ඔන්න අද සම්පත් බැංකුවෙන් ඉල්ලපු වෙබ්කාඩ් එක අරන් ආවා. විසේසයක් නෑ. ඩොමේන් එකකුත් ගත්තා. (වෙන පොඩි වැඩකට - ළඟදිම ඒ ගැනත් කියන්නම්) හපොයි ලියන්න ගත්තු ගමන් විදුලිය නැතිවුණා නෙව.
කොහොම හරි මේ කාඩ්පත කළමනාකරණය කරන්න සම්පත් බැංකුවේ eWallet පාවිච්චි කරන්න පුළුවන් කියා තිබ්බ හින්දා ඒකෙ ගිණුමකුත් හදාගත්තා. කොහෙද ඒක හරියට වැඩ කරන්නෙ නෑනෙ. මේක පාවිච්චි කරපු [...] Read more »
සම්පත් වෙබ්කාඩ්
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැනුම්දීමයි!
කරුණාකර මෙහි අමුණා ඇති pdf ගොනුව වෙත යොමුවන්න: http://www.sinhalabloggers.com/StatementofSinhalaBloggersUnion-Aug21-1.pdf
ස්තූතියි.
මොබිටෙල් නැවත ලියාපදිංචිය
හැමදාම නැවත ලියාපදිංචි කරන්න මොබිටෙල් යද්දි කිලෝමීටරයක් විතර දිගට පෝලිමක් තියෙන නිසා හැමදාම වැඩේ අත ඇරලා ගෙදර එනවා. ඒත් අද ක්ලාස් තිබ්බා හින්දා කලින් ගියා වෙන වැඩකටත් එක්ක. ගියාට පස්සෙ දැනගන්න ලැබුණා පන්තිය අදට අවලංගු කරලා. මං ඉතින් වෙන කරන්න වැඩකුත් නොතිබුණු නිසා ගියා මොබිටෙල් එක පැත්තට. උදේ නවයට විතර හින්දා පෝලිමක් පෙනුණෙ නෑ. උඩ [...] Read more »
වර්ඩ්ප්‍රෙස් 2.6.1
වර්ඩ්ප්‍රෙස් සඳහා නව යාවත්කාලීන කිරීමක් ඇවිත්. 2.6.1 මගින් විවිධ සැකසුම් හැටක් (60) පමණ සකසන බවයි ආරංචිය. දැන් ටිකකට කලින් යාවත්කාලීන කළා.
වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමේ වැඩකටයුතු කෙරීගෙන යනවා. මේ දවස් ටිකේ නම් අල්ලන්න බැරිවුණා. කොහොමහරි ඉක්මණට ඉවරයක් කරගන්න ඕන.
http://wordpress.org/development/2008/08/wordpress-261/
පිස්සාගේ අයිපොඩ් එක!
මොකට කියනවද ඉතින් මං අයිපොඩ් එකක් ගත්තනෙ! හික් කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි. මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක. මේක එකපාරටම ආපු හැඟීමක්. එකක් ගන්න තදටම අවශ්‍ය වුණා. කොහොම කොහොම හරි ගිගාබයිට් හතරක අයිපොඩ් නැනෝ එකක් ගත්තා දැන් දවස් දෙක තුනකට කලින්.
ඇත්තටම මේක මහ විකාර වැඩක් කියලා තමයි හැමෝම කිව්වෙ. මටත් [...] Read more »
පිස්සාගේ මින්ට් කෑම
මොකට කියනවද මට නම් තියෙන්නෙ අමුතුම පිස්සුවක් තමා. වෙන මොකක්වත් නෙවෙයි මෙහෙයුම් පද්ධති පිස්සුව. පහුගිය සති දෙක තුනට මෙහෙයුම් පද්ධති බර ගාණක් දාන්න ඇති. වින්ඩෝස් එක්ස්පී තියෙන අතරේ උබුන්ටු දැම්මා. ඒකට කේඩීඊ දාලා ආයෙ එපාවෙලා කුබුන්ටු දැම්මා. ඊටපස්සෙ ඒක එහෙමම තියෙද්දි අනිත් දෘඪ තැටියට විස්ටා දැම්මා. ඒකත් එපාවුණා. ඊටපස්සෙ ෆෙදෝරා දැම්මා. ඒක නම් හරියට පාවිච්චි [...] Read more »
Frets on Fire!
Guitar Hero ගැන අහලා තියනවද? ඒ හුඟක් ප්‍රසිද්ධ ගිටාර් වාදන ක්‍රීඩාවක්. Guitar Hero II ප්ලේස්ටේෂන් 2 සඳහා නිකුත් වීමත් සමග හුඟක් ජනප්‍රිය වුණා. සාමාන්‍ය ගිටාරයක් වැනි උපකරණයකින් ගීත වාදනය කරන්නට හැකියාව ලබාදෙන මේ ක්‍රීඩාව හුඟක් විනෝදජනකයි (ලු)
Gizmodo වගේ තැන් වල මේ ගැන නිතර කතාවෙන හින්දා මං හිතුවා පොඩ්ඩක් මේ ගැන හොයා බලන්න. එතකොට තමයි මේ [...] Read more »
මොබිටෙල් මගිනුත් ජාතික හැඳුනුම්පත් විස්තර
ඩයලොග් සම්බන්ධතා වල #132# මගින් අයිතිකරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් විස්තර ගන්න පුළුවන් බව ආරංචි වුණා. මම අද නිකමට මගේ මොබිටෙල් සම්බන්ධතාවයෙත් මේක ගහලා බැලුවා. මෙන්න බොලේ වැඩ. නම සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙලින්ම ලබාගන්න පුළුවන්.
විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!
කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා.
මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි ලියන්නටත්, ඒ ලිපි ලියන කතුවරුන්ට තමන්ගේ ලිපි සඳහා තමන්ගේ නම් ආදිය යෙදීමටත්, වෙනත් අයට අවසර ලබාදීමටත්, [...] Read more »
පින්තූර මගින් පින්තූර සොයන TinEye
ඇත්තම කියනවා නම් මේක තරම් නියම සේවාවක් මං ජීවිතේටම දැකලා නෑ. අපි සාමාන්‍යයෙන් පින්තූර හොයන්න පාවිච්චි කරන Google Images වගේ ඒවයෙන් කෙරෙන්නෙ අපි යොදන වචනයට ගැළපෙන පින්තූර හොයන එකනෙ? ඒත් මේ TinEye පින්තූර හොයන්නෙ හිතන්නවත් බැරි විදියකට. ඒ පින්තූර මගින්මයි!
ඔව්, TinEye මගින් ලබාදෙන පින්තූරයට සමාන පින්තූර සහ වෙනස් කළ පින්තූර සොයාදෙන්නට සමත්!
මේ මගින් අපි පාවිච්චි [...] Read more »
අදහස් | Comments