එකැස් ගැහැනිය | Ekes Geheniya (One Eyed Woman)

මගේ මව ප්‍රියංකා අමරතුංග ලියූ එකැස් ගැහැනිය නවකතාව අද දින සිට 16 වනදා දක්වා BMICH හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දැන් ලබාගත හැකියි. වෙනත් පොත් අලෙවිසැල් මගින්ද ලබාගත හැකියි.

Ekes Geheniya (One Eyed Woman), a novel written by my mother Priyanka Amaratunga, will be available in the International Book Fair at the BMICH. It will also be available on other book stores around Sri Lanka.

උපුටාගැනීම් කිහිපයක් | Some Excerpts:

”එකම ගවුම, එකම මේස් දෙක කහ පාට ගැහෙනතුරුම දාන්න මට සිද්ධ වුණා. තාත්තා අර නතාලියාට ඇඳුම් පැළඳුම් වලට, රත්තරං බඩු වලට ලෝභ නැතිව වියදම් කරද්දී, මමයි අම්මයි දුක් වින්දා.” – නවෝදා

”මගේ මාමණ්ඩි වුණාට මම සීයා එක්ක වචන විසිපහක්වත් කතා කරලා නෑ. අපි බැඳපු දවසෙ මගේ ඔළුව අතගාලා කිව්වා විවාහ ජීවිතේ හරිම සංකීර්ණයි. ගැටළු සහගතයි. කල්පනාවෙන් බුද්ධිමත්ව ජීවිතේ ගෙනියන්න කියලා.” – කලණි

”තාත්තාව ආදාහනය කළේ උපන් රටේ නෙමෙයි. මම හිතක් පපුවක් නැති කෙනෙක් නෙමෙයි නංගි. මට ඉගැන්නුවේ තාත්තා. මිනිස්සුන්ගේ යම් යම් දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒත් මං තාත්තාට වෛර කරන්නෙ නෑ.” – පණ්ඩුල

”දිවැස් ඕන නෑ කලණි. අපේ රටේ කාන්තාවන් බහුතරයකගේ තේමා ගීතය වෙලා තියෙන්නේ ඒක තමයි. ඒත් ඉතින් ඔය ගීතය ගයලා හරියන්නේ නෑ. කුරුල්ලා කූඩුව ඇතුළට ගෙන්න ගන්න කිරිල්ලි දැනගන්න ඕන.” – චානක පද්මසිරි

”මේ ගැහැනු රූපයේ මතුපිට සුන්දරත්වයට යටින් මොකක්දෝ දුක කතාන්දරයක් තියනවා වගෙයි නවෝදා. මේ හිනාවට යටින්, මේ බැල්මට යටින් දුකක්, තරහක්, වෛරයක් වගේ හැඟීම් ගොඩාක් මට පේනවා. මේකෙ ඇස් නම් ඔයාගෙ වගෙයි. මේ මනඃ කල්පිත රූපයක්ද?” – දිලිප් බ්රයන්

මිළ: රු. 320/-
ISBN 978-955-550459-3-3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *