ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ

by Malinthe Samarakoon on July 9, 2009

ඉතින් ඊයෙ නාගයත් එක්ක ටවුමේ පොඩි රස්තියාදුවක් ගැහුව. ගියේ නම් නාග‍යගෙන් තැටියක් ඉල්ලගන්න. තාම දාලා බැලුවෙත් නෑ හැබැයි ඒක :D මේක ලියන්න පටන්ගන්නකොට තමයි ඒක මතක් වුණේ. ඉතින් බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගන්නත් එක්ක ගිය ගමනෙ විස්තර ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

කාලෙකට කලින් හම්බවුණු Walkmate කියල වැඩසටහන හින්ද දැන් වැඩියෙන් ඇවිදින්න හිතෙනව. මේකෙන් අපි කොච්චර අඩි ගණනක් ඇවිද්දද කියල හොයාගන්න පුළුවන්. (Pedometer) මේ වැඩසටහන 4shared වගේ අඩවියකින් හොයාගන්න පුළුවන් වේවි. Accelerometer එකක් තියෙන සෝනි එරික්සන් ෆෝන් වල මේක වැඩකරයි. ඉතින් ඊයෙ දොළොස්දාහක් විතර ඇවිද්ද. කලින් වා‍ර්තාව තිබුණෙ පහළොස්දාහක විතර. මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ සතිපතා පරණ දත්ත මැකෙන එක තමයි. ඒත් සාමාන්‍යයක් නම් බලාගන්න පුළුවන්. මගේ දැනට සාමාන්‍යය පන්දාස් ගාණක්.

ඉතින් ඊයෙ මෙච්චර ඇවිද්දෙ කොහෙද කියලා බලනවා ඇති. වෙන කොහෙද ඉතින් ටවුම පුරාම තමයි. නාගයට බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී හොයමින් ගොඩක් වෙලා කාලය ගත කළා. තිබුණු ගොඩක් ඒවා ඇල්ලුවෙ නෑ. ඒ හින්ද ඉතින් තව තවත් ඇවිදිමින් කාලය ගත කරපු එක තමයි කරේ.

ඉතින් මේ බ්ලූටූත් ගැජට් ගැන හොයමින් යන අතරේ ‍පරිගණක අලෙවිසැල් කීපයකට ගොඩ වදින්නත් අපි අමතක ‍කරේ නෑ. ඉතින් අපි සුපුරුදු පරිදි විවිධ දේවල් වල මිල ගණන් විමසලා බැලුවා. මේ පාර උපාංගය තමයි නෙට්බුක්!

මේකට නියම ප්‍රතිචාර තමයි ලැබුණෙ. අපි නෙට්බුක් කියල ඇහුවම සාමාන්‍යයෙන් ලැබුණු ප්‍රතිචාර තමයි ‘ආ නෝට්බුක්ද?’, ‘ඒ මොනවද?’, ‘ඒව නම් නෑ මල්ලි’ – සමහරුන්ගෙ මූණු වල අමුතු හිනාවක් තිබ්බ :D සමහරු එහෙම ඒව ගැන අහලවත් තිබුණෙ නෑ. චන්ද්‍රසේකර එකේ චීන නෙට්බුක් එකක් තිබ්බ, ඒකත් පනහක් විතර වුණා. ඒකට තව ටිකක් එකතු කරලා සාමාන්‍ය ලැප්ටොප් එකක්ම ගන්න පුළුවනි. වෙන තැන් වල නම් හොයාගන්න තිබ්බෙම නෑ. Eee එකකුත් පනහකටද කොහෙද තියෙනව කියල තව තැනකින් කිව්ව. ඉතින් නෙට්බුක් එකක් ගැන අදහස අතඇරල දැම්ම.

