Opera Mini 5 Beta

by Malinthe Samarakoon on September 16, 2009

මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ.

මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් නැතුවම නෙමෙයි. ඉතින් මේ අඩුපාඩු ටිකක් හදපු අලුත් බීටා අනුවාදයක් තියෙනව කියල දැනගත්ත. ඉතින් මොකද කරේ අනිත් වැඩ පැත්තකින් තියල ඒක දාගෙන බැලුව.

පෙනුම නම් ගොඩක් හොඳයි. කොටින්ම කියනවනම් iPhone එකේ සෆාරි වල පෙනුමට සමානයි. කලින් අනුවාදයට වඩා ගොඩක් දියුණු කරල තියෙනව. සාමාන්‍ය ඔපෙරා අනුවාදයේ එන Speed Dial එකක්, මුරපද කළමනාකරණ වැඩසටහනක්, ටැබ්ස්!!! ඒ විතරක්ම නෙවෙයි. ස්පර්ශක තිර තියෙන දුරකථන වලට තවත් පහසුකම් ලැබෙනවා.

ඉතින් අදම දාගෙන බලන්න. Opera Mini 5 Beta :D

මෙන්න ඔබේ ආස්වාදය උදෙසා ගත්තු පින්තූර ටිකක්:

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

12 comments

මේක නම් පට්ට.

by චම්පික on 2009 September 16 at pm 4:47. Reply #

Opera මොනාද අනේ skyfire දාගන බලන්නකෝ…පට්ටම සිරා….Skyfire කියන්නේ නියම mobile Internet browser එකක්…. ඕනෑම Block කරපු website එකකට මේකෙන් යන්න පුළුවන්…ඒ විතරක් නෙවෙයි mobile එකෙන් ගිය කියලා වෙනසක් නෑ PC එකෙන් යනව වගේම තමයි http://www.skyfire.com වලින් මේක download කරගන්න පුළුවන්….
Screen shot ටික බලන්නකෝ මෙතනින්.. http://www.facebook.com/note.php?note_id=131137086735

by Saman rathnayake on 2009 September 16 at pm 4:58. Reply #

මගෙ ළඟ තියෙන්නෙ Sony Ericsson එකක්.

Skyfire runs on Windows Mobile and Nokia N and E Series phones.

by Malinthe Samarakoon on 2009 September 16 at pm 5:00. Reply #

“ඕනෑම Block කරපු website එකකට මේකෙන් යන්න පුළුවන්”

Can also be done with Opera Mini. Everything goes through a proxy.

by TEAM FILEnetworks on 2009 September 16 at pm 5:28. Reply #

Skyfire හොඳ ඇති. ඒත් ඉතිං එකේ ජාවා Edition (jar/jad) එකක් නෑනේද. Symbian & windows mobile විතරනේ.
Opera minibeta 5 මමත් දාලා බැලුවා. මට නං පරණ පෙනුම හොඳයි කියලා හිතුනා. ලොකු Screen එකක් තියන Phone එකකට නං මේක හොඳයි.
කීප වාරයක් ක්‍රෑෂ් උනා. ටිකක් වැඩි පුර Ram එක ගන්නවා වගේ. memory errors !!

by අරවින්ද on 2009 September 16 at pm 8:11. Reply #

ටිප් ටොප් !

by පැතා on 2009 September 16 at pm 10:59. Reply #

මමත් දාගන බැලුවා…පෙනුම නම් නියමයි…ඒත් වෙන්න තත්පර 20-30 කට වඩා යනවා Load වෙන්න…@ ලකුණ type කරන්න 1 බොත්තම 16 වතාවක් තද කරන්න වෙනවා….වරහනක් ගන්න නම් 20 වතාවක් ඔබන්න වෙනවා…Assign කරපු site එකක් වෙනස් කරගන්න නම් ආයෙත් මුල ඉඳන්ම install කරන්න වෙනවා….

by Saman Rathnayake on 2009 September 17 at am 9:57. Reply #

OpenID plugin එක අල වගේ පෙනුනා.. ඒක බලන්නයි මේ කමෙන්ට් එක දාන්නේ. ගණං ගන්න එපෝ….

by Indranama on 2009 September 22 at pm 3:40. Reply #

මෙකේ අකුරු type කරන එක නම් හරිම වාතයක්……Nokia වල pencil key එකත් එක්ක තියන copy, paste වැඩ කරන්නෙත් නෑ….Double quotention (“) එකත් නෑ….…@ ලකුණ type කරන්න 1 බොත්තම 16 වතාවක් තද කරන්න වෙනවා….වරහනක් ගන්න නම් 20 වතාවක් ඔබන්න වෙනවා…

by Saman Rathnayake on 2009 September 22 at pm 3:50. Reply #

Settings -> Advanced වලට ගිහින් Inline Editing කියන එක Off කරන්න.

by Malinthe Samarakoon on 2009 September 22 at pm 3:55. Reply #

දැංවත් හරිද බලමු… :(

by Pravin on 2009 September 22 at pm 9:31. Reply #

Ela kiri….den hari…
wede goda….
thanks macho….

by Saman Rathnayake on 2009 September 22 at pm 10:10. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.