නමක් නෑ ඕයි.

by Malinthe Samarakoon on May 11, 2011

Nugegoda Flyover

ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස් වෙලා. අහස රතු පාටයි. වටපිටාවෙ ලයිට් එකට පිස්සු හැදෙනව. බෑග් එක අස්සට අත දාල කැමරාව එළියට ඇදල ගන්න හිතුණත් ටික වෙලාවකින්ම ඒ හිතිවිල්ල එතනම මැරෙනව.

මහන්සියි. දවසම එක තැන ඉඳගෙන ලැප්ටොප් එකේ ඔලුව ඔබාගෙන හිටියම ඔහොම තමා.

“මචං මං යනව!“

“හරේ. ටටා.“

අසිත ගෙදර දුවනව. ළඟදි බැඳපු හින්ද පොරට ගෙදර දුවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්. පොර නොපනී ගියාට පස්සෙ මං පාර දිහා බලාගෙන ඉන්නව.

කලාතුරකින් දකින ජැගුවාර් එකක් වංගුවෙන් හරවල පාරට දානව. ඒ දිහා කෑදරකමෙන් බලාගෙන ඉඳල පාර පනින්නෙ කලර් ලයිට් වල රතු පාට පත්තු වුණාම. පාර මැද පොලිස්කාරය නලාවත් ගගහ නැටුම් නටනව. අලුත්ම අලුත් බෙන්ස් එකක් ගත්තු පොරක් කොහිල හොයන්න යන්න හරවනව. මං උගෙ පාර බ්ලොක් කරන හින්ද ඌ හෝන් එකෙන් සිම්පනියක් ගහනව.

යකා. ඌ යනව අත් දෙක වන වන. වීල් එක අල්ලගනින් බූරුවො.

බස් නවත්තන්නෙ මෙතන. වැඩ ඉවරවෙලා ගෙවල් වල බෝඩිං වල යන කට්ටිය බස් එනකල් ඉන්නෙ. ගොඩක් අයගෙ මූණු වල මහන්සි පාට පෙනුනට ගොඩක් අය ඉන්නෙ හිනාවෙලා. කට්ටියක් ෆෝන් වල එල්ලිලා. කට්ටියක් තමන්ගෙ සිග්නිෆිකන්ට් අදර් එක්ක කතාව. කට්ටියක් යාලු මිත්‍රාදීන් එක්ක කතාව.

කතාකරපල්ලා. හිනාවෙයල්ලා. ජීවත් වෙන ටික කාලෙටනෙ.

මං ඉයර්පෝන් දෙක කනේ ගහගන්නව. කන් දෙක අස්සටම යන හින්ද ඊටපස්සෙ වටපිටාවෙ සද්ද ඇහෙන්නෙ නෑ.

“Well the night I was born, lord I swear the moon turned to fire red…”

ඉඩ තියෙන බස් එකක් එනව. මං දුවල ගිහින් නගිනව.

කොන්දොස්තරගෙ කට හෙලවෙනව පේනව. පොර අහන්නෙ කොහාටද යන්නෙ කියල.

“නුගේගොඩ.“

පොරට මං කියන එක ඇහෙන්නෙ නෑ. මටවත් ඇහෙන්නෙ නෑ. ඊටපස්සෙ ටිකක් හයියෙන් කියනව.

“නුගේගොඩ!“

ඌ ඉතුරු රුපියලක් දෙනව. හිත හොඳ එකා. හැම එකාම ඔහොම රුපියල දෙන්නෙ නෑ. මූට අවුරුද්දට සරමක්වත් අරන් දෙන්න ඕන.

“Well the mountain lions found me there waiting, and set me on the eagles wing…”

පාට පාට ලයිට්. ජනේලෙ අයිනෙ හුළං වදිනව. දාඩිය. හුළං පාරට අතුරුදන් වෙනව. සනීපයි.

“’cause I’m a million miles away, and at the same time I’m right here in your picture frame”

එකෙක් මට ඇඟිල්ලෙන් අනිනව. බැලින්නං කොන්ද.

“ඇයි ඕයි?“

“මේ නුගේගොඩ.“

“ඉතින්?“

“බැහැපන් යකෝ.“

මං බහිනව. තොට අවුරුද්දට සරමක් හම්බෙන්නෑ යකෝ!

පොටෝ එක: http://www.flickr.com/photos/malinthepix/5384563043/

16 comments

මරු
අන්තිම ටිකේම තිබුන post ටිකේම අමුතු qualityයක් තිබුණ.
දිගටම ඔහොම යං

by ප්‍රසාද් රණතුංග on 2011 May 11 at pm 10:38. Reply #

සුපිරි, මං මේ ස්ටයිල් එකට කැමතියි :D

by Ansh Lucky Sri Jay on 2011 May 11 at pm 11:04. Reply #

ළඟදීම මලින්තනම් අම්බානක් කන්න වගේ යන්නේ… යන තැනක පරිස්සමින් යන එක තමා නුවණට හුරු!!!

by දක්ෂිණ on 2011 May 11 at pm 11:05. Reply #

අපරාදේ සරම….

by මල්$han on 2011 May 12 at am 12:02. Reply #

උඹ ඔය යන විදියට කොහේහරි ගිහින් හොම්බයි කටයි බොම්බයි මොටයි කරගනියි කියල බයයි ඕයි. සිස්හි ඇතුව පලයන්. සිරා ලියමන හැබැයි.

by Dili/දිලින on 2011 May 12 at am 6:39. Reply #

හික් හික් නියමයි

by හසී on 2011 May 12 at am 11:34. Reply #

හ්ම්ම්….. ලස්සනයි. අමුතුම කලාවක් තියෙනවා….

tharuatharin.blogspot.com

by starry angel on 2011 May 12 at pm 1:23. Reply #

දෙන්න එපා සරම!

නියමයි..!

by තාරක Dilsh@n on 2011 May 12 at pm 3:24. Reply #

දැන් තමයි මේක අහු වුණේ…. නියමයි මේ ලියන විධිය. වැඩි කතා ඕන නෑ…. අපි හොඳයි කියල හිතන මිනිස්සු ක්ෂණයෙන් අනිත් පැත්ත ගැහෙනව නේ…

by hare :-) on 2011 May 12 at pm 10:56. Reply #

තැන්කු! :)

by Malinthe Samarakoon on 2011 May 13 at pm 12:33. Reply #

සිරා බං!

by Binku on 2011 May 13 at pm 11:38. Reply #

නියමයි බන් . . මාර ස්ටයිල් එක

by දුකා on 2011 May 15 at pm 3:52. Reply #

ඇත්තටම මම අද තමා මලින්ත අයියේ ඔයාගේ බ්ලොග් එක් කියවන්න හම්බ උනේ. ලියන ස්ටයිල් එකනම් මරු කියවන්න ආස හිතෙනවා……….

by ලහිරු චන්දිම on 2011 July 29 at pm 12:42. Reply #

[...] Read the rest of this entry » [...]

by නමක් නෑ ඕයි. | ඇපල් සින්ඩිය on 2011 December 22 at am 11:01. Reply #

[...] නමක් නෑ ඕයි. ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස්… [...]

by මගුල. | ඇපල් සින්ඩිය on 2011 December 22 at am 11:02. Reply #

[...] නමක් නෑ ඕයි. ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස්… [...]

by නමක් නැත. | ඇපල් සින්ඩිය on 2011 December 22 at am 11:03. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.