වෛරස් මේනියාව | Virusmania!

මං ළඟදි පෙන්ඩ්‍රයිව් එකක් ගත්තා කියලා කිව්වා නේද? ඔන්න ඒකෙ පිහිටෙන් දැන් සීඩී නාස්ති කරන්නෙ නැතුව ෆයිල්ස් එහා මෙහා ගෙනියනවා. ඒත් ඉතින් සීඩී වගේ නෙමෙයි. මේ පෙන්ඩ්‍රයිව් පාවිච්චි කරන ගොඩක් පරිගණක වල වෛරස් තොග පිටින් හැමදාම ඩ්‍රයිව් එකට එනවා. සීඩී වලට ගොඩක් වෙලාවට ආයෙම මුකුත් Write කරන්නෙ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය කැමති නැහැ මේ වගේ වෛරස් මැෂින් එකට එනවට. ඒ වුණාට මට දැන් ළඟකදි ඉඳන් වෛරස් එන එක සතුටක් වෙලා! 😀 විහිළුවක් නෙමෙයි.

දැන් මං සාමාන්‍යයෙන් ෆොටෝස් ප්‍රින්ට් කරගන්න ගෙනියන්නෙ නුවර ෆොටෝ ප්‍රින්ටින් ආයතනයකට. එතන මැෂින් වල පෙන්ඩ්‍රයිව් හරහා පැතිරෙන වෛරස් ගොඩක් තියෙනවා. (විශේෂයෙන්ම W32/Autorun.bd Worm එක.) පළමු වතාවටම මේ කරදරේ ආවම පුදුම තරහක් ආවේ. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ති‍බුණු නිසා ඒකට අහුවුණත්, Registry එකේ පොඩි සැකසුමක් වෙනස් වුණා. ඒකත් හදාගත්තට පස්සේ සියළුම ධාවක වලින් Autoplay ක්‍රියාවිරහිත කළා. දැන් නම් ප්‍රශ්නයක් නෑ. මේ සිදුවීම වුණාට පස්සේ ආයෙමත් පරණ විදියට සීඩී වලින් ෆයිල්ස් ගෙනියන්න කියලා අවවාද ලැබුණත් එහෙම කරන්න හිතුණේ නෑ. දැන් හැමදාම ගෙනියන්නේ පෙන්ඩ්‍රයිව් එක. වෛරස් එකකුත් අනිවාර්යයෙන්ම වගේ තියෙනවා. ඒ වුණාට ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් ඒක අල්ලගන්නකොට හිතට දැනෙන්නේ අමුතුම සතුටක්! 😀

I bought a pendrive recently. I told you, didn’t I? Well thanks to my obedient device I move files around without wasting cd’s. But unlike cd’s, it gets infected with viruses whenever I plug it in to another pc. Most people don’t like it. (Yeah, who likes viruses wiping out their whole hard drive? :D) But hell, I happen to like these viruses! 😀 I’m not joking.

I usually Print photos from a photo printing shop in Kandy city. Most of the pc’s running there holds tons of viruses. Mostly notorious little brats which spread through Pendrives. (Specially W32/Autorun.bd Worm) When I first got (almost) infected, it pissed me off. Well the AV caught it – but it changed some registry settings that took a long time to fix. After fixing that, I’ve disabled autoplay from all drives to keep it secure. I got advices to take files on cd’s like the good old days – but I didn’t. I take the pendrive every time and when I bring it home with a virus, when the Antivirus program catches it – it just feels good! 😀

3 thoughts on “වෛරස් මේනියාව | Virusmania!

  1. Use a anti virus that runs on the pen drive….i use Avast-u3, since the virus program is on the USB..no need to be afraid to insert it to other computers

  2. මලින්ත,
    මට නම් ඔය සතුට අයේ දැනෙන එකක් නෑ! මොකද මම ටික කලකට පෙර ලිනක්ස් වලට මාරුවුන නිසා!

  3. මං ලඟ නම් virus එකතුවක් තියනවා. ඒවා zip කරලා නිසා හානියක් නැහැ. මමත් පාවිච්චි කරන්නෙ avast. ඒ වුනාට U3 ගැන නම් පැහැදීමක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *