ඔබේ ඩෙස්ක්ටොප් එක ත්‍රිමාණ ඩෙස්ක්ටොප් එකක් කරගන්න | Convert your desktop to a 3D Environment

සාමාන්යයෙන් වින්ඩෝස් භාවිතා කරන සෑම කෙනෙක්ම පාහේ දන්නවා ඇති වින්ඩෝස් සමග ලැබෙන ඩෙස්ක්ටොප් එක සාමාන්ය ද්විමාන එකක් බව. ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක මත ඇති අයිකන සියල්ලම එහා මෙහා කරන්නට හැකි ද්විමාන තලයක පමණක් බව.

නමුත්, ඔබේ ඩෙස්ක්ටොප් එක ත්රිමාණ එකක් වුණොත්? තමන් කැමති අයිකන කැමති තැනක ගොඩසන්නට පුළුවන් වුණොත්? තමන්ට ඕනෑ හැටියට අයිකන විසිකරන්න, උස්සන්න, පොළවේ ගහන්න!

කවදාවත් කරන්න බැරි දෙයක් කියලද හිතන්නේ? නෑ. ඒක කරන්න පුළුවන්!

ජර්මනියේ රියල් ඩෙස්ක්ටොප් සමාගම මගින් නිපදවන රියල්-ඩෙස්ක්ටොප් මෘදුකාංගය මගින් මේ හැකියාව අප වෙත ලබාදෙනවා.

මෙමගින් ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක සම්පූර්ණ ත්රිමාණ වටපිටාවක් බවට පත් කෙරෙනවා. ඉන්පසු අයිකන, අපද්රව්ය බඳුන ආදී සියල්ලම අපට කැමති ආකාරයට භාවිතා කරන්නට පුළුවන්.

සාමාන්ය ලෝකයේ මෙන් අප විසිකරන අයිකන තවත් අයිකන වල වැදී පෙරලී යන ආකාරය, අපද්රව්ය බඳුනට අයිකන දමන විට හැසිරෙන ආකාරය, අපද්රව්ය බඳුන එහා මෙහා කරන විට එය හැසිරෙන ආකාරය ආදිය ඉතාමත් සූක්ෂම ලෙස සජීවීකරණය කර තිබෙනවා. මෙය ඔවුන් හඳුන්වන්නේ ඍැ්කසඑහ ෑබටසබැ එකක් වශයෙනුයි.

මෙහි දැනට අනුවාද දෙකක් නිකුත්වෙනවා. එකක් නොමිලේ ලබාදෙන අතර අනෙක ඩොලර් 29ක් පමණ මුදලකටයි ලබාදෙන්නේ. නොමිලේ ලබාදෙන අනුවාදයේ පහසුකම් මදක් අඩු නමුත් මුදල් ගෙවන අනුවාදයේ සියළු විශේෂාංග ඇතුළත් වෙනවා.

මොනිටර් කිහිපයක් සමග භාවිතා කිරීමේ හැකියාව, ත්රිමාණ ශබ්ද රටා, අඩු සම්පත් පරිහරණය, ප්රතිබිම්භ, විවිධ අපද්රව්ය බඳුන්, කැමති බිතුසිතුවම් තෝරා ගැනීමේ හැකියාව, විවිධ අයිකන රටා, විවිධ ආලෝකකරණ මාදිලි ආදී පහසුකම් රැුසක් මේ සමග ලබාගත හැකියි.

[Real-Desktop]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *