ක්‍රොස්ලූප් මගින් ලේසියෙන් පරිගණක ගැටළු විසඳන්න | Solve PC problems the easy way with CrossLoop

ගෙදර ඉන්න ආච්චි පරිගණකයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඔන්න දවසක් ආච්චිට මැෂින් එකේ එන ලෙඩක් හදාගන්න වෙනවා. කාටද කතාකරන්නෙ? ඔයාට. ඇයි ඉතින් ඔයානෙ පවුලේ ඉන්න ‘කම්පියුටර් වැඩකාරයා’! ඔන්න ඉතින් ෆෝන් එක අරගෙන, ආච්චිට හෙමින්හෙමින් උපදෙස් දෙනවා. කන්ට්‍රෝල් පැනල් එකට යන හැටි, අවශ්‍ය දේ ඩබල් ක්ලික් කරන හැටි… ආච්චි අහන දහසක් ප්‍රශ්න වලට උත්තර දෙමින් ඉතින් මේ වැඩේ කරනකොට සසර කලකිරෙන්නත් බැරි නෑ! 😀

මේ වගේ අවස්ථාවක ආච්චිගේ ප්‍රශ්න වලට උත්තර නොදී ප්‍රශ්නෙ විසඳලා දෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඉතින් VNC විතරයි තියෙන්නෙ. (හෑ? මොකක්ද පුතේ වීඑන්සී කියන්නේ?) ඕකත් ඉතින් ආච්චිට පැහැදිළි කරලා දෙන්න ගියොත් වැඩක් කරගන්න ලැබෙන්නේ නැහැ!

‍ඒ නිසා මෙන්න කරන්න තියෙන හොඳම වැඩේ. ක්‍රොස්ලූප්. ඕනෑම අයෙකුට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රොස්ලූප් මගින් ලෝකයේ ඕනෑම පරිගණකය දෙකක් පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවනි. ආච්චිලාගේ පරිගණක වල ලෙඩ හදන්න වගේම Tech-Support වැඩ වලට නම් මේක හොඳ මෘදුකාංගයක්. (ඔව්, ඒත් ඉතින් මේක ආච්චිගේ මැෂින් එකට මුලින් දාන්නත් වේවි.)

භාවිතය පහසුයි. තවත් පරිගණකයකට සම්බන්ධ වෙන්න ඕනෑ නම් Join ටැබ් එකට යන්න. අනිත් පරිගණකයේ Access Code එක ඇතුල් කරන්න. එපමණයි. අනිත් පරිගණකයේ සියළු සැකසුම් පහසුවෙන් හදන්න, ඕනෑ දෙයක් කරන්න දැන් ඔබට පුළුවන්. කවුරු හරි ආච්චි කෙනෙක් මේක කියවනවනම් 🙂 ඔබේ පරිගණකයේ ලෙඩක් හදාගන්න ඕන නම් Host ටැබ් එකට ගිහින් Connect බොත්තම ක්ලික් කරලා Access Code එක ඔබේ පුතාට කියන්න. Dial-up, Broadband ඕන එකක්. රූපයේ තත්ත්වය අඩු කිරීම මගින් ඩයල් අප් සම්බන්ධතාවයක හොඳින් වැඩකරන්න පුළුවන්.

ක්‍රොස්ලූප් වල විශේෂත්වය එය භාවිතා කිරීමේ පහසුව තමයි. ‍ෆයර්වෝල් සැකසුම් වගේ කිසි දෙයක් ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ස්ථාපනය කළා, දියත් කළා. එච්චරයි! ආරක්ෂාව ගැනත් බයවෙන්න දෙයක් නැහැ. බිට් 128 Encryption එකක් සහ අහඹු ලෙස සැකසෙන අංක 12 Access Code එක නිසා වෙන කිසිම කෙනෙකුට ඔබේ පරිගණකයට හානියක් කරන්නට බැහැ. පාවිච්චි කර බලන්න.

[ක්‍රොස්ලූප්]

1 thought on “ක්‍රොස්ලූප් මගින් ලේසියෙන් පරිගණක ගැටළු විසඳන්න | Solve PC problems the easy way with CrossLoop

Leave a Reply

Your email address will not be published. Required fields are marked *