ත්‍රිපාදෙ.

by Malinthe Samarakoon on May 20, 2011

“ඌ ෆෝන් එක විකුණලා! වල් ඌරා. මං ඕකට කිව්ව මං අද හවස ඕක ගන්නවයි කියල. මං ඊයෙත් කිව්ව. අද උදෙත් කෝල් කරා. දවල් එස්එම්එස් එකකුත් යැව්ව. එහෙව් එකේ ඌට වටිනවද ඒක අඩු ගානකට කොහෙවත් යන බූරුවෙකුට විකුණන්න!”

“ෂික් මං ඕක ගන්නමයි ගියේ. ඔච්චර ලාබෙට ඔය වගේ එකක් හොයාගන්න බෑ ඕයි.”

ඔපිසියෙ එවුන් අන්දමන්ද වෙලා. උන් දන්නෑ මං මොන මගුලක් කියවනවද කියල.

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඌ ගාව වෙන එකකුත් තියෙනවලු. ඒත් මට ඒක ඕන නෑ. මං ඒකට කැමති නෑ.

හවස් වෙලා ගියා ටවුන් හෝල් එක පැත්තෙ. ත්‍රිපාදයත් උස්සගෙන. වෙසක් ලයිට් වල පොටෝ ගන්න.

ඒ පැත්තට ගිය නිසා අරූට කෝල් එකක් දෙන්නත් හිතුණ.

අන්තිමට කතාකරා.

“හලෝ අර පෝන් එක තාම තියෙද?”

“ආ ඔව්. දැන් බලනවද?”

“ඔව්. කොහෙද ඉන්නෙ?”

“මං මේ ටවුන් හෝල් එක ළඟ”

මං යනකොට ඌ හිටිය දත් තිස් දෙකම පෙන්නගෙන. වල් ඌරා!

“හලෝ මල්ලි! මේ තියෙන්නෙ අනිත් ෆෝන් එක. මේක ඇවිත් හොඳ HTC භාණ්..”

“ඇයි තෝ අරක විකුණුවෙ යකෝ!!!”

ඌ තිගැස්සුණා.

වටපිට එවුන් මූ දිහා බලනව. මූ වටපිට එවුන් දිහා බලනව.

උගෙ මූණෙ හැටි! වල් ඌරෙක් වගේ.

මට උගෙ මූණ පේන්න බෑ.

මං ත්‍රිපාදය අතට ගත්ත. යකඩ ප්ලාස්ටික් වලින් හැදුවට ඒක හෙණ හයියයි. හොඳ බර.

මං ඒකෙන් උගෙ ඔලුවට තඩිබෑව. ඌ බිම ඇදගෙන වැටුණ. අනිත් පෝන් එකත් විසිවෙලා ගියා කාණුවකට..

“අනේ මගේ පෝන් එක”

ඌ කෑගැහුවා.

“කටවහපිය!”

මං ත්‍රිපාදෙ ඔලුවෙන් උගේ මූණ පොඩි කරා. ඌ ලේ පෙර පෙර අඬනව.

බඩටත් එකක්. ඊටපස්සෙ හිතේ හැටියට ත්‍රිපාද පාරවල් හත අටක් දුන්න.

අන්තිමට මගේ පාදයෙන් බඩට තව එකක් ඇන්න.

ත්‍රිපාදෙ ලේ. ෂික් මුගෙ වල් ඌරු ලේ. මං ළඟ තිබ්බ ටැප් එකකින් ඒක හෝදගෙන ගිහින් එකසිය තිස් අටක නැග්ග.

14 comments

පුහ්! බලාගෙන යද්දි ත්‍රිපාදෙත් භයාණක භාණ්ඩයක්! ඔය කෑලි තුනේ අනිත් භාණ්ඩ වගේමයි.

මට මතක් වුණේ irreversible කියන චිත්‍රපටිය. ඇහැක්නං හොයාගෙන බලන්න.

by hare :-) on 2011 May 20 at am 9:54. Reply #

මටත් මේ දැන් ටිකකට කලින් ඔය සිත්තරපටේ ගැන ඇහුණ :D

by Malinthe Samarakoon on 2011 May 20 at am 9:59. Reply #

මරණයක් මරණයක් :D

by DarKneT ඉෂාර on 2011 May 20 at am 10:20. Reply #

ඊයෙද ඕක උනේ… මාත් ඒ හරියෙ ඔය ත්‍රිපාද කාරයො කීප දෙනෙක්ම දැක්ක..
එකෙක් මං දිහා ‍හොදට බල බල ගියා
එහෙනම් මගේ ජීවිතෙත් බේරුනේ අනූනමයෙන් ඈ

by සහෝධරයා on 2011 May 20 at am 11:47. Reply #

119

ලිඛිත

by Gayan Kalhara on 2011 May 20 at pm 12:14. Reply #

119

ලිඛිත සාක්‍ෂි

by Gayan Kalhara on 2011 May 20 at pm 12:15. Reply #

මාත් දැක්කා මලින්ත ඊයේ උදේ පාන්දර මලින්ත ඕක උස්සගෙන යනවා. අනූනමයෙන් මාත් බේරිලා තියෙන්නේ…. xD

මේ කතා විලාසය නම් පට්ට…

by දක්ෂිණ on 2011 May 20 at pm 12:50. Reply #

මරු :D

by Ansh Lucky Sri Jay on 2011 May 20 at pm 4:17. Reply #

ඇහ්!! දැන් කොහේද මලින්ත ඉන්නේ? පොලෝසියේද?

by චතුවා(ළමයා) on 2011 May 24 at pm 3:41. Reply #

පට්ට සිරා…මලය දැන් කූරු ගනන් කරනවද දන්නෙ නෑ..:-)

by LKC on 2011 May 26 at pm 10:17. Reply #

යකෝ මේ ටික මම දැන්නේ කියවන්නේ.., පරක්කුයි පරක්කුයි හොඳටෝම පරක්කුයි..!! සිකේ..!! ලිවිල්ල නම් සුපිරි..!! දැන් ඉතින් දිගටම කියවනවා තමා..!!
ජය පතනවා..!!!
ප.ලි: ත්‍රිපාද භාවිතය අනතුරු සහිතයි.., ප්‍රවේසමින් පරිහරණය කරන්න..!

by Lishan Puwakowita on 2011 May 27 at pm 12:16. Reply #

වැස්ස වලාහක දෙයියනේ.. මූ මටත් ඔකෙන් ගහනවා කිවා.. උබ නම් හරිම බයානක පුද්ගලයෙක්..!!

by Bunny on 2011 May 27 at pm 4:02. Reply #

පුක්ස් දෙනවා. අපිටත් කෙලි ද දන්නේ නෑ

by තිලිණ on 2011 May 31 at am 1:31. Reply #

mokada machan apenuth help ekak onade

by Udeshika on 2011 June 1 at pm 5:43. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.