මොබිටෙල් ජාල ජංජාල
by Malinthe Samarakoon on August 26, 2009
Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/
මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව උහුලන්නෙ නැති බිලක් ඇවිල්ල තියෙන්නෙ. ඒත් ඒක වෙනම ප්‍රශ්නයක්.
මේ කියන්න යන්නෙ ඉතාම ඉහළ මිලක් අය කරලා අපට ලබාදෙන සේවාවේ තත්ත්වය ගැන. ඒක ගැන නම් කතාකරන්න වචන නැහැ. අන්තිමයි. මං ආසම වචනෙ = pathetic!
දැන් මාස කීපයකට කලින් නම් YouTube එක්ක ලොකු ගැටලුවක් තිබුණා. ඒක නම් දැන් බොහෝ දුරට හරි ගිහිල්ලා. ඒත් දැන් තියෙන අවුල තමයි මේක එකදිගට සම්බන්ධ කරලා තියාගන්න එකේ අමාරුව. සමහර වෙලාවට වැඩක් කර කර ඉන්න අතරතුරත්, සමහර වෙලාවට වැඩක් නොකර Idle තියෙන වෙලාවටත් සම්බන්ධතාවය නැතිවෙලා යනවා.
විසන්ධි වුණාම තමයි නියමම වැඩේ. බොහොම කලාතුරකින් එකපාරින් සම්බන්ධ කරගන්න පුළුවන් වුණත් අනික් හැම වෙලාවකදිම වගේ වෙන්නෙ මොකක්හරි දෝෂ පණිවිඩයක් එන එක. (628, 619 – මට හරියට මතක නෑ.) ඉතින් මොනව කරන්නද, මවුස් එක කැඩෙනකල් Redial ඔබන එක තමයි කරන්න වෙන්නෙ. මේ අවුල් හින්ද අපේ පරණ වචනයකුත් ආයෙ භාවිතා වුණා: එනවා යනවා ආචරණය!
මොකක්හරි විශේෂ වැඩක් කරන වෙලාවක මේ වැඩේ වුණාම හිතට එන ආවේගය! මවුස් එක කැඩෙනකල් ක්ලික් කරන එකයි මොබිටෙල් එකට අම්බානක බනින එකයි හැර වෙන කරන්න දෙයක් නෑ.
මේ ගැන කියලා ඊමේල් හතරක් පහක්ම යැව්වා. දෙකකට පිළිතුරු ආවත් විසඳුමක් නම් පේන්න නෑ තවමත්.
මේ ප්‍රශ්නය තියෙන්නෙ මොඩම් එකෙන් සම්බන්ධ වෙනකොට විතරක් නෙවෙයි. ජංගම දුරකථනයෙන් මොකක්හරි කරන්න ගියත් මේ ලෙඩේම එනවා. වෙලාවකට මොකක්හරි වැඩසටහනක් දාලා තියෙද්දි (eBuddy, Gmail, Opera Mini, Skype…) අතරමගදි සම්බන්ධතාවය නැතිවුණාම පුදුම තරහක් එන්නෙ. ඒ වෙලාවටත් ඉතින් කියවෙන දේවල් මම තමයි දන්නෙ!
ආරංචියි සමහර පැතිවලට නම් මෙහෙම අවුල් නෑ කියලා. අගනුවරින් බැහැර හින්දද මෙහෙම අඩු සැලකිල්ලක්?? මගේ තියෙන්නෙ 3.6mbps පැකේජය වුණත් ආසාවටවත් එච්චර වේගයක් දැකලා නෑ. අඩුම තරමේ 2mbps වත් ජීවිතේට දැකලා නෑ.
මං දැන් කලාතුරකින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් සම්බන්ධතාවය පාවිච්චි කරනව චිත්‍රපටයක් එහෙම ලබාගන්න ඕන වුණාම. ඒකට සිග්නල් ඇත්තෙත් නැති තරම්. ඒත් කවදාවත් සම්බන්ධ වෙන්න කරදරයක් නෑ. එකපාරින් කනෙක්ට් වෙනව. සාමාන්‍ය මට්ටමේ වේගයකුත් ලැබෙනව. සංඥා නැති හින්ද ඒ වේගය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.
ඒත් මොබිටෙල් එකේ උපරිම සංඥා තිබිලත් මෙහෙම නම්…
මේ අන්තර්ජාල අල ගැන ලියන කීවෙනි ලිපියද කියලා මට ගානක් නැහැ. කිසිම සේවා සපයන්නෙක්ට අපට හොඳ සේවාවක් දෙන්න ඕනකමක් ඇත්තෙත් නෑ. මහලොකුවට දැන්වීම් දැම්මට ඉල්ලුවම දෙන්නත් බෑ. ඔච්චර දැන්වීම් වලට වියදම් කරන එකේ තමන්ගෙ සේවාව තව ටිකක් දියුණු කරන්න විදියක් හෙව්වනම් මොකද වෙන්නෙ? මේක හැම සේවා සපයන්නෙකුටම පොදුයි. Dialog, SLT, Mobitel, Airtel, Bell… ඔක්කොම එකයි. ඩයලොග් එකෙන් තවමත් 3G සිග්නල් ළාවට හරි ලැබෙන්නෙ මොඩම් එකට විතරයි. මොබිටෙල් එකට කොච්චර සිග්නල් තිබ්බත් වැඩක් නෑ. ගණනුත් වැඩියි. SLT එකට ලූප් නැහැලු. එයාටෙල් එකට තවමත් 3G නෑ. ඒක නම් අලුත් හින්දා කියමුකො.
දැන් මේ ඇති. තව ලියන්න ගියොත් මොනව ලියවෙයිද කියලා කියන්න බැරි හින්ද නවත්තනව.
Related posts - ආශ්‍රිත ලිපි:
13 comments
මගෙත් සිද්ධිය ඕක තමයි. මේල් එකක් එහෙම කියවන කොට අනිවා ඩිස්කනෙක්ට් වෙනවා. මට නං Dialog සිග්නල් තියෙනවා. ඒත් එකෙත් සමහර වෙලාවට ස්පිඩ් එක 20KBps – 60KBps අතර. වැඩක් නෑත. slt උන් කියන්නේ ගෙදරට ලයින් එකක් තිබ්බට පෝට් එකක් නැහැ කියලා. කවද ලැබෙයිද මන්ද? බලාගෙන යනකොට සේරම එකයි. කට විතරයි වැඩ නෑ :/
by Thilina on 2009 August 26 at pm 10:27. #
අගනුවරත් තත්වය ඕකම තමයි. මමත් කාර්යාලයට අරගෙන තියෙනව මොබිටෙල් එකක්. මුලින් තිබුනු ඩයලොග් එකේ ඔය ප්‍රශ්නෙ තිබුනු නිසා ඒක අයින් කරල තමයි ගිය මැයි මාසෙ මේක ගත්තෙ. මුලදි හොඳට වැඩ කලා. දැන් මාසෙක වගේ ඉදන් තමයි අල වෙලා තියෙන්නෙ. මම හිතන්නෙ මොබිටෙල් පරිශීලකයො වැඩි ප්‍රදේශ වලදි තමයි මේක අල වෙන්නෙ.
by තාරක සමරණායක on 2009 August 27 at am 6:31. #
මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් නම් ඔක්කොම එකයි. එයාටෙල් අන්ලිමිටඩ් එකේ මටනම් එන්නෙ 256kbps.ඒත් ඉතින් අන්ලිමිටඩ්නෙ.දවසට 1.5gb+ බාගත කරනවා.ADSL නැති අපි වෙන මොනවා කරන්නද?
by Sampath on 2009 August 27 at am 7:20. #
මොබිටෙල් බිල් එකේ monthly subscription වලට අමතරව HSDPA කියලා charge කරන්නේ මොකද කියලා දන්නවාද?? 2GB for 890/=+VAT+ HSDPA charges ???????
by sandun fernando on 2009 August 27 at am 10:57. #
මම ඉන්නේ පේරාදෙණියෙ… මම පාවිච්චි කරන්නේ ඩයලොග් ස්ටුඩන්ට් පැකේජ් එක… ( අක්ක තමයි අරන් දුන්නේ…
) මට නං නියමෙටම ඉන්ටනෙට් වැඩ කරනවා… නමුත් මම ඒක ගන්න ගියහම කිවුවෙ ඔයාට 3G සිග්නල් නෑ කියල… ඒක එහෙම කියල තියෙන්නේ එයාලගෙ මැප් එක බලල… මම ටොරන්ට් බානව නියෙමටම… කවදාවත් ෆිල්ම් එකක් ගන්න පැය 02 කට වඩා ගිහින් නෑ… උපරිම වේගය 208 ටම ඇව්ත් තිබ්බා… බාපු බෑවිල්ලට සාධාරණ ප්‍රතිපත්තියත් මට වැදුන… ඒත් මගේ ඩවුන්ලෝඩ් slow වුනත් වෙබ් පිටු වලට සාමාන්‍යය වේගයකින් යනවා.. මම සම්භන්ධ වන්නේ ගෙලිඔය ටවර් එකට… ඒකේ සිග්නල් ප්‍රබල නෑ… ගෙලිඔය පහුකර ගමන් සිග්නල් එන්නේ පුස්සැල්ලාව ටවර් එකෙන්…. මටනම් කවදාවත් ඩයලොග් ඉන්ටනෙට් තචල් වෙලා නෑ… මගේ එරික්සන් ෆෝන් එකෙනුත් හොදට GPRS යනවා….
