ගොම් ප්ලේයර්

අපට ලැබෙන විවිධ වීඩියෝ ගොනු වාදනට කරන්නට විවිධ මෘදුකාංග ගොන්නක්ම අවශ්‍යයි නේද? විශේෂයෙන්ම DivX, FLV හා තවත් බොහොමයක් ගොනු වර්ග වාදනය කරන්නට අවශ්‍ය මෘදුකාංග සොයන්නට යාම මහත් වධයක්. මේ සඳහා VLC මීඩියා ප්ලේයර් වැනි මෘදුකාංග තිබුණත් ඒවායේ කිසිදු ආකර්ශණීය බවක් නැහැ. මේ සඳහා විසඳුමක් ලබා දෙන මෘදුකාංගයක් ලෙස ගොම් ප්ලේයර් හඳුන්වා දෙන්නට පුළුවන්. එය තුළටම සංගෘහිත කරන ලද Codec පද්ධතිය සමග කිසිදු කරදරයක් නොමැතිව ඕනෑම ගොනු වර්ගයක් වාදනය කරන්නට හැකියාව තිබෙනවා. යම් හෙයකින් බලපත්‍රය බෙදාහැරිය නොහැකි codec එකක් වාදනය කිරීමට සිදුවුවහොත් එමගින් ඔබව කෙලින්ම විවෘත-කේත codec අඩවියකට යවන්නටත් සූදානම්. මීට අමතරව කොටසක් ලබාගත් (ඩවුන්ලෝඩ් කළ) AVI ගොනු වාදනය කිරීමේ හැකියාවද මෙහි තිබෙනවා. ගොම් ප්ලේයර් නොමිලේ ලබාදෙන්නක්. වයිරස් හා ස්පයිවෙයා වලින් නිදහස් විශිෂ්ට මෘදුකාංගයක් වන මෙහි අලංකාරත්වය ඉහළයි.
ගොම් ප්ලේයර්

1 thought on “ගොම් ප්ලේයර්

  1. වීඩියෝ ගොනු වාදනය කිරීම යන්න ගැලපෙන්නේ නෑ නේද? ධාවනය කිරීම කියා යෙදුවා නම් වඩා සුදුසුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *