මොබිටෙල් වෙත සමුදීම සහ ඩයලොග් පිළිගැනීම!

by Malinthe Samarakoon on December 21, 2009

ඉතින් ඉතින් මෙන්න කවදාවත්ම නොවෙයි කියල හිතපු දේ සිද්ධවුණු හැටි! කට්ටිය දන්නවත් ඇති දැන් කාලෙක ඉඳන් මොබිටෙල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන හැටි ගැන. දැන් දවස් කිපයක ඉඳන් මේක පාවිච්චි කරන්නම බැරි තත්ත්වයකට ඇදගෙන වැටුණා. මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වෙ අප්ග්‍රේඩ් එකක් කළා, දැන් හරි ඇති කියලා. ඒත් වෙනසක් නෑ කිව්වම තව හොයල බලන්නම් කියල තමයි කිව්වෙ. ඒත් ඕක කවදා හැදෙයිද කියලා බලාගෙන ඉන්න බැරි හින්දා සහ දැන් සම්බන්ධතාවය වැටිල තියෙන තත්ත්වය දැක්කම හොඳ වචන මතක් වෙන හින්දා මේකට මොකක්හරි කරන්න කියලා හිතුණෙ.

අල මොබිටෙල්

දැන් කාලෙක ඉඳන් ඩයලොග් වල 3G සංඥා ටිකක් මෙහෙට ලැබෙන හින්දා ඒකට මාරුවෙන එක හොඳයි කියලා හිතුණා. පහුගිය දවස් වල ‍ඩයලොග් ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් ටිකක් පරික්ෂා කරලත් බැලුවා. වේගය හොඳයි. අවුල් නෑ. ඉතින් එහෙම එකක් තියෙද්දි මොබිටෙල් පාවිච්චි කරන එක තේරුමක් නෑනෙ.

ඉතින් අද ගියා ඩයලොග් එක පැත්තට කාලෙකට පස්සෙ. මල්ලිවත් ඇදගෙන ගියා, මිනිහටත් ඕව ටිකක් පුරුදු කරන්න ඕනනෙ. :D ඉතින් ඩයලොග් එකට ගිහින් ඒකක් ගන්න පුළුවන්ද කියලා විස්තර අහලා, කොල කෑල්ලක ලියපු නම්බරයකුත් අරගෙන වාඩිවෙලා හිටියා. වැඩි වෙලා ඉන්න වුණේ නෑ ඉතින්. අන්තිමට ගිහින් අවශ්‍යතාවය කියලා මොඩම් එක නැතුව සම්බන්ධතාවය ගත්තා. එතන එක රිසිට් එකක අවුලක් වෙලා ආයෙ සැරයක් ඒකෙ කොපියක් ඉල්ලගෙන එන්නත් වුණා. ඒ ඇරුණම වෙන මුකුත් අවුලක් වුණේ නෑ.

Eacan E-510

ඉතින් ඒ අස්සෙ අලුත් ස්පීකර් සෙට් එකක් ගන්නත් රවුමක් ගැහුවා. 5.1 එකක් ගන්න හිතාගෙන හිටියෙ ඒත් ඒක තේරුමක් නෑ කියල හිතුණු නිසා අන්තිමට ෂොප් එකක කට්ටියකට වද දීල දීල ගත්ත අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් 2.1 එකක්. Eacan කියල චයිනීස් එකක් :D සද්දෙ නම් හොඳයි. ගෙදර ආපු වෙලේ ඉඳන් ‍ඕක චෙක් කරන එක තමයි කරේ.

ටවුන් එකේදිම ‍ඩයලොග් එක දාලා බැලුවා. වේගය නියමයි. කාලෙකට පස්සෙ Top Gear බැලුව අද කිසිම කරදරයක් නැතුව. අනිත් එක මොබිටෙල් එකේ වගේ නෙමෙයි, අපට වෙනමම IP ලිපිනයක් ලැබෙනව.

ම් ඉතින් ඔය විදියට තමයි අද විස්තරේ. දැනට නම් ඩයලොග් අවුලක් නැතිව වැඩ. ඉදිරියේදී අවුල් වුණොත් ඉතින් ඒ ගැනත් කියන්නම් :D

මේ ඩයලොග් එකේ ස්පීඩ්ටෙස්ට් කීපයක්:

ගෙදරදි

නුවර ටවුමෙදි

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

18 comments

උඹට මාසෙට 5GB ඇතිද?

by ඉන්දරේ on 2009 December 21 at pm 11:23. Reply #

ම් මදි ඉතින් :D ඒ වුණාට මොබිටෙල් ඩයල් අප් පාවිච්චි කරන එක එපාවුණා!

by Malinthe Samarakoon on 2009 December 21 at pm 11:26. Reply #

පහුගිය කාලෙ මොබිටෙල් gprsත් වැටිලා තිබ්බත්. දැන් දවස් දෙකක විතර ඉඳලා හොඳයි.

