The Fall of Mobitel?
by Malinthe Samarakoon on November 23, 2009
ඔන්න නැවතත් කාලෙකට පස්සෙ. දැන් නම් නිතරම ලියවෙන්නෙ ‘කාලෙකට පස්සෙ’ ආකාරයේ ලිපි තමයි
කොහොම වුණත් අද නම් නොලියා ඉන්න බැරි හින්දයි මේ ලියන්නේ.
අපේ සුපුරුදු මොබිටෙල් ගැන හැමෝම දන්නවා ඇතිනෙ. මේ ළඟකදි අන්තර්ජාල පහසුකම් වල මිල අඩු කළා. කාලෙකට කලින් තිබ්බ ජාල අල ගොඩකුත් පැමිණිලි කිරීම් වලින් පස්සේ විසඳුවා. ඉතින් මොකද දැන් මේ ආයෙමත් මොබිටෙල් ගැන ලියන්නෙ? මගේ ට්විටර් එක එහෙම බලන අය නම් දන්නවත් ඇති දැන්. මොබිටෙල් ආයෙමත් අල වෙලා! දැන් Youtube පැත්තෙ ගිහින් විඩියො එකක් බලන්න ලෑස්ති වුණේ. විඩියෝ බැලිල්ල තියා පිටුවවත් හරියට ලෝඩ් වෙන්නෙ නෑ. ඉතින් ටිකක් තරහ ගිය නිසා මේක ලියල දාන්න හිතුවේ.
සාමාන්‍යයෙන් උදේට තරමක වේගයකින් සම්බන්ධතාවය වැඩ කළත් හවස හයෙන් පස්සේ නම් මේකෙ කිසිම දෙයක් කරන්න බැහැ. බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් කියල හිතන්නවත් බැරි තරමට මේකෙ වේගය අඩු වෙනවා. නිකං ඩයල් අප් වගේ. සමහර වෙලාවකට හිතෙනව ඩයල් අප් මීට වඩා හොඳයි කියලා
ඉතින් මේ පාරත් පැමිණිලි කළා. ඉංජිනේරු අංශයෙන් දෙතුන් පාරක් කතාකරලා විස්තර ඇහුවත් තවම නම් කිසිම විසඳුමක් පැත්ත පළාතකවත් නෑ. හවස් වෙනකොට මේක රීඩයල් කරන එකයි, පිටු refresh කරන එකයි තමයි වැඩේ.
ටික දවසකට කලින් මේ පැත්තෙ ඉන්න යාලුවෙකුත් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තා. ඒත් මේකෙ අල හින්ද එයාගෙ වැඩෙත් මේකට බනින එක තමයි. දවසක් එකම තැනක තියල සම්බන්ධතා දෙක පරිගණක දෙකකින් ක්‍රියාත්මක වෙද්දි, මගේ එක තරමක් වේගයෙන් වැඩ කරත් ඒකෙ වේගය ගොඩක් අඩු තත්ත්වයක තිබුණ. එවෙලෙ කතා කරල පැමිණිල්ලක් දැම්ම, ඊටපස්සෙ මොනව වුණාද කියල නම් තාම දන්නෙ නෑ.
කොහොම කොහොම හරි මේ දවස්වල මොබිටෙල් පාවිච්චි කරන හැමෝගෙන්ම වගේ ඇහෙන්නෙ මැසිවිලි තමයි.
ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ මේ ළඟකදි ඉඳන් දෙන අලුත් උපහාර පැකේජ මේකට බලපානවා ඇති කියලයි. එක සම්බන්ධතාවයකට තවත් සම්බන්ධතා ගොඩකුත්, දත්ත සම්බන්ධතාවයකුත් තමයි මට මතක හැටියට මේ දවස්වල දෙන්නෙ. මං දන්න ගොඩක් උපහාර පාවිච්චි කරන අය මේවා ගත්තා කියල ආරංචියි. ජාලයට දරන්න බැරි තරම් සම්බන්ධතා දෙනකොට ඒක අල වෙන එක පුදුමයක් නෙවෙයිනෙ
එහෙම තමයි ඉතින් මේ දවස් වල තොරතුරු. මොබිටෙල් අල. මෙච්චර දවස් හොඳට තිබ්බ ජාලෙට මක් වුණාද?
13 comments
දැම් මෝබිටෙල් වලට ඩයලොග් ඉරණම. ගන්න දෙයක් නෑ !! ගූ 7තයි.
