පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 1 කොටස | Cool Utilities to Clean your PC: Part 1

1. තැටි දෘෂ්‍යකරණය | Disk Visualizing

මා ගාව තියෙන්නෙ ටිකක් පරණ ගිගාබයිට් 40 විතර දෘඪ තැටියක් හින්දා මේ දවස්වල වැඩ කරගන්න එක බොහොම අමාරුයි. සිංදු තොගයකුත් දාලා තියෙන නිසා ඉඩ ගොඩක් මදියි. දැන් නම් සද්ද බද්දත් වැඩිවෙලා තියෙන්නෙ. කොහොම වුණත්, තියෙන එක පොඩ්ඩක් සුද්දකරගත්තොත් හොඳයි කියලා හිතුණා. මේ වැඩ වලට හොද මෘදුකාංග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

පළවෙනියටම මම තෝරගත්තේ JDiskReport කියන මෘදුකාංගය. ජාවා මගින් ධාවනය මේ මෘදුකාංගය මගින් අපේ දෘඪ තැටියේ ගොනු වලට වැයවෙන ඉඩ ප්‍රමාණය වගුවක් ආශ්‍රයෙන් පෙන්වනවා. මේක ගොඩක්ම වටින්නේ දෘඪ තැටියේ විශාලම ගොනු මොනවද, විශාලම ෆෝල්ඩර මොනවද කියලා පහසුවෙන්ම හොයාගන්න තමයි. මේ කටයුත්ත ‍කරන්න පුළුවන් මෘදුකාංග කිහිපයක්ම පාවිච්චි කර බැලුවත් මං ගොඩක්ම කැමති වුණේ JDiskReport වලට තමයි. ජාවා නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වෙනවා. (තිර පිටපතේ තියෙන්නේ මගේ D: පාටිෂන් එකේ දෘෂ්‍යකරණයක්.)

[JDiskReport]

1 thought on “පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 1 කොටස | Cool Utilities to Clean your PC: Part 1

  1. SpaceMonger කියලා එකක් මම භාවතා කරලාතියෙනවා. හැබැයි වින්ඩෝස්වලට විතරයි වැඩකරන්නේ. එකත් නියමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *