කෙහෙල්.

by Malinthe Samarakoon on July 28, 2010

Bananas

මං කැමතිම කෑමක්. අද උදේ මදි නොකියන්න ඇඹුල් කෙහෙල් ගෙඩි හයකටම වග කියපු හින්ද තමයි කෙහෙල් ගැන මොනවහරි ලියන්න හිතුණෙ. අනිත් එක කෙහෙල් අපේ ජීවිත වලට ගොඩක් සම්බන්ධයි. මොකක්හරි එපාකරපු වැඩක් සිද්දවෙනකොට නොදැනීම ‘මොන කෙහෙල්මලක්ද‘ කියල කියවෙන්නෙ නිකං නෙවෙයිනෙ.

මොනව වුණත් කෙහෙල් හෙවත් කෙසෙල් හරිම addictive කෑමක්. වෙලාවකට කෙසෙල් ගෙඩි තොගයක් හම්බවුණාම කාගෙන කාගෙන යන්න හිතෙනවා. කොටින්ම කියනවා නම් දැන් ටිකකට කලින් කෙසෙල් ගෙඩි ගිලන අතරතුර පොඩි කාලෙ වෙච්ච වැඩකුත් මතක් වුණා.

එතකොට මං ගොඩක් පුංචියි. කෙසෙල් තොගයක් ගෙනත් තිබුණ දවසක්. මමයි මල්ලියි පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක බැහැගෙන කෙසෙල් ගෙඩි ගොඩක් කාගෙන කාගෙන ගියා. කාපු කෙසෙල් ගෙඩි වල ලෙලි ටික විසිකරා කුස්සිය පැත්තට :D ඕක කියනකොට තව එකක් මතක් වුණා. ඒ දොඩම් සම්බන්ධයෙන්. මල්ලියි මමයි පොඩි කාලේ දොඩම් කනකොට කරන්නෙ ඒකෙ යුෂ ටික බීලා ඉතුරු වෙන කෑල්ල බිත්තියට විසිකරන එක. ඒක ගිහින් ‘තක්‘ යන අනුකරණයෙන් බිත්තියේ ඇලෙනවා! බිත්තිය පේන්ට් කරන කාලෙට එව්ව ගලවන්නත් සිද්ධ වෙනවා. අපි එතකොට මොනවත් දන්නෑ :P

මං කෙසෙල් වලට ගොඩක් කැමතියි. ප්‍රියතම වර්ගෙ සීනි කෙසෙල්. අද උදේ නම් ගිල්ලෙ ඇඹුල් ඒව ටිකක්. කෝලිකුට්ටු වලට නම් වැඩි කැමැත්තක් නෑ. ආනමාලු අවුලක් නෑ. මං රතඹලා වලටත් කැමතියි. දැන් ටික දවසකට කලිනුත් ගෙනල්ලා තිබුණා. ඔය ටික තමයි ඉතින් කාලා තියෙන්නේ. තව වර්ග තොගයක්ම තියෙනවා කියලා ආරංචියි.

කෙසෙල් කනකොට මං අකමැතිම වැඩේ තමයි ලෙල්ල කලු පාට වගේ වුණු ඒව කන එක. :D කවුරු මොනව කිව්වත් මට ඒව කන්න බෑ. තව ඉතින් කෙසෙල් ගෙඩියක් තැලිල එහෙම තියෙනකොටත් රුචිය නැතිවෙලා යනවා.

මං පොඩි කාලෙ කරන වැඩක් තමයි කෙසෙල් ගෙඩියක් අරගෙන පෙති ගහලා පෙති ටික පාන් පෙත්තක් ඇතුළට දාලා කන එක! දවසක් කෙසෙල් වලින් පොඩි කෑමක් හදන්න ගිහින් වැඩේ ජෝන් බාස්ට ගියා.

අළු කෙසෙලුත් හොඳ කෑමක්. ඉස්සර නම් නිතර හදනවා. කාලෙකින් කන්න බැරිවුණා. අම්මට කියන්න ඕන වෙලාවක හදන්න කියලා. තව පොඩ්ඩෙන් අමතක වෙනව කෙසෙල් කොළ. කෙසෙල් කොළයක බැඳපු බත් එකක් කනකොට තියෙන ගතිය නම්… කියලා වැඩක් නැත. ඇයි කෙහෙල්මුව!

මට මතකයි කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක කෙසෙල් වලින් හැදුව අමුතු කෑමක්. කෙසෙල් ලෙදර් කියල. අද්බූතයි. ඒ ගැන නම් ඊටපස්සෙ අහන්න ලැබුණෙ නෑ. කවුරුහරි දන්නව නම් කියන්න. කෘෂිකර්ම වැඩසටහනක තමයි ඒක පෙන්නුවේ. ගූගල් පිහිටෙන් සොයාගතිමි: කෙසෙල් ලෙදර් සහ කෙසෙල් බයිට්

දැන් නම් කෙහෙල් ගැන ලිව්ව ඇති වගේ. කොහොමහරි ඉතින් කියන්න තියෙන්නෙ කෙසෙල් බොහොම රසගුණ තියෙන පළතුරක් කියල තමයි.

දැන් ඉතින් ඕන කෙහෙල්මලක් කියලා කෙහෙල් ගෙඩියක් කන්න. හැබැයි ලෙල්ල නම් පාරට විසි කරන්න එපා! :P

Photo Credit: Ian Ransley

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

12 comments

ආ Related posts – ආශ්‍රිත ලිපි: යටතේ මොබිටෙල් ගැන ඒව පෙන්නන්නෙ මලින්ත ඒකට බනිනකොට එහෙමත් කෙහෙල්මල අරව මේව කියන නිසා වෙන්න ඇති :D

by Anandawardhana on 2010 July 28 at pm 1:37. Reply #

මතක් වෙන කොටත් රස දැනෙනව දැනෙනව වගේ..
මාත් වර්ග තියෙනව කියල නම් දන්නවා. අදුනගන්න විදියට තමයි දන්නැත්තේ.

by ගයාන් තාරක on 2010 July 28 at pm 4:21. Reply #

කෙහෙල් මරු කෑම තමයි :D මන් නම් ආස ඇබුල් කෙහෙල් වලට ඕන තරම් කන්න පුලුවන්.ඒත් සෙම හැදෙනව කියල කන්න දෙන් නෑනෙ :(

by Hasitha ජයසූරිය on 2010 July 28 at pm 4:41. Reply #

ආආආආ…පෝ පචමයි කියන්නෙ. blog 1ක පටන් ගන්නකොට කියනව උදේ සීනි කෙසෙල් ගෙඩි ගිල්ල කියල..මැද වෙන කොට සීනි කෙසෙල් ඇඹුල් කෙසෙල් වෙලා.

by ජානක on 2010 July 28 at pm 5:49. Reply #

හයියෝ වැරදිලානෙ :D ඔන්න හැදුව. ඇඹුල් තමයි කෑවෙ.

by Malinthe Samarakoon on 2010 July 28 at pm 6:28. Reply #

[...] This post was mentioned on Twitter by Chathura W, Royly. Royly said: කෙහෙල්. http://bit.ly/cLBeZA [...]

by Tweets that mention කෙහෙල්. | මලින්තගේ සටහන | Malinthe's Note -- Topsy.com on 2010 July 28 at pm 11:32. Reply #

අවසානයෙ කෙසෙල් ගසටද කෙටුවා.හොට පැටලුනා……..
ඔන්න මම ඉතිරි ටික සම්පුර්ණ කලා…..

Tip 1 දුර බැහර ගමනක් සදහා පුද්ගලික බස් එකකට ගොඩ වේනම් කෙසෙල් කැමෙන් වලකින්න.. :P

:D මොකෝ බන් එක පාරට කෙසෙල් මතක් උනේ ?

by bunny on 2010 July 29 at am 6:42. Reply #

මලින්තය දුර ගමන් බස් වල විතරද කොහෙද ගමන් බිමන්.. ;) :D

by Gayantha on 2010 July 29 at am 6:57. Reply #

බොරු කියන්නේ මොකටද..
මම නම් අකමැතිම පළතුරක්..

by Ansh Lucky Sri Jay on 2010 August 3 at pm 3:43. Reply #

කෙසෙල් ගෙඩි දෙක තුනක් පෙති කපා ගන්න. එය දීසියකට දමා ඊට පැණි එක් කර රස විඳින්න.

අත්දැකීමෙන් කියන්නෙ

සීනි කෙසෙල් ඇම්බුම් කෙසෙල්, ඇඹුල් හා කෝලිකුට්ටු මේ සඳහා විශේෂයි.
පැණි යොදන විට අනුකරණවලට නොරැුවටෙන්න. ඉස්තරම්ම කිතුල් පැණි හෝ පොල්පැණි යෙදීමෙන් උපරිම රසවින්දනයක් ලැබිය හැකිය.

by hansakinkini on 2011 January 5 at pm 4:26. Reply #

රස පාටයි :D වෙලාවක ට්‍රයි එකක් දීල බලන්න ඕන.

by Malinthe Samarakoon on 2011 January 5 at pm 4:28. Reply #

අපේ මලයගෙ ප‍්‍රියතම කෑම
මිනිහ කෙසෙල් කාල පැණි බෝතලේ ඉවර කරන නිසා අම්මගෙන් නිතරම බැනුම්

by hansakinkini on 2011 January 5 at pm 4:34. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.