads/2009/07/Android_Specs.jpg

by Malinthe Samarakoon on 2009 July 14 at am 7:57. Reply #

mata meke akuru awul wela penne!… :(
pillam isolate wela!

මේ වාක්‍යය හ‍රියට පේන්නෙ නැති වෙයි!

ේම ාව ්‍යක ය ත‍රමක් දුරට හ‍රියට ෙප ේන වි ද?!
(ේ ම ා ව ්‍ය ක ය ත‍රමක් දුරට හ‍රියට ෙ ප ේ න වි ද?! )

by Akila DJ on 2009 July 23 at am 2:42. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.