ඒ කාලෙ පුශ්ප-out වෙලා ඩයලොග් ප්‍රීපේඩ් එකක් ගත්තට, නිකං ලැබුන 50හෙ කතාකොලා විතරයි. :)

අපේ පැතිවලට 3G නම් මළාට එන්නෙ නැති නිසයි තාමත් මොබිටෙල් තරම් ඩයලොග් ගේ ඇතුලේ වැඩ නොකරන හිංදයි, මාරුවෙන්න බැලුවෙ නෑ.

කොහොම හරි. තව මාසෙකින් දෙකකින් මොබිතෙල් ලෝඩ් එක ඩයලොග්ගට ගිහින් ඒකත් අලවෙනවා, මාස කීපෙකට කලින් අනිත්පැත්තට උනා වාගෙ.

by ගයාන් කල්හාර on 2009 December 22 at am 1:18. Reply #

එතකොට අපි ආයෙ මොබිටෙල් ගන්නවා :D

මොබිටෙල් ඩයලොග් මාරුවීමේ චක්‍රය :P

by Malinthe Samarakoon on 2009 December 22 at am 6:19. Reply #

අඩේ ඒකත් මරු බං !
සීසෝ අප් ඇන්ඩ් ඩවුන් වගේ දෙපැත්තට පැද්දි පැද්දි ඉතෑකි :P

by ඉන්දරේ on 2009 December 22 at am 7:54. Reply #

බ්‍රෝ..ඩ් බෑ..න්ඩ් අප් ඇන් ඩවුන්.

පාරිභෝ_ගිකයෝ හැමදා ඩවුං..

by ගයාන් කල්හාර on 2009 December 22 at pm 3:50. Reply #

අපි නම් ඉතින් ඩයලොග් අතෑරියෙ නෑ, ඔය වැඩේ වෙන බව තේරිලා :)

by තමීර on 2009 December 22 at am 7:25. Reply #

[...] ඉවසන්න බැරුව අපේ මලින්ත ළමයා ඊයේ මොබිටෙල් බැද්දට විසික්කරලා ඩයලොග් අන… ආරංචි වෙන්න ඇතිනේ මිනිහා ඊයේ නුවර [...]

by රජයේ නිල අන්තර්ජාල සැපයුමට මොකක් වෙලාද? | ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි - Pravin Indranama's Blog on 2009 December 22 at pm 12:31. Reply #

මොබිටෙල් මොඩම් එකෙන්ම ඩයලොග් සිම් එක හරහා ඩයලොග් සම්බන්ධතාවය වෙත යොමුවිය හැකිද?

by kasun on 2009 December 22 at pm 8:02. Reply #

මං මේ මොඩම් එක ගත්තෙ මේක ආපු දවස් වල. ඒ හින්ද මේක ලොක් කරල නම් නෑ. දැන් ඒව ලොක් කරලද ෂුවර් නෑ. එහෙම නම් ඩයලොග් ඒව දාන්න බැරි වේවි. අලුත් එකක් පාවිච්චි කරන කෙනෙක්ගෙන් තමයි අහල දැනගන්න වෙන්නෙ.

by Malinthe Samarakoon on 2009 December 22 at pm 8:10. Reply #

අලුතෙන් අවිත් තියන මොබිටෙල් මොඩම් ලොක් කරල තියෙන්නෙ. සොරි.කොම්

by රජිත් on 2009 December 23 at pm 2:15. Reply #

අලුතෙන් එක මොඩම් එකක් මොබියටෙල් එකේ තියනව ලොක් කරපු නැති එකක්.. එයාල කියලමයි දෙන්නෙ ඕනම සිම් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියල.. පොඩ්ඩක් මොබිටෙල් එක පැත්තෙ රවුමක් දාල බලන්න.. රැපියල් 7500ක් විතර වෙන්නෙ..

by KaniRockz on 2009 December 23 at pm 6:35. Reply #

මම නම් දිගටම පාවිච්චි කරේ Dialog. download කරනවා නම් speed එක ගොඩක් අඩු වෙනවා. හැබැයි අඩු උනාට පස්සෙත් web browsing වලට ප්‍රමාණවත් speed එකක් ලැබෙනවා.

අලුතෙන් දෙන Dialog modem lock කරල දෙන්නේ.

by CD Athuraliya on 2010 January 1 at am 10:40. Reply #

I’m in Matara. Using Mobitel 3.2 Mbit/s service. Speeds are very poor. I saw this in ICTA’s web site.
Hope this will resolve this broadband problem in the country.
http://www.icta.lk/index.php/en/icta/90-general/779-government-initiative-to-develop-high-speed-broadband-internet

by Ajith on 2010 January 24 at pm 10:54. Reply #

මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

by gazzan on 2010 April 12 at pm 12:28. Reply #

Machan den thiyana speed ma connection eka mokadda ?

by Udeshika on 2011 April 30 at am 11:49. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.