මැක්වර්ල්ඩ් වෙතින්: මැක්බුක් එයාර්! From MacWorld: MacBook Air!

ඔව්, ලොව පුරා බ්ලොග්කරුවන් හා පාරිභෝගිකයන් පුල පුලා බලා හිටි මැක්වර්ල්ඩ් වැඩසටහනේදී ස්ටීව් ජොබ්ස් නව නිෂ්පාදන රැසක්ම හඳුන්වා දුන්නා. මේ අතරින් අතිශය සිහින් වූ, විශිෂ්ටතම නිෂ්පාදනය වන්නේ ඔහු හඳුන්වා දුන් මැක්බුක් එයාර් පරිගණකය බව බය නැතුව කියන්නට පුළුවනි! 🙂

මැක්බුක් එයාර් (MacBook Air) ලොව තුනීම නෝට්බුක් පරිගණකයයි. සම්පූර්ණ ප්‍රමාණයේ යතුරුපුවරුවක්, අඟල් 13.3ක එල්ඊඩී තිරයක් හා මල්ටිටච් ට්‍රැක්පෑඩ් එකක් සහිතව හඳුන්වා දෙන මෙම පරිගණකයේ ලොකුම විශේෂත්වය මෙහි තුනී බව තමයි! අඟල් 0.16-0.76 පමණ ඝනකමින් යුත් මෙම පරිගණකය අදහන්නට බැරි තරම් සිහින් නේද?
සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙහි අන්තර්ගත වන්නේ 1.6GHz ඉන්ටෙල් Core 2 Duo ප්‍රොසෙසරයක්. ගිගාබයිට් දෙකක සාමාන්‍ය මතකයක්, ගිගාබයිට් අසූවක දෘඪ තැටියක්, වයිෆයි, බ්ලූටූත්, ඩීවීඅයි, යූඑස්බී, පරිගණකයටම සවිකර ඇති අයිසයිට් කැමරාව ආදී යම් පුද්ගලයෙකුට අවශ්‍ය වන සියළුම උපාංග මෙහි අන්තර්ගතයි. එකම අසාර්ථකත්වය මෙය සම්පූර්ණයෙන්ම ගැලවිය නොහැකි ලෙස සකසා තිබෙන නිසා බැටරියවත් මාරු කිරීමේ හැකියාව නොලැබීමයි. මතකය පවා ප්‍රධාන පුවරුවට පාස්සා තිබෙන නිසා ඉහළ දැමීම පවා කරන්නට බැහැ.

සාමාන්‍ය මිල ඩොලර් 1799 පමණ වෙනවා. 😀
නමුත්, මෙම පරිගණකයේ ඇති තාක්ෂණය, සිහින් බව, විශිෂ්ටත්වය ගත් කල මෙම මිළ නම් එතරම් වැඩිත් නැහැ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *