මේ දවස් වල ජීවිතේ

by Malinthe Samarakoon on December 17, 2009

කොහොමද ඉතින්? ආයෙමත් මේ ලියන්නෙ බොහොම කාලෙකට පස්සෙ. පහුගිය දවස් වල පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියෙ. ලියන්න දේවල් කොච්චර තිබුණත්, වැඩ කටයුතු හින්ද ලියන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ලියන්න තරම් හිතක් තිබුණෙත් නෑ. ඉතිං දැන් ඕන එකක් කියලා ලියන්න කල්පනා කරේ. අද ටිකක් සනීපත් නෑ. උණ හෙම්බිරිස්සාව අරව මේව තමයි. මේ දවස් වල ඒව හැදෙන එකත් ටිකක් අප්සට්නෙ. බෙහෙතුත් අරගෙන ආවා.

DSC05886සුදාරක මල්ලිලගෙ සාහිත්‍ය උළෙල ගැන ලියන්න හිතාගෙන හිටිය. ඒත් ලියන්න ලැබුණෙ නෑ. ඒ ගැන නම් කවුරුවත් දන්නවා ඇති. ෆේස්බුක් එකට ෆොටෝස් එහෙමත් දාල තිබුණනෙ.

eAsia ගැන ලියන්නත් හිටිය ඒත් බැරිවුණා. ඒකෙත් හැබැයි ෆොටෝ තොගයක් ගත්තා, ෆේස්බුක් එකේ තියෙනව දකින්න ඇති.

IMG_0293කොහොමහරි ඒ දෙකම නියම අත්දැකීම් වුණා. හැබැහින් නොදැකපු යාලුවෝ ගොඩක් හම්බවෙන්න ලැබුණු එක හිතට ලොකු සතුටක්. නියම දවස් ටිකක් :)

මොබිටෙල්, කාලෙකට පස්සෙ අල ගොඩක් භාජනය වුණා. දිගින් දිගටම පැමිණිලි කරාට හරියටම ගැටලුව විසඳුවේ නෑ. කොහොමහරි අද ඉඳලා සම්බන්ධතාවය idle වෙලාවට WCDMA වලත්, සම්බන්ධතාවය භාවිතා වෙනකොට HSDPA වලටත් මාරුවෙනවා. මේක හින්දවත් ගැටලු විස‍ඳෙයිද කියලා බලමු. අද නම් එච්චරම අවුලක් පේන්න නෑ.

ගූගල් වේව් එක පැත්ත පළාතෙ ගියේ නෑ කාලෙකින්. කොහොමහරි තව ආරාධනා 18ක් දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න :D

මදැයි, මුකුත් ලියන්න හිතෙන්නෙත් නෑ. ආයෙ ලියන්න හිතුණොත් ලියනවා. දැනට මෙච්චරයි :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

8 comments

ආයිබෝං ආයිබෝං! :)
මොකද බොහොම කෙටි සටහන් වලින් නවත්තන්නෙ?

by ශාකුන්තල on 2009 December 18 at am 12:23. Reply #

ඔන්න දිග එකක් ලිව්ව අද :D

by Malinthe Samarakoon on 2009 December 18 at pm 5:52. Reply #

හොඳයි හොඳයි කාලෙකට පස්සේ හරි ලිව්ව මදැයි

by දුකා on 2009 December 18 at am 2:13. Reply #

ඒක තමයි, දැන්වත් ලියන්න ඕන හරියට. අද නම් ලිව්ව දිග එක්ක :)

by Malinthe Samarakoon on 2009 December 18 at pm 5:52. Reply #

අයියෝ අර පො‍ටෝ එක මෙතනත් ඔබල නෙව!

by සුපුන් සුදාරක on 2009 December 18 at am 10:30. Reply #

කරන්න දෙයක් නෑ, උඹේ වැරැද්ද :P

by Malinthe Samarakoon on 2009 December 18 at pm 5:53. Reply #

උබට ලෙඩ හැදෙන්නම ඕනි Blog post එකක් ලියන්න. :P

by හර්ෂණ on 2009 December 18 at am 10:42. Reply #

ane sudo mama htwe uumba ganu adumak adan awt inne kyala,monada bn tkk piliwelata htapnko :P

by Buddika on 2009 December 18 at pm 6:36. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.