නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey
by Malinthe Samarakoon on May 10, 2010
කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.
මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.
ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.
මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.
බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.
එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේපර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.
ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam
පාවිච්චි කරලා බලන්න
[Prey]
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

13 comments
Ela
by Malinda on 2010 May 10 at pm 12:21. #
ශා මෙකනම් සිරා වැඩක් මචන් තැන්කූ දැනුවත් කලාට..! මගෙ ප්‍රියාවිත් රැක ගන්ට ඔනේ
by bunny on 2010 May 10 at pm 12:35. #
නියමයි! මේ වගේ එකක් දැන ගත්ත එක නම් ගොඩක් වටිනවා
by හසිත ජයසූරිය on 2010 May 10 at pm 2:33. #
මම පාවිච්චි කරපු Dell Inspiron සහ latitude ලැප්ටොප් වල තියෙනවා BIOS එකටම built-in Computrace කියල පහසුකමක්. මේකෙන් පුළුවන් HDD එක ෆෝමැට් කලත් trace කරන්න. සමහරවිට මේ පහසුකම අලුත් හැම ලැප්ටොප් එකකම ඇති!!
by linux.wellassa.org/ on 2010 May 10 at pm 3:50. #
ela ela….
by ilandhariya on 2010 May 10 at pm 4:10. #
ෂා මෙන්න මලින්ත බ්ලොග් පෝස්ට් එකක් ලියලා
මේක නම් දාලා බලන්නත් හිතෙනවා… ඒ උනාට මේක start වෙන්න උස්සපු එකා මගෙ පාස්වර්ඩ් ටික පහු කරගන්න එපැයි… ඊට කලින් ඌ ෆෝමැට් කරලම දායි
by Chathura W on 2010 May 10 at pm 9:25. #
ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට කියන්න බෑනේ
by Malinthe Samarakoon on 2010 May 10 at pm 9:42. #
ඕකට WiFi hotspot එකකට ලැප යන්නම ඕනේ නේද? නැත්තම් බෑනේ. ලංකාවේ ඉතින් WiFi hotspot නේද? හැබැයි නියම වැඩක්
by කසුන් නදීශන on 2010 May 12 at am 10:11. #
ඉස්සැල්ලා කමෙන්ට් එක පොඩ්ඩක් වැරදිලා මෙහෙම දාන්න ” ඕකට WiFi hotspot එකකට ලැප යන්නම ඕනේ නේද? නැත්තම් බෑනේ. ලංකාවේ ඉතින් WiFi hotspot අඩුයි නේද? හැබැයි නියම වැඩක්”
by කසුන් නදීශන on 2010 May 12 at am 10:15. #
ඒක නම් ඇත්ත තමයි. හැබැයි ළාවට hotspot එකක් අහුවුණත් මේකෙන් ඔටෝ සම්බන්ධ වෙලා වැඩේ සිද්ධ වෙනවා.
by Malinthe Samarakoon on 2010 May 12 at am 10:17. #
මං කමෙන්ට් දෙකක්ම දාල තියෙනව ‘ඒක නම් ඇත්ත තමයි’ කියලා
by Malinthe Samarakoon on 2010 May 12 at am 10:18. #
නෑ බං මේකත් එක්ක තුනයි
by Chathura on 2010 May 30 at pm 12:40. #
Thanks machang habai aulakata thiyenne password dala thibooth aniwaryenma ganna eka format karanawane.ithin karanna deyak na ne.pass word dala thibbe naththam privacy akak na ne.athakota thawa pasnayak.
eth bohoma weda gath lipiyak
by V on 2010 May 12 at am 11:58. #