මම දන්නව busy නැති ටවර් එකකින් ලොකු වේගයක් ලැබෙන බව… ( කාලිංග අයියගේ බොලොග් එක බලන්න)… මගේ ඩයලොග් පාවිච්චි කරන යඵවන්ටත් කිසි ප්‍රශ්නයක් නෑ… මම ඩයලොග් මුරුංග අත්තේ තියනව නෙවෙයි.. නමුත් ඩයලොග් ඉන්ටනෙට් නම් හොදයි…
by අරුණ on 2009 August 27 at pm 12:29. #
මටත් මේ ලංකාවේ ඉන්න internet providers ගැන මාර කලකිරීමක් තියෙන්නෙ. ADSL ගන්න හැදුවම ඒක එපා උනා. වෑර් නෑ. අරක නෑ. මේක නෑ. ගත්ත D WIMAX දවල්ට බල්ලMARK SPEED එක මගෙ බල්ලටත් මදි. COMPLAIN දැම්ම පොල් ගහක් වගේ බට දාල හැදුව ඒත් වැඩක් නෑ. TEEM එකෙන් ඇවිත් කිවුව අපේ පුරස්නයක් නෑ USERS ල වැඩිලු……. හරියට මම වැඩි කරල වගේ….. හපෝ්්්්්
by ushan on 2009 August 27 at pm 1:40. #
මලින්ත කියන කතා අහලා මම කොච්චර වසනා වන්තද කියලා හිතේනවා ස්පිඩ් උනත් අන්ලිමිට් හින්දා ගොඩක් වටිනවා අනික ගෙදර ටෙලිපෝන් කපලා දැන් සතියකටත් වැඩි තාමනම් කැපුවෙ නැ
අලුතින් ආය ලුප් දානවා කියලා අරංචියි පොඩ්ඩක් බැලුවනම් හොදයි
(එවාගේම මට මෙ බ්ලොග් එක දැක්කාම අවුරුද්දක් අතිතයට ගියා මම සිංහල බ්ලොග් එකක් කියලා ඉස්සර වෙලාම දැක්කේ මෙක එදා මට පුදුම හිතුණා )
by දිසා on 2009 August 27 at pm 4:49. #
oooooooo මට කියන්න බැරි උනා මට තියෙන්නේ SLT ADSL home 512 kbps
by දිසා on 2009 August 27 at pm 4:51. #
ලංකාවෙ ISP ඒකාධිකාරය නිසානෙ මේ ඔක්කොම.
අනික මේ දවස්වල ටෝක් දෙන්නෙ 7GB එකවුන්ට් ගැනනෙ.
මාසෙකට තව 50 කුත් කඩන්ඩයි ලෑස්තිය.
මම මගෙ ඩෙමෙන් එකට ගුග්ල් ඇප්ස් ස්ටෑන්ඩර්ඩ් එඩිෂන් එකක් දාගත්තා.ISP
ගෙ ඩොමේන් එකට වඩා කොච්චර වැදගත්ද මගෙ ඩොමේන් එකටම මේල් ඇඩ්රස් එක තියෙද්දි
by අමිල on 2009 August 27 at pm 6:37. #
හාපෝයි ඩයලොග් නම් මතක් කරන්න එපා….. අන්තිම සවුත්තුයි.
මේ දවස් වල දිගට හරහට ඩිස්කනෙක්ට් වෙනවා… තාම අපේ ගෙදරට Airtel 3G සිග්නල් නෑ. එහෙම තිබුණනං මේ වෙනකොට මම Airtel අරගෙන.
මලක් නෙළනකොට ඕක එකසැරේම disconnect වුණාම කෝමද ආතල් එක……….?
by ශාකුන්තල on 2009 August 27 at pm 6:42. #
@aruna, yaaluwa desktop PC1th aran pussellawe gihin wage.
gelioya tower1busy wen natthe gelioya sltexchange1 thiyena nisa godak aya adsl use karana nisai. anika peradeniya, gampola,pussellawa wage towers thiyenawa. dialog witharak newei mobitel ehemath hodata wada. airtel nam danne na.
gelioya patthe godak aya mobile phone thiyan inne call karanna witharai. samaharu gprs wath use karan na. ithin kohomada tower busy wenne.
phone1n type kare.
by roshan herath on 2009 October 9 at am 11:19. #
මගෙ mobitel connetion 1 හැම තිස්සෙම disconnect වෙනවා.
මෙක නම් මල වදයක්.
by Malitha Madushan on 2010 March 30 at pm 12:04. #
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
SLT BroadBand- 512 KB – RS: 2200/=
My Speed Test
http://www.speedtest.net/result/779511999.png
by gazzan on 2010 April 12 at pm 12:43. #