ඕනෑම ගොනුවක් නෝට්පෑඩ් මගින් විවෘත කිරීම මෙනුවකට එක්කරන අයුරු | Adding ‘Open with Notepad’ to the Context Menu

සාමාන්‍යයෙන් වින‍්ඩෝස් නෝට්පෑඩ් එක ගොඩක් වෙලාවට අවශ්‍ය වන ගොඩක් ‘හැන්ඩි’ මෘදුකාංගයක්. හදිසියකට ඕනෑම ගොනුවක් (html, php, css, ini, inf ආදී) හදිසියට සංස්කරණය කරගන්න අවශ්‍ය වුණොත් මේක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අලුතෙන් ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වලින් මේ ගොඩක් ගොනු වර්ග පාලනය බාරගන්න නිසා හදිසියකට මේවා නෝට්පෑඩ් එකෙන් සංස්කරණය කරගන්න එක ටිකක් කරදරයි. මේකට විසඳුමක් විදියට ගොනුවක් රයිට්-ක්ලික් කරන කොට මතුවන මෙනුවට නෝට්පෑඩ් සමග විවෘත කරන අයිතමයක් එක් කරන හැටියි මේ කියන්න යන්නෙ. මේක අද How-To Geek අඩවියේ තමයි දැක්කේ.

මේ වැඩේට රෙජිස්ට්‍රිය එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්න වෙනවා. ඒ නිසා රෙජිස්ට්‍රිය එක්ක වැඩි පළපුරුද්දක් නැත්නම් පරිස්සමෙන්! 😀

  • Start මෙනුවට ගිහින් Run වෙත ගිහින් regedit ටයිප් කර එන්ටර් කරන්න.
  • රෙජිස්ට්‍රියේ මෙතැනට යන්න: HKEY_CLASSES_ROOT\*\shell
  • Shell මත රයිට් ක්ලික් කර New Key ක්ලික් කරන්න. එය නම් කරන්න Open with Notepad ලෙස.
  • ඒ මත රයිට් ක්ලික් කර New Key තෝරා command ලෙස නම් කරන්න.
  • එහි (Default) අගය මත ඩබල් ක්ලික් කර notepad.exe %1 ලියා එන්ටර් කරන්න.

වෙනස එවෙලේම බලාගන්න පුළුවන්. ඕනෑම ගොනුවක් මත රයිට් ක්ලික් කර බලන්න.

the How-To Geek මගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *