ගූගල් සමග වඩාත් හොඳින් සොයන්න

මෙම ලිපිය මා වසර ගණනාවකට පෙර ලියූවක්. වැදගත් වේ යැයි සිතුණු නිසා වියුණු සටහනට ලියන්නට සිතුණා.

ගූගල් ඉතාමත් ජනප්රිය මෙන්ම වේගවත් පිරික්සුම් යන්ත්රයක් ලෙස සැලකේ. තමන්ට අවශ්ය දෙය ජාලයෙන් සොයාගැනීමට ගූගල් භාවිතා කිරීම සාමාන්ය ක්රමයය. මෙය වඩාත් ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්නට වැදගත් ඉඟි කිහිපයක් මෙම ලිපියෙන් පෙන්වා දෙනු ලැබේ.
ගූගල් හි සෙවුම් වේගය වැඩිකිරීම සඳහා ගූගල් සෙවුම් යන්ත්රය මගින් සාමාන්ය වදන් වන where, the, how ආදී වචනද, වෙනත් අක්ෂර හා අංකද ඉවත් කෙරේ. (මෙවැන්නක් ඉවත් කළහොත් ගූගල් මගින් එය ප්රතිඵල පිටුවේ දක්වයි.) මෙවැනි අවස්ථාවක අපට අවශ්යම කොටසක් සෙවීමට එක්කර ගැනීමට අවශ්ය නම් + ලකුණ යොදාගත හැක. උදාහරණ ලෙස ඔබට ලෝඞ් ඔෆ් ද රින්ග්ස් පළමු කොටස පිළිබඳ තොරතුරු අවශ්ය නම් lord of the rings episode +1 යන්න සෙවීම් කවුළුවේ සටහන් කළ හැක. මෙය වෙනත් ආකාර වලටද යොදාගත හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පිළිබඳව සෙවීමේදී ඇප්ලට් යන වචනයද අනිවාර්යයෙන්ම තිබිය යුතු නම් සෙවීම් කවුළුවේ java +applets ලෙස සඳහන් කළ හැක.
ඔබ යම්කිසි වදනක් සෙවීමේදී එම වදන පමණක් නොව සමාන පද හා ඊට සම්බන්ධ ඇති ප්රතිඵලද ලබාගැනීමට අදහස් කරයි නම් එම වදනට පෙර ~ ලකුණ ඇතුල් කරන්න. මෙහිදීද ~ ලකුණ හා වදන අතර හිදැසක් අනවශ්යය. උදාහරණයක් ලෙස සංගීතය හා සංගීතය සම්බන්ධ වෙනත් තොරතුරු (එම්පී3, රේඩියෝ ආදිය) අවශ්ය නම් ~music සෙවීම් කවුළුවේ සටහන් කළ හැක.
සඳහන් කළ වදන් වලින් ඕනෑම එකක් සහිත පිටු සෙවීම සඳහා OR යොදාගත හැක. මෙය කැපිටල් අකුරෙන්ම යෙදිය යුතුය. උදාහරණ ලෙස ඔබට කොරල් හා ඇඩෝබ් ආයතන වල නිපදවන ග්රැෆික් මෘදුකාංග පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ graphic software corel OR adobe යන්න සඳහන් කළ හැක.
යම්කිසි වෙබ් අඩවියක් තුළ යම් වදනක් සෙවීම මෙමගින් කරගත හැක. මෙහිදී අවශ්ය කරන වදනට පසුව හිදැසක් තබා site: යන්න ටයිප් කර හිදැසක් නොතබාම වෙබ් අඩවියේ ලිපිනයද සඳහන් කළ යුතුය. උදාහරණ ලෙස ඔබට එල්විස් ප්රෙස්ලි පිළිබඳව www.mp3.com වෙබ් අඩවියේ ඇති තොරතුරු සොයා ගැනීමට අවශ්ය නම් සෙවුම් කවුළුව තුළ elvis presley site:www.mp3.com ලෙස සඳහන් කළ හැක.
යම් සංඛ්යා පරාසයක් තුළ ඕනෑම සංඛ්යාවක් සෙවීමටද ගූගල් හි පහසුකම් ඇත. මෙමගින් දිනයක සිට ස්කන්ධ ප්රමාණයක් දක්වා ඕනෑම සංඛ්යා පරාසයක් තුළ තොරතුරු සෙවිය හැක. එම ඒකකය සඳහන් කිරීම හා එම සංඛ්යාවලට සම්බන්ධ වෙනත් තොරතුරක් ඇතුලත් කිරීම අත්යාවශ්යය. මෙම පහසුකම සඳහා අවශ්ය ඕනෑම අංක දෙකක් හිස්තැන් වෙනත් කිසිවකින් තොරව තිත් දෙකකින් වෙන් කිරීම කළ හැක. උදාහරණයක් ලෙස ඔබට ඩොලර් 400ත් 2000ත් අතර කැමරා පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ cameras $400..2000 ලෙස සඳහන් කළ හැක. ඔබට 1950ත් 1970ත් අතර කාලය තුළ ස්වභාවික විපත් පිළිබඳ තොරතුරු අවශ්ය නම් natural disasters 1950..1970 ලෙස සඳහන් කළ හැක.
යම්කිසි වචනයක නිර්වචනයක් ලබාගැනීමට define: යොදා අවශ්‍ය වචනය ලියන්න. උදාහරණයක් ලෙස democracy යන්නෙහි නිර්වචනය සඳහා සෙවීම් කවුළුවේ define:democracy යන්න සටහන් කර සෙවීමෙන් එහි නිර්වචනයක් ලැබෙනු ඇත.
මීට පෙරදී ගූගල් මගින් මුහුණු සෙවීමේ ක්‍රමයක් ගැනද ලියා ඇත. ‍‍
එය මෙතැනින් ලබාගන්න.
ගූගල් ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *