දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!
by Malinthe Samarakoon on November 27, 2009
කාලෙකට පස්සේ දුම්රියක යන ගමන් බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුණෙ. උදේ පාන්දරම නැග්ග කොළඹ එන්න. සුදාරක මල්ලිලගෙ සාහිත්‍ය උළෙලට එන්න කියල. කියන්න තරම් විශේෂ දේවල් මුකුත් නෑ, අද අව්ව නම් හොඳට පායලා තියෙනවා. පාන්දරම ඇහැරුණු හින්ද පොඩි නිදිමතකුත් නැත්තෙම නෑ, ඒත් අද නම් නින්ද ගියේ නෑ වැඩිය.
උදේ නැගිටපු වෙලාව ඉඳන් නුවරින් පිටට එනකල්ම මොබිටෙල් ජංජාලය වැඩ කරේ නෑ. සම්බන්ධ වුණත් කිසිම දත්ත හුවමාරුවක් නොවෙන හින්ද එපාවෙලා හිටියෙ. කොහොමහරි දුම්රිය නුවරින් පිටට ආවම මේක හරියට වැඩ කරන්න පටන්ගත්තා. ඔය තියෙන්නෙ ප්‍රතිඵලය තමයි. ගත්තු තැන නම් මතක නෑ. කොහොම වුණත් තවමත් හවස් වෙනකොට මොබිටෙල් පිස්සු නටන එක නැවතිලා නෑ. හදනවා කියල ආරංචියක් නම් ආවා. ඒත් දැනට නම් වෙනසක් නෑ. තිබ්බටත් වඩා අල වෙලා කියන්න පුළුවන්
කොහොමහරි, ගූගල් වේව් ගැන දැන් නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ. පාවිච්චි කරල බලන්න උද්‍යෝගයෙන් හිටියත් අන්තිමට ලැබුණට පස්සෙ එතරම් වැඩක් නෑ කියල හිතුණ. ඒ දවස්වල ටිකක් වේගයෙන් වැඩකරපු එක දැන් පුදුම විදියට ගාටනව. මොනවහරි ටයිප් කරන්න ගියත් ඒකට යන වෙලාව දැක්කම වේව් දමල ගහන නිකං ඉන්නයි හිතෙන්නෙ. ඒ වුණාට වේව් එකේ ලිනක්ස් ගැන එහෙම හොඳ සංවාදයක් ගිහිල්ල තිබුණ. මේක චැට් කරන්න යොදාගන්නෙ නැත්තං හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙයි
මොනව වුණත් ඔක්කොටම කලින් මේකෙ තියෙන අල ටික ගලවන්න වේවි.
ඉතින් මට කාවවත් වේව් වලට ආරාධනා කරන්න බැරුව හිටියෙ මොකද ගූගල් එකෙන් මට ඉන්වයිට් දීල තිබුණෙ නැති හින්දා. කොහොමහරි මේ ඊයෙ පෙරේදා ඒ වැඩෙත් හරිගිහිල්ල තිබුණ. ට්විටර් එකෙන් ඉල්ලපු කීප දෙනෙකුටත් දුන්න. දැන් කොහොමහරි දොළොස් දෙනෙකුට ගූගල් වේව් ආරාධනා ලබාදෙන්න පුළුවන්. රැල්ලත් එක්ක ගහගෙන යන්න ඕන නම්
නෑ නෑ ගූගල් වේව් හෙවත් රැල්ල ඕන නම් ඉතින් පහළින් කමෙන්ට් එකක් දාන්න.
13 comments
නුවරයි, නුවර දුම්රිය නැවතුම් පොළයි නුවර කොච්චියයි මතක් කරන/ ලියැවෙන/ මතක් වෙන හැමවේලාවේම හෙණ වේදනාත්මකයි මට නම්. මේ පින්තුර දැක්කාම තවත් වේදනාවයි!!!
by -බිன்ku- on 2009 November 27 at am 8:23. #
මොකක්ද ඔය google wave කියන්නේ කවුරුහරි පින්වතෙක් ඉන්නවන්ම් මටත් invitation 1ක් එවන්නකෝ
by Charitha T on 2009 November 27 at am 10:21. #
එව්වා!
by Malinthe Samarakoon on 2009 November 30 at pm 10:09. #
මේ වැඩේ පාලනයකින් තොර වුණොත් අන්තිමට ඒක මහා කංකරච්චලයක් වෙයි කියලා හිතෙනවා මටත්. කට්ටිය important conversation එකකට set වෙලා අන්තිමට දැල් දාන්න ඒක use කරන්න ගත්තොත් එහෙම. (ඒක පාලනය කරන්න පුලුවන් tools – conversation admin කෙනෙක් වගේ, තියෙනවද කියලා නම් දන්නේ නෑ. )
by Thejan Rathnayake on 2009 November 27 at am 10:49. #
මටත් ආරාධ්නාවක් එවන්න. මෙන්න ම ඊ ලිපිනය.
ස්තුතියි!
by chinthaka on 2009 November 27 at pm 3:10. #
ඔන්න එව්වා!
by Malinthe Samarakoon on 2009 November 30 at pm 10:10. #
මටත් ආරාධ්නාවක් එවන්න. මෙන්න ම ඊ ලිපිනය.
by nec2000 on 2009 November 28 at am 1:31. #
එව්වා!
by Malinthe Samarakoon on 2009 November 30 at pm 10:11. #
තාමත් ඉතිරි වෙලා තියෙනවනම් මටත් invitation එකක් එවනවද,මචං
by sujeewads on 2009 December 4 at am 8:09. #
ඔන්න එව්වා
by Malinthe Samarakoon on 2009 December 17 at pm 10:26. #
Thanks!
by sujeewads on 2009 December 18 at am 11:09. #
මටත් ආරාධනාවක් එවන මෙන් ඉල්ලමි.
by isuru on 2009 December 17 at pm 9:20. #
එව්වා
by Malinthe Samarakoon on 2009 December 17 at pm 10:27. #