නව අයිපොඩ්: ටච් | New iPods: Touch

දැන්, සියළු අයිපොඩ්වල නවතම විප්ලවය හමුවෙන්නට සූදානම් වන්න. ඔව්. අයිපොඩ් ටච්. ඔබට මතක ඇති මීට කිහිප දිනකට පෙර අයිෆෝන් මගින් කළ විප්ලවය. මේ තිබෙන්නේ අයිෆෝන් එකමයි, නමුත් ‘ෆෝන්’ එක නැතුව. නව අයිපොඩ් ටච් මාදිලිය මීට‍ පෙර පැවති සියළුම අයිපොඩ් වලට වඩා වෙනස් මගක් ගන්නක් බව පෙනෙනවා ඇති. 8GB හා 16GB මාදිලි වලින් නිකුත්වෙන මෙම නව අයිපොඩ් මාදිලියේ විශේෂාංග ඇත්තෙන්ම විශේෂයි. බහුස්පර්ශක අඟල් 3.5ක තිරයක් තිබෙන මෙහි වටපිටාවේ ආලෝකය අනුව තිරයේ ආලෝක මට්ටම සැකසීමේ ක්‍රමයක් තිබෙනවා. බහුස්පර්ශක තිරය නිසා ඔබට සියළුම කටයුතු ඇඟිලි වලින් කරන්නට පුළුවන්. (අයිෆෝන් මෙතරම් ජනප්‍රිය වූයේ ඒනිසා තමයි!) මෙහි ඇති ත්වරණමානය ඔබ අයිපොඩ් එක තබාගෙන සිටින්නේ කුමන අතටදැයි (සිරස් හෝ තිරස්) සොයාගෙන ඒ අනුව තිරය සකසන්නට සමත්. වෙනත් අයි‍පොඩ් වලට වඩා විශාල තිරය මගින් වීඩියෝ නැරඹීම විනෝදජනක කටයුත්තක් වන බව කිසිම සැකයක් නැහැ. පින්තූර 20,000 පමණ ගබඩා කරගන්නට සමත් මෙහි වෝල්පේපරයට ඔබට කැමති පින්තූරයක් යොදාගන්නටත් පුළුවන්. සෆාරි බ්‍රවුසරයක් හා යූටියුබ් සහය සමග, වයිෆයි අන්තර්ජාල සබඳතාවයද මෙහි තිබෙන තවත් විශේෂාංගයි. ගණන $299 සිට ඉහළටයි.
Now, meet the revolution. Yep, the iPod Touch. If you can remember the iPhone craze, here’s the iPhone without the Phone. 😀 This model takes the iPod to a whole new level. Released in 8GB and 16GB models, this pod got some serious features. The Multitouch 3.5 inch display adjusts it’s brightness relative to the ambient light. And thanks to the Multitouch screen, you can do almost everything with your fingers. An accelerometer find how you are holding the pod (horizontal or vertical) and adjusts the display accordingly. Since the screen is larger, you can enjoy videos like never before. With ability to store 20,000 photos, you can even chose your own wallpaper to customize this baby. With a Safari Browser, Youtube support and Wi-Fi Internet Access, this rocks like never before. Priced at $299 and higher.

Via Apple

2 thoughts on “නව අයිපොඩ්: ටච් | New iPods: Touch

  1. හ්ම්… $ 299 යි නේද? ඒ කියන්නේ රුපියල් 34,000 ක් විතර. ඕක ලංකාව ට ගෙනාවොත් අඩුම ගණනේ රුපියල් 60,000 ක ට වත් මිළ කරයි — මම මේ කියන්නේ iPod වලට ලංකාවේ ඉන්න authorised agent ගැන.

    රුපියල් 60,000 ක ට iPod එකක් විකුණනවා කියන්නේ ලංකාවේ agent අප ට සිංගප්පූරුව ට සංචාරයකුත් පිරිනමනවා ඒ ගාණ ට. ඇයි රුපියල් 60,000 ක ට අප ට පුළුවන්නෙ සිංගප්පූරුව ට ටිකට් එකකුත් අරගෙන එහේදී iPod එකකුත් අරගෙන තව මොනවා හරි ලාබෙට බඩු ටිකකුත් අරගෙන එන්න! අප ට ඕනෙනම් රු 60,000 ක ට වඩා ටිකක් වැඩියෙන් වියදම් යයි. ඒත් අප ට iPod එකකුත් විදේශ චාරිකාවක විනෝදයකුත් ලැබෙනවානේ. ලංකාවේදී මේක රු 60,000 ක ට ගත්තොත් අප ට ලැබෙන්නේ iPod එක විතරයි.

    ඩිජිටල් කැමරා විකුණන authorised agentsලා ගැන කියන්න තියෙන්නෙත් මේ කතාව ම තමයි.

    ලංකාවේ agentsලා මේ කරුණු ගැන මීට වඩා සැලකිලිමත් වෙලා සාධාරණ මිලක ට මේ වගේ බඩු විකුණන්න දැන ගන්න ඕනෑ.

  2. Prices in the USA:
    iPod Touch 8GB – US$ 299
    iPod Touch 16GB – US$ 399

    Prices in Singapore:
    iPod Touch 8GB – Sing.$ 498
    iPod Touch 16GB – Sing.$ 698
    (Street prices are less)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *