ගොඩ කාලෙකින් | From a long time

පහුගිය දවස් ටිකේ මගේ සටහන කියවන්න ආපු අය (සමහරවිට) බලන්න ඇති මොකද අලුතෙන් මුකුත් නැත්තේ කියලා… සමාවෙන්න 🙂 ඇත්තම කියනවනම් මට මොනවත් ලියන්න හිතුණේ නැහැ. හේතුවක් කියන්නත් අමාරුයි. Lack of Inspirations හින්දද මන්දා. ලියන්න ඉඳගත්තත් ලියන්න හිතුණේ නැහැ. අලුතින් ලියන්න ඒ හැටි දේකුත් තිබුණේ නෑ. මේක ඇත්තටම එච්චර හොඳ වැඩක් නෙවෙයි. ටික කාලයක් එක දිගට ලියාගෙන ගිහින් එකපාරටම නවත්වලා, ආයෙත් ටික කලකින් ‘සමාවෙන්න’ කියලා ආයෙමත් ලියන්න පටන් ගන්න එක. ඒත් ඉතින් මොනවා කරන්නද?

කාටවත් මොනවත් ප්‍රශ්න එහෙම නැද්ද? නිකං දැනගන්න තියෙන දෙයක් ගැන එහෙම? මොනව හරි එහෙම දෙයක් තියෙනවනම් අහන්න. නැත්නම් ඉතින් මට ලියන්න කම්මැලියි. අනිත් එක තමයි මගේ ඩයල් අප් සම්බන්ධතාවය හින්දා වෙලාවකට කිසිම දෙයක් ලෝඩ් කරගන්න අමාරුයි. ඒ වෙලාවට ඉතින් ඔක්කොම දමලා ගහලා බුම්මගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ. මේක ලියන වෙලාවෙත් එහෙම තමයි. ඇත්තටම මේ සම්බන්ධතාවය දැන් උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙන්නෙ මධ්‍යම රාත්‍රියට විතරයි. ඒ වෙලාවටත් ඉතින් මොනවහරි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන දෙයක් දානවා මිසක් වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. සමහර වෙලාවට… නෑ එක්කෝ ඕන නෑ. ‍මගේ හෑලි වලින්‍ වෙන්නේ මේ සටහන කියවන අයගේ කාලය නාස්තිවීමක් විතරයි. 😀

වින්ඩෝස් පාවිච්චි කරන අයට නියම වැඩසටහනක් ගැන කියා දෙන්න තියෙනවා. ඉදිරියේදී ලියන්නම්. අනේ ඉතින් කියවන හැමෝම අදහස් ඉදිරිපත් කරනවා නම් මම ගොඩක් ආසයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න. ගුණ දොස් විවේචනය කරනවනම් ඉතින් තවත් හොඳයි. කොහොම වුණත්, මගේ සටහන කියවන්න එන අයට මගේ හද පිරි ස්තූතිය! 🙂

1 thought on “ගොඩ කාලෙකින් | From a long time

  1. මම ‍ෙජරාඩ්. මගේ වයස අවු 44යි.මම blog ගැන උනන්දුයි.මම හිතනවා ළමයින්ට උගන්වන්න blog වලින් සරලව. මලින්තගේ මේ සටහන කියවලා මට යෝජනාකරන්න හිතුනා මම වගේ අයට ඔබමෙන් blog අලුත් කරලා අලුත් මුහුණුවරක් එකතුකරන්න සිංහලෙන් එක් එක් මාතෘකා අනුව පියවර ලියන්න කියලා. සමහරවිට ඔබ කැමති ඇති ඒත් වැඩ වැඩි වෙන්න පුළුවන් ඒත් සිංහලෙන් මේව ගැන අපිට බැරිද blog එකක් මගින් උගන්වන වැඩක් පටන්ගන්න. දැනට මම වෙන්නප්පුව මීගමුව ප්‍රදේශයේ මම දන්න දේවල් කියාදෙනවා තරුණ හා ශිෂ්‍යයන්ට.
    ම‍ගේ e-mail:gpeterperea@hotmail.com
    chilyout.blogspot.com
    yjsgroup.blogsopt.com
    srilankacastal.blogspot.com
    මෙවා මම විවිධ අරමුණුවලට විවිධ සමාජකොටස්වලට හදපුඒවා.මම කැමතියි මේවා තරුණ හා පාසල් ළමුන් අතර සංවාදයකට ගේන්න. ඔබේ අදහස් ලියන්න.
    ඔබ දැනුම අපවෙත් එවන්න.අමාරුඋනත් upload කරන්න. මමත් රාත්‍රී 1වෙනතුරු වැඩකරනවා. ඔබේ අදහස්වලට ස්තූතියි.
    මගේ යෝජනාවට ඔබ අකමැති උනත් මම ඒ ගැන කණගාටුවෙන්නේ නෑ. මගේ උත්සාහය ගැන මම ලිව්වේ.ඒක ඔබට ගැලෙනවද දන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *