දත.

by Malinthe Samarakoon on July 12, 2010

alligator's teeth

රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු වෙලාවෙ ඉඳන්. මොනවහරි හැපුවොත්. ඉන්න බෑ. ඩ්‍රිල් එකකින් හිල් කරනව වගේ. මොන මගුලක්ද. මෙහෙම කන්නෙ කොහොමද? බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව.

කොච්චර රසට තිබුණත් වැඩක් නෑ. රස නොදැනෙන ගානට දත රිදෙනව. එතකොට කෑම පිඟාන උස්සල පොළවෙ ගහන්න හිතෙනව.

මං දත් මදිනව. දවසට දෙවරක්. එහෙමනෙ කරන්න කියන්නෙ. ඉතින් ඕක හැමදාම කරනවනෙ. දවසට දෙවරක්. සතියට දවස් හතක්. මාසෙට දවස් තිහක්. නැත්තං තිස් එකක්. පෙබරවාරි වලට නම් විසි අටයි. අදික අවුරුද්දක් නං විසි නවයයි. මදිනව මදිනව මදිනව. යන්තරේ වගේ. ෆැක්ටරියක් වගේ. මැදගෙන මැදගෙන යනව. වෙලාවකට ඇනෙනව බුරුසුව කටේ. දෙයියො සිහිවෙනව. ඒත් මදිනව. මැදල මිසක් අතාරින්නෙ නෑ. ඔන්න ඔහොම.

සිග්නල්, ක්ලෝගාඩ්, සිග්නල් හර්බල්, සිග්නල් වයිටනින්, කොල්ගේට්, සුදන්ත, සුපිරිවිකී සහ එකී මෙකී නොකී හැම එකෙන්ම මදිනව.

ඒ වුණාට, මෙච්චර මැදලත්, දත රිදෙනව. මොන මගුලකටද එහෙනං මෙච්චර මදින්නෙ? ඇයි නොමැද නිකං ඉන්නෙ නැත්තෙ?

හැමෝම මේ වගේ මදිනවද?

ඉස්සරහ නිදාගෙන බල්ලව ගමු. ඌ මදිනවද? පූසෙක් ඉන්නව අතන. ඌ මදිනවද? නෑ. හොරෙන්වත් මදිනවද? මං හිතන්නෑ. ජීවිතේට මදිනවද? මං දැකල නෑ.

ඔන්න බල්ලෙක් එනව මේ පැත්තට. මං අහනව උගෙන්. “බල්ලා, උඹ දත් මදිනවද?“

ඌට තේරෙන්නෙ නෑ. ඌ මගේ මූණ දිහා බලල මට බුරනව. වලිගෙ වනනව. බුරනකොට මට උගෙ දත් සෙට් එක පේනව. උගෙ දත් සෙට් එක හොඳට තියෙනව. ඒත් ඌ මදින්නෙ නෑ කියල මට ෂුවර්. උගේ දත් දැක්කම වෙලාවකට බය හිතෙනව. ඒව දිලිසෙනව. සමහර දත් උල්වෙලා. පිහි වගේ. ඒත් ඌ මදිනවද? නෑ.

ලෝකෙ තියෙන මොන මල ජරාවක් කෑවත් ඌ දත් මදිනවද? නෑ. උන්ට දත් දොස්තරල ඉන්නවද? මං නං දැකල නෑ. ඌ දත රිදෙනව කියල අඬනවද? නෑ.

මොකක්ද මේකෙ තේරුම?

මෙච්චර මැදලත් ඇයි මට මෙහෙම වෙන්නෙ?

බත් පිඟාන ගන්නව. කටක් කනව. හරියන්නෑ. රිදෙනව. මං පිඟාන දෙනව බල්ලට. “උඹම කාපන්. බූරුව.“

මං ගිහින් ආයෙ මදිනව. අද ටිකක් වැඩිපුර මදිනව. හෙටත් මදිනව. අනිද්දත් මදිනව. මදි නොකියන්න මදිනව.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. නැහෙන්න.
  2. A post from my new phone

12 comments

wow ඇත්තටම දත රිදෙන්නෙ නැත්තන් මේක කොයි තරම් ලස්සන නිර්මාණයක් කියල කියන්න තිබුණද ? :D දත රිදෙද්දි එහෙම කිවුවම මල පනිනවා නේද ? ඒකනෙ ඔයාට කට කැඩෙනකන් දත් පණුවො කනකන් කියන්නේ… ලියන්න ලියන්න කියලා… ඔන්න ඔය දත ගලෝ දාලා ලියනවා දිගටම.. මේක මාර ලස්සනයිනේ ..

by su on 2010 July 12 at pm 10:41. Reply #

දැං නම් මැදල බේරගන්න පරක්කු වැඩියි. දත් දොස්තර කෙනෙක් ළඟට ගිහිං පුරවගනිං ඕක :P

by Chathura W on 2010 July 13 at am 8:43. Reply #

හොඳ වැඩේ මුහහහා දොස්තර ගාවට යනු

by තිලිණ on 2010 July 13 at am 10:52. Reply #

හික් හික් හික් හොද වැඩෙ :P

මෙ ඕකට එකම විසදුමයි තියෙන්නෙ, දත්සැට් එක ගලවලා දාන්න ! :D

ෆොලොරයිඩ් ටිකක් කන්න :D නැත්නම් ප්ලාස්ටොෆ්ෆැරිස් ටිකක් වගෙ ? :P

(ඔවා කරලා අහුවෙලා ගෙදරින් ගුටිකාලා මාව හොයන් එනවා එහෙම නෙවෙ..!)

by bunny on 2010 July 13 at pm 3:31. Reply #

දත නම් ඉවරයි වගේ… ඉක්මනට ඩොස්තර කෙනෙක් ට පෙන්නපන්… නැත්තම් උබ්ගෙ කෑම එක බල්ලට තමා හැමදාම…

by palaamalla on 2010 July 13 at pm 8:56. Reply #

අපි වගේ නොමැද හිටිය නං ඉවරයි නෙ?

දන්තාබුජ ට්‍රයි කලෙ නැද්ද?

by ගයාන් කල්හාර on 2010 July 14 at am 6:39. Reply #

වහාම දොස්තර කෙනෙක් ගාවට යනු..
හැබෑට, ඔහොම ඇබැද්දියක්ම වෙන්න ඕනේ උනානේ, මලින්තට අලුතින් පෝස්ට් එකක් දන්න..
හික්.. හික්..

by Ansh Lucky Sri Jay on 2010 July 14 at pm 10:56. Reply #

go to any doctor you like..but don’t go to the pera dental faculty. I went there to get a filling. they did a temporary one asked me to come after two weeks. when the two weeks went by, the filling was already off the tooth. they drilled it again and did a temporary filling… story continued for about a year and now, i have lost two third of my tooth and my condition is no better than yours :(

(soory for writing in English..technical prob as always :P )

by deeps on 2010 July 22 at am 10:13. Reply #

@All: හයියෝ හයියෝ :D දතට එච්චරම අප්සට් එකක් නෑ. දැන් රිදෙන්නෙත් නෑ. ඒ හින්ද අවුලක් නෑ මං හිතන්නෙ :P

@Deeps: ඔව් මං එකපාරක් එහෙට ගිහින් තියෙනව. ටෙම්පරියක් දැම්ම. තාම ඒක එහෙමමයිද කොහෙද :D

by Malinthe Samarakoon on 2010 July 28 at pm 12:49. Reply #

කූල් මොනව හරි බීල බලන්ඩ දත හරිද කියල :D

by ගයාන් තාරක on 2010 July 28 at pm 6:03. Reply #

හිහි හිහි අය්යටත් මාර ලෙඩ තමයි වෙන්නෙ..
හිනා ගියේ ලියල තියෙන විදියට හොදේ.. :D
මේ අහන්නමයි හිටියෙ කෝ ඔයාගෙ කලින් ලියපු ඔක්කොම පෝස්ට් තියන තැන? මට පේනව අඩුද මන්ද.. ම්හු..මමනම් දැක්කෙ නෑ තාම..

ජය වේවා..!!

by හිම කුමාරි on 2011 May 13 at am 3:31. Reply #

ඔන්න පහලින්ම ඇති Archives කියල එකක්. ඒකෙන් බලතැකි :)

by Malinthe Samarakoon on 2011 May 13 at am 10:49. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.