ඊටපස්සෙ ගියා DSLR කැමරා වල මිල ගණන් හොයන්න. හිතපු හැටියටම ඉතින් ‍හෙණ ගණන් තමයි. ඒත් ආසාවට බැලුව. නිකොන් ඒව තමයි ගොඩක්ම තිබ්බෙ. වෙන කිසිම එකක් නෑ. සමහර ඒව නම් ගොඩක්ම professional – ඒවයෙ ගණන් ඇහුවම නම් පිස්සු වගෙයි :D

ඉතින් ඔය අස්සෙ ඇවිදල ඇවිදල මහන්සියට ඩෙවොන් එකෙන් සිසිල් බීම දෙකක් දාගත්තා. එතන හිටපු අයට මූට පිස්සුද කියල බලන්නත් ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. :D

ඉතින් ඒ වැඩේ ඉවර වෙලා තව ටිකක් වෙලා ටවුමෙ හිටිය යාලුවෙක් කතාකරනකල්. ආයෙමත් රවුමක් ගැහුව. ආයෙමත් යක්ස තිබහක් ආව. ඒ පාර නම් කූල් වතුර බෝතලයක් අරගෙන ගිලලා දැම්ම. මේ මිනිස්සු කූල් කරපු වතුර වලට රුපියල් පහක් වැඩියෙන් අය කරනව. :P

ගෙදර ආවම තමයි දොලොස්දාහෙ ර‍ඟේ තේරුණෙ. කකුල් රිදෙනව නියමෙට. ඒකෙත් පොඩි ගතියක් තියෙනව. කොහොම කොහොම හරි ඊයේ රෑ හොඳට නින්ද ගියා. දැන් නින්ද යනව ටිකක් හොරයි.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

14 comments

ලංකාවේ නෙට්බුක් හොයන එක තේරුමක් නෑ, පට්ට ගනන්, ඇමරිකාවේ උනත් $400 වගේ වෙනවා…

ඇවිද්ද පය දහස් වටී නේ :D

by කාලිංග on 2009 July 9 at am 10:48. Reply #

ඔව් ලැපකටම අල්ලන්න. එතකොට ලැපෙන් වැඩ කර කරම ඇවිදින්න පුළුවන්. :)

by Thilina on 2009 July 9 at pm 12:01. Reply #

pl. be kind enough to kindly send me a font for reading this.

Thanks……..!!!!!!!!!!!!!!!!!!

by lal on 2009 July 9 at pm 12:09. Reply #

හොදට ඇවිදින්න හොදේ……………………………..

by randeera on 2009 July 9 at pm 12:38. Reply #

සිකුරාදා ඇවිදලම නෑනෙ..

by අනූ on 2009 July 9 at pm 1:15. Reply #

Accelerometer කිව්වෙ මොකක්ද ?? මගෙ k800i එකෙ තියනවද දන්නෙ නෑ !!

by ක්‍රිශ්ණා on 2009 July 9 at pm 3:17. Reply #

ඔය walkmate එක නොකියා වල වැඩ කරනවද? ගොඩක් ස්යිට් වල තියෙන්නේ SE application එකක් විදියට

by deeps on 2009 July 9 at pm 3:46. Reply #

@කාලිංග: යප් යප්
@තිලිණ: ඒක තමයි මාත් හිතුවෙ
@lal: Sent
@randeera: :D
@අනූ: ඔව්. ගෙදර හිටියෙ.
@ක්‍රිශ්ණා: http://en.wikipedia.org/wiki/Accelerometer – මං හිතන්නෙ K800 එකේ නෑ
@deeps: මේක නම් SE වලට තමා. නොකියා වලටත් තියෙනව. http://betalabs.nokia.com/betas/view/nokia-step-counter

by Malinthe Samarakoon on 2009 July 9 at pm 4:03. Reply #

now working….;D

malinthe kiwwa nisada koheda..isssarawela server error ekak awa

by deeps on 2009 July 9 at pm 4:11. Reply #

අැවිදින එක අැගට හොදා,

by patha on 2009 July 9 at pm 10:41. Reply #

ඩෙවොන් ගිහින් ගැහුවට වඩා හොඳයි පස්ගෝරස එකෙන් පලතුරු බීම එකක් ගැහුවානම්… ඇඟටත් හොඳයි… :)

by Dakshina on 2009 July 10 at am 9:56. Reply #

@Dakshina: ඔව් ඔව්. ඉස්සර නම් යනව එහෙට. :D

by Malinthe Samarakoon on 2009 July 10 at am 10:14. Reply #

තව තව ඇවදිලා ඒ පය දෙකම කපලා විකුණලා ගන්නකෝ Netbook හරි DSLR කැමරාවක්.

by -බිன்ku- on 2009 July 11 at am 4:45. Reply #

@බිன்ku-

Netbook වගේද ඕයි DSLR/// <3

by ගයන්ත on 2009 July 12 at am 10:14. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.