පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 2 කොටස | Cool Utilities to Clean your PC: Part 2

2. තැටි පිරිසිදුකරණය | Disk Cleaning

 

JDiskReport පාවිච්චි කරලා බැලුවද? දසුන් කියා තිබුණා තවත් ඒ වගේ මෘදුකාංගයක් වන SpaceMonger ගැන. ඒකත් ගොඩක් හොඳයි.දැන් පරිගණකය පිරිසිදු කිරීමේ මෘදුකාංග ටිකක් හොයලා බැලුවොත් හොඳයි. වින්ඩෝස් පාවිච්චි කරනකොට එකතුවෙන කුණු ගොඩවල් නිසා පරිගණකයේ වේගය සැලකිය යුතු විදියට අඩුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට වින්ඩෝස් සමග Disk Cleanup ලැබුණත් මෙමගින් කෙරෙන්නේ බොහොම සරල පිරිසිදු කිරීමක් විතරයි. මේ කටයුත්තට එන වෙනත් මෘදුකාංග වලින් සමහර වෙලාවට ඕන නැති කුණු ගොඩවල් ස්ථාපනය කරන නිසාත්, ඒ මෘදුකාංග ඉතා විශාල වීම නිසාත් අපට අවශ්‍ය කටයුත්ත හරියට ඉටු නොවෙන්න තිබෙන අවස්ථා වැඩියි.

මම දැන් ටික කලක ඉඳන් මේ වැඩේට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි CCleaner. මේ නමේ තේරුම Crap Cleaner කියන එකයි. 😀 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CCleaner කසළ සුද්ද කිරීම බොහොම ඉහළින් කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස්, ඔපෙරා, වින්ඩෝස් හි විවිධ අපද්‍රව්‍ය හා තවත් මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පිරිසිදු කිරීමත්, වින්ඩෝස් රෙජිස්ට්‍රිය පිරිසිදු කිරීමත් මෙමගින් පහසුවෙන්ම කරන්නට පුළුවන්. ඉතා විශිෂ්ට මෘදුකාංගයක් විදියට සම්මාන රැසක් ලබාගෙන ඇති මේ මෘදුකාංගය මෙගාබයිට් 2.6 ක පමණ ඉතා කුඩා ඩවුන්ලෝඩ් කිරීමක්.

[CCleaner]

1 thought on “පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 2 කොටස | Cool Utilities to Clean your PC: Part 2

  1. මම නම් භාවිතා කරනුයේ TuneUp Utilities 2008. ඒකෙ නම් ගොඩාක් පහසුකම් තියෙනවා. හැබැයි නොමිලයේනම් දෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *