මොබිටෙල් කතන්දර

by Malinthe Samarakoon on July 31, 2009

මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් ‍වැඩි වෙනසක් නෑ. ඉතින් ඒ ගැන ලියන්න කියලා තමයි මේ කල්පනා කරේ.

මීට මාසෙකට විතර කලින් මොබිටෙල් වලින් Youtube එහෙම බලන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ගොඩක් බරපතලයි කියන්නෙ කිසිම දෙයක් හරියකට බලාගන්න බෑ, තත්පර දෙක තුනෙන් බෆර් වෙන්න ගන්නවා. මේක ලොකු වදයක් වුණා. පැමිණිලි කරලා ටික කාලෙකට පස්සෙ ඒක හරිගියා. ඊටපස්සෙ වාසනාවට (හෝ අවාසනාවට) YouTube හොඳට වැඩ කරන්න ගත්තා. දැන් ඉතින් ඒ හින්දා ඕනවට වැඩිය දත්ත භාවිතා වෙච්ච හින්ද මේ දවස්වල නාහෙන් අඬ අඬ තමයි ඉන්නෙ :D අදත් පොඩි පොඩි අල ටිකක් ආවා ඒත් ඒක නම් එතරම් ගණන් ගත යුතු දෙයක් නෙවෙයි.

කොහොමහරි මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සම්බන්ධ වෙන එක සහ අතරමැදදි සම්බන්ධතාවය නැතිවෙන එක. වෙලාවකට සම්බන්ධ වෙන්න සියපාරක් විතර ට්‍රයි කරන්න ඕන. ඉතින් Mobile Partner දාලා මොකක් හරි දෝෂයක් මතුවුණාම Redial ඔබ ඔබ ඉන්න ඕන දත්මිටි කන ගමන්. ඒ වගේම මොකක්හරි වැඩක් කරන අතරතුර එහාමෙහා වෙලා Idle වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේකෙ සම්බන්ධතාවය නැතිවෙනව. එතකොට රීඩයල් චක්‍රය කරන්න ඕන ආයෙ මුල ඉඳන්. මේක ලොකු කරදරයක්. පැමිණිල්ලක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා විස්තරත් ඇහුවා. ඒත් තාම විසඳුමක් නෑ.

මොබිටෙල් අල

මොබිටෙල් අල

මේක ලොකුම කරදරයක් වෙන්නෙ ‍ෆෝන් එකෙන් සම්බන්ධ වෙනකොට තමයි. මොකද මොඩම් එකේ වගේම සම්බන්ධ නොවී තියෙන හින්ද හදිසියකට ඊමේල් එකක් යවාගන්න හැදුවත් වැඩේ අප්සට් කියලා රැඳිලා තියෙනව. චැට් වැඩසටහනක් දැම්මත්, ගූගල් එක්ක සින්ක් කරන්න හැදුවත් මේ වැඩේ වෙනකොට පුදුම තරහක් තමයි එන්නෙ. ඉස්සර නම් මෙහෙම වුණේ නෑ. දැන් මේක කියන්න බැරි තරම් වදයක්. හැබැයි මේ ලෙඩේ එන්නෙ නෑ නිකං GSM වල ඉඳිද්දි. ඒත් ඒක 3G වලට වඩා වේගයෙන් අඩු හින්දා කරදරයි.

(මේ යවන්න හදපු එක විනාඩි දහයක් විතර ට්‍රයි කරලා දැන් යවාගත්තා) :D

ඉතින් ඔහොම තමයි මොබිටෙල් එකේ වැඩ මේ දවස්වල.

කොහොම කොහොම හරි මොබිටෙල් එකේ නුවර අලුත් ශාඛාවක් විවෘත කරා. අලුත් එක තියෙන්නෙ KCC එකේ. ළඟාවෙන්න පහසුයි, ඉඩකඩත් වැඩියි. කිසිම කරදරයක් නෑ දැන් නම්. කලින් තිබුණු තැනට යන්න ගියාමත් එපාවෙනව. ඒ මදිවට උපහාර හින්ද බිල් ගෙවන්න එන පෝලිම් ගොඩක් දිගට තිබුණු හින්ද පොඩි ඉඩක් තිබුණු කලින් තැන හරිම තදබදයි.

ඉතින් ඔහොම තමයි මේ දවස්වල විස්තර. අදට ඇති :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

15 comments

මොබිටෙල් එකට පිං දීපං උඹට ‍ඔහොම හරි Connection එකක් අටවල දීපු එකට… ;)

by ගයන්ත on 2009 July 31 at pm 8:47. Reply #

හිහී අධිවේගී ප්‍රතිචාර දැක්වීමක් නේද? එළ එළ :D

by Malinthe Samarakoon on 2009 July 31 at pm 8:50. Reply #

මොබිටෙල් ඩිස්කනෙක්ට් වෙන එක නං මටත් තියෙනවා. වෙලාවකට මොඩමය කුඩු කරන්න හිතෙනවා

by Thilina on 2009 July 31 at pm 9:06. Reply #

ඒක කුඩු කරලා හරියන්නෙ නෑනෙ බං. නැත්තං මෙලහකටත් කුඩු කරලා :D

by Malinthe Samarakoon on 2009 August 1 at pm 12:39. Reply #

මමත් භාවිතා කරන්නේ මොබිටෙල් තමයි.ගින්නක් නැතිව වැඩ.
මගේ Downlink 1.18 Mb/s , Uplink 0.31 Mb/s වගේ සාමාන්‍යයෙන් පෙන්වනවා.
හැබැයි ඉතිං අවුල තියෙන්නේ limited package එකක් වීමයි.හෙට අනිද්දම ඔන්න ADSL එනවා කීවා අපේ පැත්තට.ඒත් උන්ගේ කට විතරයි.ටික්ක slow හන්දා මාරුවෙන්න හිතෙන්නෑ.

by හසී on 2009 July 31 at pm 11:01. Reply #

අපි දෙන්නම එකම පාප කරුමෙකට අහුවෙලා. වැඩේ කියන්නෙ මට තව පවකුත් පලදෙනව HSDPA වත් නැතිවෙන්න :( :(

හැබැයි මෙහේ දිනම් (ගෙදර නෙමෙයි) 3G අලයක් ආවෙ නෑ තාම. වැඩිය පාවිච්චි නොවෙන නිසා වෙන්ටැති.

by ගයාන් කල්හාර on 2009 August 1 at am 7:34. Reply #

කියලා වැඩක් නෑ බං. මෙහෙත් ඉස්සර ඔය අවුල තිබ්බෙ නෑ. දැන් තමයි.

by Malinthe Samarakoon on 2009 August 1 at am 11:05. Reply #

හාපෝ අන්තිමයි නෙව.

by Anandawardhana on 2009 August 1 at am 9:00. Reply #

නැතුව නැතුව! ඊයෙ රෑ මේක දැම්මට පස්සෙ විනාඩි පහෙන් පහට ඩිස්කනෙක්ට් වෙන්න ගත්තා. මට යකා නැගල හිටියෙ :D

by Malinthe Samarakoon on 2009 August 1 at am 11:05. Reply #

ADSL වලත් දැන් කාලෙක ඉදල එකඑක අවුල්.connect වෙන්න එක පාරටම බෑ රෑට.දෙතුන් පාරක් redial කරලා තමා connect වෙන්න පුලුවන්.ටිකක් වෙලා browser එක වහලා හරි තිබ්බොත් හොරෙන්ම disconnect වෙනව‍.

by අමිල on 2009 August 1 at pm 3:58. Reply #

අපිටත් ඉතින් HSDPA පිහිටම තමා..නුවර ඉඳන් 10km දුරින් හිටියත් ADSL නෑ..කොහොමහරි එක adsl coverage වැඩි කරන් නැතුව මුන් සල්ලි වියදම් කර කර promotions කරනවා…මමත් ගේ පුරහා,වත්ත වටේ හොයලා හොයලා යන්තම් airtel signals තියන තැනක් හොයා ගත්තෙ නැත්තම් ඉතින් මටත් mobitel/dialog limited ප්ලෑන් එක්ක හිර වෙලා චා වෙවී ඉන්න වෙනවනෙ..

by Sampath on 2009 August 2 at am 8:48. Reply #

ඒක තමයි බං. බොරුවට promotions කරාට වැඩක් නේ සර්විස් එක දෙන්න බැරිනම්. කාට කියන්නද මේවා?

by Malinthe Samarakoon on 2009 August 2 at am 11:38. Reply #

machan air tell connection wala price mata mail karapan..plase bang..mobitel bill 1k 7500 bang…

by nuwan on 2009 November 24 at pm 6:36. Reply #

මම පහුගිය දවසක විද්‍යුත් තැපෑලෙන් මොබිටෙල් එකෙන් විමසුවා සීමා රහිත පැකේජ් (unlimited package) එකක් ගැන අදහසක් තියෙනවද කියලා, උත්තරය තමා ඔවුන්ගේ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම (product development team) නිතරම අලුත දේ ලබා දීමට කටයුතු කරන බව. ඒ කියන්න ළඟදී එන පාටක් නෑ කියලයි මට හිතෙන්නේ. හසීට වගේම මටත් සම්බන්ධතාවයේ නම් අවුලක් නෑ, හැබැයි සීමා රහිත පැකේජ් එකක් නැති එකනම් පාඩුයි.

by මිලින්ද on 2009 August 3 at am 1:09. Reply #

මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

SLT BroadBand- 512 KB – RS: 2200/=
My Speed Test

http://www.speedtest.net/result/779511999.png

by gazzan on 2010 April 12 at pm 12:43. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.