මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

මැගී ආච්චිගේ හෑල්ල

අම්මා ලියන මැගී ආච්චිගේ හෑල්ල නම් ලිපි පෙළ මම තවත් වියුණු සටහන් අඩවියකට එක් කරනවා.

http://maggie-aachchi.blogspot.com/



  • 0 Comments
  • Filed under: Uncategorized
  • G2P

    අන්තර්ජාලයේදී නොමි‍ලේ එම්පී3 ගොනු ලබාගැනීම සමහර අවස්ථා වලදී අපහසු කටයුත්තක් විය හැකියි. එම්පී3 හැරුණු විට ඊ-පොත්, මෘදුකාංග ආදී බොහෝ දේ සඳහා මෙය පොදුයි. නමුත් අන්තර්ජාලයේ ‍විවිධ ස්ථානවල ගොඩගසා ඇති මෙවන් ‍ගොනු සොයාගැනීම ගූගල් මගින් පහසුවෙන් කළ හැකියි. මේ සඳහා විවිධ commands විශාල සංඛ්‍යාවක් ටයිප් කළ යුතුයි. මේ කටයුත්ත සරල කර, ඕනෑම ගොනුවක් සොයාගත හැකි ආකාරයට සකස් කළ අඩවියකි ජී2පී.org

    ජී2පී.org

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ටෙරාකොපි

    වින්ඩෝස් සඳහා පමණි: නොමිලේ ලබාදෙන ගොනු පිටපත් කිරීමේ උපාංගයකි.


    විශේෂතා: වේගවත් ගොනු පිටපත් කිරීම , පිටපත් කිරීම තාවකාලිකව නැවතීම හා
    නැවත ආරම්භය, දෝෂ මගින් ගලවාගැනීමේ හැකියාව (පිටපත් කිරීමේදී දෝෂයක්
    වුවහොත්, එම ගොනුව අතහැර ඉතිරිය පිටපත් කරයි. වින්ඩෝස් හි මෙන් පිටපත්
    කිරීමේ මුළුමනින්ම නවතන්නේ නැත.)


    ටෙරාකොපි


    (ලයිෆ්හැකර් හරහා)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • USB බැටරි



    අද ලයිෆ්හැකර් කියවන විටදී දුටු විශේෂ දෙයක්. ඔබේ යූඑස්බී කවුළුව මගින් නැවත ආරෝපණය කළ හැකි බැටරි! ඉතා හොඳ සංකල්පයක්. නමුත් ලංකාවේ නම් තවමත් නැතුව ඇති. යූඑස්බීසෙල්.කොම්

  • 0 Comments
  • Filed under: Uncategorized
  • රොකට්ඩොක්

    වින්ඩෝස් සඳහා මැක් පෙනුම ගෙන එන රොකට්ඩොක් මෘදුකාංගය ඉතා විශිෂ්ටයි. මමත් දැන් එය කාලයක සිට භාවිතා කරනවා. ඒ සඳහා සිංහල පරිවර්තනයකුත් මම ඒ වෙත යවා තිබෙනවා. ඒ පරිවර්තනය ඊළඟ අනුවාදයේ සිට ලබාගන්නට තිබේවි. Rocketdock
  • 0 Comments
  • Filed under: Uncategorized
  • ආනන්දවර්ධන ඇරඹූ සිංහල බ්ලොග් සින්ඩිකේටරය ඉතා අනර්ඝයි. සිංහල බ්‍ලොග්
    කියවීමට කැමැත්තක් ඇති (වෙන භාෂා පිරුණු අන්තර්ජාලයේ තමන්ගේ භාෂාවෙන්
    කියවන්න කවුද අකමැති?) සියල්ලන්ටම මෙමගින් එකතැනකදීම ඒවා කියවීමට හැකියාව
    ලැබේවි.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • බ්ලොග් ලිවීම

    පහුගිය මාස කිහිපයේම වියුණු සටහන ලිවීම අතහැර සිටීමට මට සිදුවුණා. ඊට ප්‍රධානතම හේතුව ‍මෙය කියවන්නේ කවුරුන්දැයි සිතුණු නිසා. නමුත් webalochana.blogspot.com හි anandawardhana මගේ වියුණු සටහන කියවන්නට කැමැති බව දැනගැනීමට ලැබීම විශාල සන්තෝෂයක්. අද පටන් නැවතත් ‍මෙහි සටහන් ලිවීමට මා බලාපොරොත්තු වනවා. සිංහලයට ජයවේවා!

  • 1 Comment
  • Filed under: Uncategorized
  • Performancing අලුත් වෙයි

    වියුණු සටහන් (බ්ලොග්) ලිවීමේදී එම කාර්යය වඩාත් පහසු කරන Performancing නම් මෘදුකාංගයේ නව යාවත්කාල කිරීම ScribFire ලෙසින් නිකුත් වී තිබෙනවා. එය මෙතැනින් ලබාගන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/1730

    භාවිතය සඳහා ෆයර්ෆොක්ස් අවශ්‍යයි.

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ජෝන්ස් නැන්දා ජීවත්වුනේ ඇගේ පූසා මොග් එක්ක. ඈ පුංචි නගරයක බේකරියක් පවත්වාගෙන ගියා. ඒ නගරය තිබුනේ කඳු දෙකක් අතර පහළම තැනක.

    හැම උදෑසනකම ජෝන්ස් නැන්දාගේ ගෙදර අනිත් හැම ගෙදරකටම කලින් එළියක් පත්තුවෙනවා දකින්න පුළුවනි. ඒකට හේතුව ඈ උදෑසනම නැගිටලා පාන්, බනිස්, ජෑම් දාපු පස්තෑල වගේම රසවත් කේකුත් හදන නිසයි.

    ජෝන්ස් නැන්දා උදෙන්ම නැගිටලා ලොකු ගින්නක් පත්තු කරනවා. ඊට පස්සේ ඈ පිටි, වතුර, සීනි වගේම යීස්ට් එහෙමත් දාලා පිටි අනන්න පටන් ගන්නවා. ඊටපස්සේ ඈ අනාපු පිටි පුංචි තැටි වලට දාලා ගිනි ගොඩ ළඟ පිපෙන්න තියනවා.

    ජෝන්ස් නැන්දාගෙ පූසා මොග් උදෙන්ම නැගිටින්නේ මීයො අල්ලන්නයි. මීයො ඔක්කොම බේකරියෙන් එළියට එළෙව්වට පස්සෙ ගිනි ගොඩ ළඟින් වාඩිවෙලා ඉන්න මොග් කැමතියි. ඒත් එතන පානුයි, බනිසුයි පිපෙමින් තිය නිසා ජෝන්ස් නැන්දා එයාට එතන ඉන්න දුන්නේ නැහැ.

    ”බනිස් උඩ වාඩිවෙන්න එපා, මොග්.”

    ඈ කිවුවා.

    බනිස් හොඳින්, ලස්සනටත් ලොකුවටත් පිපෙමින් තිබුනා. පාන්, බනිස් පිපෙන්න තමයි යීස්ට් දාන්නෙ.. යීස්ට් දැම්මාම පාන්, බනිස් විතරක් නෙමෙයි කේක් වුනත් ගොඩාක් ලොකුවට ලස්සනට පිපෙනවා.

    ජෝන්ස් නැන්දා මොග්ට ගින්න ළඟ ඉඳගන්න දෙන්නේ නැතිවෙනකොට, එයා වතුර කරාමය ළඟට වෙලා සෙල්ලම් කරනවා.

    ගොඩක් පූසන්ට වතුර පේන්න බැහැ. ඒත් මොග් එහෙම නැහැ. එයාට වතුර තරම් දෙයක් නැහැ. එයා වතුර කරාමය ළඟට වෙලා ඒකෙන් වැටෙන වතුර බින්දු වලට අතින් ගහන්නේ මුළු ඇෙඟ්ම වතුර හලාගෙන!

    මොග් මොනවගේද? එයාගේ මූණයි, කන් දෙකයි, වලගයයි මාමලේඞ් පාටයි. එයාගෙ බඩයි, පපුවයි, අත් දෙකේ අගයි සුදු පාටයි. එයාගෙ වලගෙ අග සුදු පාටයි. කන් දෙකේ අගත් සුදු පාටයි. එයාගෙ රැවුල් ගසුත් සුදු පාටම තමයි.

    වතුර වැටුනම එයාගෙ මාමලේඞ් පාට ලොම් නරියෙකුගෙ වගේ දුඹුරු පාට වෙනවා. ඒත් එයාගෙ සුදු පාට නම් තවත් වැඩිවෙනවා.

    ”මොග්, ඔයා කලබල වැඩියි. ඔයා මගේ බනිස් තැටි වල වතුර හලන්නේ ඒවා හැදීගෙන එනකොටමනෙ. දුවන්න එළියට. සෙල්ලම් කරන්නෙ එළියෙ.”

    ජෝන්ස් නැන්දා මොග්ට බැන්නා.

    එයා කන් දෙකයි වල්ගයයි පහළට කරගෙන එළියට ගියා. එළියෙ තදින් වහිමින් තිබුනා. (සාමාන්යයෙන් පූසො කන් දෙකයි වල්ගෙයි උඩට කරගන්නෙ සතුටක් දැනුනාම.* නගරය මැදින් ගඟක් ගලාගෙන ගියා. මොග් එතනට ගිහින් මාළු ඉන්නවාද බැලූවා. ඒත් ගෙඟ් ඒ කොටසෙ මාළු හිටියෙ නැහැ. මොග් ටිකෙන් ටික තෙතබරිත වුනා. ඒත් එයා ඒක ගණනකට ගත්තෙ නෑ. ටික වේලාවකින්ම එයා කිඹුහුම් අරින්න පටන් ගත්තා.

    ඊටපස්සෙ ජෝන්ස් නැන්දා දොර ඇරලා කතාකළා, ”මොග්! මම බනිස් ටික අවන් එකට දැම්මා. එන්න ඇතුළට. ඇවිත් ගිනි ගොඩ ළඟ වාඩිවෙන්න.”

    මොග් කොච්චර තෙතබරිත වෙලාද කියනවනම් එයා වතුර නිසා දිළිසෙමින් හිටියා. (හරියට ‘පොලිෂ්’ කරලා වගේ.* ගිනි ගොඩ ළඟ ඉඳගත්ත මොග් කිහිප වාරයක්ම කිඹුහුම් ඇරියා.

    ජෝන්ස් නැන්දා කිව්වා, ”ඔහ්, අහිංසක මොග්, ඔයාට හෙම්බිරිස්සාවවත් හැදීගෙන එනවද?”

    ඈ ඉක්මනින්ම තුවායක් අරගෙන මොග්ව පිහදැම්මා. ඊට පස්සේ උණුසුම් කිරි ටිකකට යීස්ට් දාලා මොග්ට බොන්න දුන්නා. යීස්ට් දුර්වල වෙච්ච අයට හොඳ ආහාරයක්.

    ජෝන්ස් නැන්දා මොග්ට ගිනි ගොඩ ළඟ ඉන්න දීලා පස්තෑල වලට ජෑම් දාන්න පටන්ගත්තා. ඒවා හදලා ඉවර වුනාට පස්සෙ ඈ බඩු ගන්න කුඩයත් අරගෙන එළියට ගියා.

    මොග්ට මොනවා වුනා කියලද ඔයාල හිතන්නෙ?

    යීස්ට් නිසා එයා පිපෙන්න ගත්තා. ලොකු වෙන්න ගත්තා.

    එයා ගිනි ගොඩ ළඟ ඉඳගෙන ගිනි තපිද්දී, එයා ටිකෙන් ටික ලොකු වුනා.

    ඉස්සෙල්ලම එයා බැටළුවෙක් තරමට ලොකු වුනා. ඊටපස්සේ බූරුවෙක් තරමට. ඊටපස්සේ අශ්වයෙක් තරමට. ඊටපස්සේ හිපපොටේමස් කෙනෙක් තරමට!

    ටික වෙලාවකින්ම මොග්, ජෝන්ස් නැන්දාගෙ පුංචි කුස්සියට ඔරොත්තු නොදෙන තරමට ලොකු වුනා. දැන් මොග් දොරෙන් එළියට යන්නවත් බැරි තරමට ලොකුයි. ගෙදර බිත්ති කැඩෙන්න පටන්ගත්තා.

    ලොකු මල්ලකුයි, කුඩයකුයි අරගෙන ජෝන්ස් නැන්දා ගෙදර ආවා. මේ වෙලා තියන වින්නැහිය දැක්ක ගමන් ජෝන්ස් නැන්දාට කෑගැහුනා.

    ”හත්දෙයියනේ! මොනවද මගේ ගෙදරට මේ වෙන්නෙ?”

    මුළු ගෙදරම වෙව්ලමින් දෙපැත්තටම වැනෙමින් තිබුනා. මහා විශාල රැවුල් ගස් කුස්සියේ ජනෙල් වලින් එළියට ඇවිල්ලයි තිබුනේ. නිදන කාමරයක ජනේලයකින් මාමලේඞ් පාට ලොකු පූස් පයක්! තවත් ජනේලයකින් සුදු පාටයි මාමලේඞ් පාටයි තියන පූස් කනක්!

    ”ඤාව්?”

    මොග් කිව්වා. මොග් නින්දෙන් ඇහැරෙමින් ඇඟමෑලි කඩන්න පටන් ගත්තා. ඒත් එක්කම මුළු ගෙදරම බිමට කඩාගෙන වැටුනා.

    ”ඔහ්, මොග්!”

    ජෝන්ස් නැන්දා කෑගැහුවා.

    ”බලන්න ඔයා කරලා තියෙන දේ.”

    ගමේ හිටපු මිනිස්සු මේ වෙන දේ දැකලා පුදුම වුනා. ඒ අයට මේ වෙච්ච දේ අදහාගන්න බැරි වුනා.

    ගමේ මිනිස්සු ජෝන්ස් නැන්දාට ජීවත් වෙන්න නගර ශාලාව දුන්නා. ඒකට හේතුව ඒ අය ජෝන්ස් නැන්දාට කැමති නිසයි. (ඒවගේම ජොන්ස් නැන්දා හදන බනිස් වලටත්.* ඒත් ඒ අයට මොග් ගැන තීරණයක් ගන්න පුළුවන් වුනේ නැහැ.

    නගරාධිපති මෙහෙම කිවුවා, ”බැරිවෙලාවත් එයා තවත් ලොකු වෙලා අපේ ශාලාව කැඩුවොත්? එහෙම නැත්නම් එයා නපුරු වුනොත්? කොහොම වුනත් එයා මෙහේ ඉන්න එක ආරක්ෂාවට හොඳ නැහැ. එයා හරිම දැවැන්තයි.”

    ”මොග් හොඳ පූසෙක්. එයා කාටවත් හිරිහැරයක් කරන්නෙ නැහැ.”

    ජෝන්ස් නැන්දා කිවුවා.

    ”අපි පොඞ්ඩක් ඉඳලා බලමු,” නගරාධිපති කිවුවා.

    ”බැරිවෙලාවත් මොග් කවුරුහරි මනුස්සයෙක් උඩ ඉඳගත්තොත්? එයාට බඩගිනි වුනොත්? එයා මොනවද කන්නේ? එයා මේ නගරෙන් පිට කන්ද උඩ හොඳට ජීවත් වේවි.”

    හැමෝම එකතුවෙලා කෑගැහුවා.

    ”ෂූ! යනවා! ප්ස්! ෂූ!”

    අහිංසක මොග්ව නගරයෙන් පිටතට එළවලා දැම්මා. එදා තදින් වැස්සා. කඳු දෙක මැද්දෙන් වතුර ගලාගෙන ගියා. ඒත් මොග්ට ඒක වැදගත් වුනේ නැහැ.

    ඒත් ජෝන්ස් නැන්දා හිටියේ බොහොම දුකින්. එයා පානුයි බනිසුයි නගර ශාලාවෙ ඉඳගෙන හැදුවා. ජෝන්ස් නැන්දා කොච්චර ඇඬුවද කියනවනම් කඳුළු වලට පිටි මිශ්රණයත් තෙත් වෙලා, ලූණු රස වෙලා.

    මොග් කඳු දෙක මැදින් ඇවිදගෙන ගියා. මේ වෙනකොට මොග් අලියෙක් තරම් තරම් ලොකු වෙලා - කොටින්ම කියනවනම් තල්මහෙක් තරම්ම! කන්දේ හිටපු බැටළුවො මොග්ව දැකපු ගමන් බයවෙලා දුවලා ගියා. ඒත් මොග් ඒක ගණනකට ගත්තේ නැහැ. මොග් ගෙඟ් මාළු හොයන්න පටන් ගත්තා. එයාට මාළු ගොඩාක් අහුවුනා! මොග් බොහොම සතුටින් හිටියා.

    මේ වෙනකොට වැස්ස පැය ගණනාවක් වැහැලා. මොග්ට ලොකු වතුරක් එන සද්දයක් ඇහුනා. මොග් දැවැන්ත වතුර කඳක් තමන් දිහාට එන බව දැක්කා. ගඟ පිටාර ගලලා! කඳු වලින් වැටෙන වතුර වලින් ගංවතුරක් ඇතිවෙලා.

    ”මම මේ වතුර පාර නැවැත්තුවේ නැත්නම්, මේ හොඳ මාළු ඔක්කොම ගහගෙන යාවි.”

    මොග් හිතුවා.

    ඉතින් මොග් කඳු දෙක අතර නිම්නයට ගිහින් දිග ඇරිලා වතුර පාර වහගෙන හාන්සි වුනා. වතුර එතනින් එහාට ගියේ නැහැ.

    ගමේ හිටපු මිනිස්සුන්ට ගංවතුරක සද්දය ඇහුනා. හැමෝම බයෙන් වෙවුලලා ගියා.

    ”ඉක්මණට කඳු උඩට යන්න වතුර ගමට එන්න කලින්. නැත්නම් අපි ගිලේවි!”

    නගරාධිපති කෑගැහුවා. ඉතින් සියළු දෙනාම කඳු වලට ගියා. සමහරු එක කන්දක. අනෙක් අය තවත් කන්දක. මොනවද ඒගොල්ලො දැක්කෙ?

    මොග් නිම්නය මැද ඉඳගෙන ඉන්න හැටි. මොග්ට පිටිපස්සෙන් මහා ලොකු විලක් හැදිලා තියන හැටි.

    ”ජොන්ස් නැන්දේ,” නගරාධිපති කිවුවා, ”ඔයාට පුළුවන්ද ඔයාගෙ පූසව ඔය විදියටම ටික දවසක් තියන්න අපි වේල්ලක් බඳිනකම්. ඔය වතුර ටික මෙහාට එන්නෙ නැතිව තියාගන්න.”

    ”මම උත්සහ කරන්නම්,” ජෝන්ස් නැන්දා කිවුවා. ”එයා ගොඩක් වෙලාවට ඔහොමම ඉන්නේ එයාගෙ බෙල්ල යට කිතිකවනවනම්.”

    ඉතින් ඊළඟ දවස් තුනේම මුළු ගමේම අය තමන්ගේ වාරය එනකම් බලන් හිටියා මොග්ව රේක්ක වලින් කිතිකවන්න. මොග් සතුටින් පුරු පුරු ගෑවා. එයාගේ පුරු පුරු ගෑම නිසා පිටිපස්සෙන් තිබුන විලේ ලොකු තරංග ඇතිවුනා.

    මේ දවස් ටිකේදී ගමේ හොඳම ගොඩනැගිලිකරුවෝ එකතුවෙලා ලොකු වේල්ලක් බඳිමින් හිටියා. ගමේ මිනිස්සු මොග්ට කන්න රස රස දේ ගෙනාවා. ක්රීම්, කිරි, බේකන්, සාඩින්, චොකලට්! ඒත් මොග්ට බඩගින්නක් තිබුනෙ නැහැ. මොග් හොඳට මාළු කාලයි හිටියේ.

    තුන්වෙනි දවසේ වේල්ල හදලා ඉවර වුනා. ගම ආරක්ෂා වුනා.

    ”මට පේනවා මොග් කියන්නේ හොඳ පූසෙක් කියලා. එයාට පුළුවන් ඔයත් එක්කම නගර ශාලාවෙ ඉන්න ජෝන්ස නැන්දේ. මෙන්න එයාට පදක්කමක්.”

    පදක්කමක් රිදී දම්වැලකින් මොග්ගේ බෙල්ල වටා ගියා.

    ‘මොග් අපේ ගම බේරගත්තා’ කියන වැකිය ඒකේ කොටලා තිබුනා.

    ඉතින් ජෝන්ස් නැන්දා මොග් එක්ක සතුටින් නගර ශාලාවෙ ජීවත්වුනා. ඔයගොල්ලත් කවදාහරි ‘කාර්න්මොග්’ ගමට ගියොතින් ඔයාලට දකින්න පුළුවන් මොග් උදේ කෑමට මාළු අල්ලන්න යනකොට පොලිස්කාරයෙක් පාරේ වාහන නවත්තගෙන ඉන්න හැටි.

    මොග්ගේ වල්ගෙ ගමේ ගෙවල් උඩින් වැනෙනවා. එයාගේ රැවුල් ගස් ගෙවල්වල ජනෙල් වල වැදෙනවා. ඒත් මිනිස්සු දැනගෙන හිටියා මොග් කාටවත් හිරිහැරයක් කරන්නේ නැති බව. මොකද මොග් අහිංසක පූසෙක් වුනු නිසා.

    එයා තාමත් කැමතියි විලට ගිහින් වතුරේ සෙල්ලම් කරන්න. මොග් තෙතබරිත වුනාම කිඹුහුම් ඇරියත් ජෝන්ස් නැන්දා එයාට තවත් යීස්ට් නම් දුන්නේ නැහැ. මොකද එයා ඇති තරම් ලොකු වෙලයි හිටියේ!

    The Baker’s Cat by Joan Aiken (Translation: Malinthe Samarakoon)

    පරිවර්තනය: මලින්ත සමරකෝන්

  • 1 Comment
  • Filed under: Uncategorized
  • Performancing

    මා භාවිතා කරන ෆයර්ෆොක්ස් වලම සිට වියුණු සටහන් ලිවිය හැකි මෘදුකාංගයක්. ඇත්තටම මෘදුකාංගයක් නෙවෙයි. Add-on එකක්. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ. භාවිතයත් ගොඩක් පහසුයි. බොහෝ දිනකින් වියුණු සටහනට ලියන්න බැරිවුනා. ඉදිරියට දිගටම ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දේ ඉදිරියට බලාපොරොත්තු වන්න.

    මලින්ත෴

  • 0 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • Chamara Peiris: ACID3 is still beta… try ACID2 :)
    • ප්‍රභාෂ්වර: acid කිසිම බ්‍රව්සරයක් තාම මේවා බීලා මලේ නෑ නේ ද? :grin: ඇසිඩ් කියන්නේ...
    • ප්‍රභාෂ්වර: මොනව වුනත් තාම පොඩි එකානේ.beta ඉවර වෙනකම් ඔය ලෙඩ ටිකක් තියෙයි
    • Anandawardhana: *අන්දමන්ද ව ඇත* මොකද්ද acid 3 කියන්නෙ :???:
    • kalinga: IE 8 IE 8 :-D guess what every people says… at the end of the day i end up using IE :) :mrgreen:
    • SRIshanu (ශ්‍රීශානු): ගූගල් අයියට සුපුරුදු BETA ලෙබලය අලවලා කියන නිසා කරන්න දෙයක්...
    • කසුන්: ඔය ලෙඩ පහු වෙනකොට හරියාවි.
    • Dhanu: Google භාවිතා කරන්න කලින් මේක කියවන්න http://tapthehive.com/discuss/This_Post_ Not_Made_In_Chrome_Google_s_EULA_Sucks

    Twitter Updates

      Recently Played Songs

      • Metallica – Nothing Else Matters
      • U2 – Until the End of the World
      • U2 – Gone (New mix)
      • U2 – Stuck in a Moment You Can't Get Out Of
      • U2 – Yahweh

      Stats

      TopOfBlogs