පූල් එක
by Malinthe Samarakoon on April 29, 2012
අපි පූල් එක ගාවට ආවෙ අම්බානක් බීල. මං එවෙලෙ කුකුල් මස් කෑල්ලකුත් හප හප හිටියෙ.
“යමං“
මං තාම කල්පනා කරනවා.
“මේක ගැඹුරු නෑ ඕයි“
අනිත් එවුන් ටික ඇඳුම් ගලවන ගමන් කිව්ව.
මං කවදාවත් පීනල නෑ. තැපෑලෙන් පීනන හැටි ඉගෙනගත්ත හින්ද මට එච්චර බයක් තිබුණෙත් නෑ. ඒක නියම කෝස් එකක්. මට රත්තරන් පාට සෙටිෆිකට් එකකුත් ඒකෙන් හම්බවුනා.
ඉතින් මස් කටුව පැත්තකට විසි කරපු මං ඇඳුම් ටිකත් ගලවලා දාලා පූල් එකට පැන්න.
“ජබොහ්!“
+++
පැනපු ගමන් වටපිටාවෙ සද්ද ඔක්කොම එකපාරටම නැතිවුනා. මට දැනුණෙ වතුරෙන් මගේ කන් පිරෙන එක විතරයි. ඊටපස්සෙ මහා නිහඬතාවයක්.
සීතලයි.
මට පෙනුණෙ බොඳ වෙච්ච නිල් පාටක් විතරයි.
පූල් එක යට කිසිම දෙයක් කරගන්න බැරුව මං ඔහේ ඉන්නව.
ටිකක් දැඟලුවත් කිසිම දෙයක් වුනේ නෑ. පනින්න කලින් ගත්තු හුස්ම ඉවර වේගෙන ගිය හින්ද මං හුස්ම ගත්ත. ඒත් ඔක්සිජන් වෙනුවට වතුර.
“මං ගිලෙනව ඕයි!”
“ගැඹුරු නැති පූල් එකක? මල චාටර්! උඹව තියන්න වටින්නෙ නෑනෙ.”
“පලයන් යන්න #$%^&*“
මං තාම පූල් එකේ යට.
අනිත් එවුන් උඩ පීනනව මට පේනව. මං පූල් එකේ අඩියෙ හාන්සි වුනා.
“මට වෙරි බං“
විනාඩි දෙක තුනකට පස්සෙ මං මැරුණ.
අනිත් එවුන් මාව එළියට ගත්තෙ පැයකට විතර පස්සෙ.
උන්ට තද වෙලා.
“තොට පිස්සුද ඕයි පීනන්න දන්නෙ නැතුව පූල් වලට පනින්න?“
“උඹ නං වැඩක් නෑ බං. මෙච්චර පොඩි පූල් එකක ගිලිල මැරෙන්න? උඹේ යාලුවෙක් කියන්නත් ලැජ්ජයි!“
“දැන් ඉතින් මොනවද කරන්නද බං?“
“හ්ම් දැන් ඉතින් කරන්න දෙයක් නෑ.“

4 comments
කෲරයි.
by Anandawardhana on 2012 April 30 at am 7:32. #
හික්ස්ස්…. අයියෝ පව්…!!!!
by හර්ශන on 2012 June 12 at pm 8:58. #
මං හිතුවේ මේක අත ඇරලා දාලා කියලා.
අනේ ආයේ ලියාපං අයියේ !
by KC on 2012 August 22 at pm 8:50. #
Hahahaa LOL!
නියම පරිකල්පනයක් නෙ..
by Thambaru Wijesekara on 2012 December 11 at pm 5:45. #