Mobitel HSDPA = Dialog HSDPA = SUCKS !
by කාලිංග on 2009 November 23 at pm 10:14. #
සිරා කථාව.. දැන් නම් මොබිටෙල් ඩයලොග් වලටත් අන්තයි.. මගේ බ්ලොග් එකට යා ගන්න බැරැව මම සති දෙකක් විතර හිටිය.. තාමත් මොබිටෙල් එකකින් ඒකට යන්න බැ.. මොබිටෙල් DNS server එක update වෙන්නෙ නැ දැන්.. update උනත් පරණ cache එකත් එක්ක මාරැ වෙවී තමා වැඩ කරන්නෙ.. අනේ මන්ද මොනා වෙලාද කියල.. ටිකක් හරි හොඳයි කියන්න තිබ්බෙ මේක විතරයි.. ( අපිට ADSL නැහැනෙව )
by KaniRockz on 2009 November 23 at pm 11:06. #
හැමෝම දැං මොබිටෙල් නේ… උන්ට දරාගන්න බෑ දැං ඉන්න කස්ටමර්ස්ල ගාන… තව බෙදනවා ඒ උනාට… ඩයලොග් නම් දැං සෑහෙන්න ස්පීඩ් ඒ අතිං බැලුවම… හිටපු ගානත් හැලිල නිසා වෙන්න ඇති
by Chathura W on 2009 November 24 at am 12:01. #
මමනම් ඉතින් එයාර් ටෙල් තමා පොඩි පොඩි අවුල් තිබුනට මේ දවස් වල වේගය 1.7 Mbps විතර වෙනවා මුලදි වගේ නෙමේ කියන්න තරම් අලයක් දෑන් නෑ…
by randeera on 2009 November 24 at am 12:39. #
හොඳ වෙලාවට මොබිටෙල් වලට මාරු නොවී ඩයලොග්වලම හිටියේ. ඔය වැඩේ වෙයි කියලා අර ගණන් අඩුකරන දවස්වලම තේරුණා.
by තමීර on 2009 November 24 at am 7:46. #
mobitel වල 1Mbs දකින්නෙත් කාලෙකින් දැන්. චතුරගෙ කතාව හරි.
මොනව කරන්නද ලාභ බඩුවෙ හිලක් තිබේ.
by පහන් on 2009 November 24 at am 8:44. #
මාත් ඩයලොග් … මටනං ඒකේ කිසි අවුලක් නෑ… කලින් කට්ටිය මොබිටෙල් නෙට් ගැන ගයපු ගුන වර්නනා බ්ලොග් පෝස්ට් නිසා ඩයලොග් හිටපු එවුනුත් මොබිටෙල් වෙලා.. නෙට් අල වෙන එක අහන්න දෙයක් යැ..
දිගටම මේ විදිහට ලියන්න.. එතකොට මොබිටෙල් චා කියල වෙන එකකට කට්ටිය මාරු වෙයි..ආයෙ ෂූපුරුදු වේගෙ එයි.. කොහොමැයි මයෙ ප්ලෑන..
ඔයාගේ ලිපිය කියවව්වම නියම අදහසක් ආව..මොබිටෙල් එවුන් වෙන එකකට හරවන්න.. එතකොට හරියයි
by අරුණ on 2009 November 24 at pm 12:40. #
නියම ප්ලෑන. මටත් එපාවෙලා හිටියෙ. රිෆ්‍රෙෂ් කරලම එපා උනා. උපහාර දුන්න දවස්වල ඇමතුම් ගන්න බෑ. දැන් අන්තර්ජාල. දරාගැනීමේ හැකියාව තමා
by Malinda on 2009 November 24 at pm 10:21. #
[...] කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු [...]
by Kalinga Athulathmudali's Blog » Blog Archive » Success Kills Mobitel HSDPA on 2010 January 10 at pm 10:18. #
[...] http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/ http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/ වෙනත් ලිපි තිබේනම් Comment ලෙස එක්කරන්න [...]
by Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු | Malinda's Blog - මාලින්දගේ සටහන on 2010 February 18 at pm 4:22. #
[...] http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/ | | | | | | [...]
by Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest | Malinda's Blog - මාලින්දගේ සටහන on 2010 February 24 at pm 3:55. #
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ
by gazzan on 2010 April 12 at pm 1:18. #
onna oka thama kiyanne kalinma api wage wire conection walata bassanam iwarai kiyala. api SLT ADSL ne.:-)
by Shyamin Ayesh on 2011 February 8 at pm 3:54. #