කාලයක් බලාගෙන ඉඳල  ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන.  කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා.

ඉතින් සති කීපයක්ම මේ වැ‍ඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර වෙලා අන්තිමේදි වැඩේ අත්හරින තත්ත්වයටම ආවා. අන්තිමේදි මොකද කරේ, ඇපල් වලට සිංහල ෆොන්ට් එකක් හදපු නිකලස්ට කතාකරා. මං නික්ගෙ ෆොන්ට් එකෙන් Arial එකට කොපි කරල හදපු ෆොන්ට් එක එයාටම දුන්නා. නික් ඒකට අවශ්‍ය script එක දාල දුන්නා. මේ ෆොන්ට් එක ෆෝන් එකට දාල බැලුවම වැඩේ ගොඩ! පුදුම සතුටක් තමයි එවෙලෙ ඇතිවුණේ. මං ඒක දැකපු ගමන් කෑගහපු හැටි ඇහුණනම් කට්ටිය බිම පෙරලි පෙරලි හිනාවේවි :D

කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න ;)

මේ තියෙන්නෙ අයි‍ෆෝන් එකේ දැන් සිංහල පේන විදිය තමයි. සමහර තැන් වල තාම පොඩි පොඩි අවුල් එනවා. ඒවා ඉදිරියේදි හදාගන්න පුළුවන් වේවි.

යතුරුපුවරුවක් හදාගන්නත් ඕන සිංහල ටයිප් කරන්න. කරන විදිය ගැන තාම අදහසක් නෑ. කන්වර්ටර් එකකින් නම් කරගන්න පුළුවන්. ටිකක් එහෙම කරල බැලුවා. සාර්ථකයි.

ඉතින් මේ තොරතුරු අස්සෙ අද සූර්යග්‍රහණයකුත් වුණානෙ. දවල් ට්විටර් එකේ සද්දෙ ඇහෙනකොට තමයි ගිහින් බැලුවෙ. ඊටපස්සෙ මල්ලිත් එක්ක කැමරාවක් අටවලා ෆොටෝ ටිකක් ගත්තා. වටපිටාව බොහෝ දුරට අඳුරු වුණා. උෂ්ණත්වයත් අඩුවුණා. නියම අත්දැකීමක්.

කැමරාව අටවගත්තෙ පරණ කැසට් එකක් කඩලා ගත්ත ටේප් වලින් :D

මගේ ෆොටෝ බ්ලොග් එක ආයෙමත් පටන්ගත්ත. ගිහිල්ල බලන්න: malinthe.info

Related posts - ආශ්‍රිත ලිපි:

  1. eBay කතා
  2. ඊයේ නියම දවසක්!
  3. මොබිටෙල් ටිකට්, දේශපාලන රැලි සහ ප්‍රවාහන අල
  4. The Fall of Mobitel?
  5. ලයිව් රයිටරෙන් ටෙස්ටින් පාරක්