ෆයර්ෆොක්ස් හි සෙවුම් සඳහා Keyword එක්කිරීම | Adding Keywords for Searches in Firefox

සාමාන්‍යයෙන් ෆයර්ෆොක්ස් භාවිතා කරන ගොඩක් අය ෆයර්ෆොක්ස් සමගම එන Quick Search Box එක පාවිච්චි කරනවා ඇති නේද? ඔව් සාමාන්‍ය සෙවුම් කටයුතු සඳහා මෙය ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ඒක ටිකක් කරදර වැඩියි වගේ මට හිතෙන්නෙ. කොහොම හරි මේ කටයුත්ත තවත් පහසුවෙන් කරගන්න විදියක් තියෙනවා. ඒ සෙවීම සඳහා Keyword එකක් එකතු කරගැනීම මගින්. මේ ක්‍රමය භාවිතයෙන් අපට සාමාන්‍ය විදියට Address Bar එකෙහි අපේ සෙවුමට අයත් Keyword එක සමග සෙවිය යුතු වදන් පෙළ ලියා Enter කළ පසු කෙලින්ම එම සෙවුම් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

උදාහරණයක් විදියට ගූගල් මගින් ලිනක්ස් ගැන සොයන්න නම් Address Bar එකෙහි google linux වශයෙන් ටයිප් කරන්න පුළුවන්. අපි විකිපීඩියාවට Keyword එකක් ඇතුල් කළොත් wp වශයෙන්, ලිනක්ස් ගැන සොයන්නට wp linux පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදියට ගූගල් සඳහා google, විකිපීඩියා සඳහා wp, IMDB සඳහා mov, Skreemr සඳහා sk, LyricWiki සඳහා lw, OpenSubtitles සඳහා sub යන වදන් පාවිච්චි කරනවා.

මේක ගොඩක් පහසු වැඩක්. කරන්නෙ මෙහෙමයි:

  • මුලින්ම අවශ්‍ය අඩවියට යන්න. මේ උදාහරණයට මං පාවිච්චි කරන්නෙ IMDB.
  • IMDB හි සෙවුම් කවුළුවට ගොස් ඒ මත රයිට් ක්ලික් කරන්න.
  • එවිට මතුවන මෙනුවෙන් Add a Keyword for this Search ක්ලික් කරන්න.
  • එවිට මතුවන කවුළුවේ Keyword සඳහා ඔබට අවශ්‍ය කෙටි අක්ෂරය ඇතුල් කරන්න. (මම ඇතුල් කළේ mov)
  • දැන් Add ක්ලික් කරන්න.

එපමණයි. දැන් ඒක පරීක්ෂා කරලා බලන්න Address Bar එකේ mov ටයිප් කරලා කැමති චිත්‍රපටයක නමක් ටයිප් කරලා එන්ටර් කරන්න. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *