EnSiTip: ෆයර්ෆොක්ස් වෙත සිංහල ශබ්දකෝෂයක් | EnSiTip: Sinhala Dictionary For Firefox

අන්තර්ජාලය භාවිතයේදී දකින විවිධ ඉංග්‍රීසි වචන වල තේරුම හොයාගන්න ශබ්දකෝෂ පෙරලන්න දැන් ඕන වෙන්නේ නැහැ! කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවූ EnSiTip නම් ෆයර්ෆොක්ස් එක්කිරීම මේ කටයුත්ත පහසුවෙන් ඉටු කර දෙන්නට සමත් බොහොම හුරුබුහුටි එක්කිරීමක්. තේරූ වචන පරිවර්තනය වගේම Hover කිරීමේදී වචන පරිවර්තනයත්, වචන උච්ඡාරණ පහසුකමකුත් මෙහි තිබෙනවා. භාවිතා කර බැලුවා. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

[EnSiTip]
සිංහලෙන් FOSS මගිනි.

Firefox Tip: ඉක්මණින් නව ටැබ් එකක් සාදන හැටි | Creating a New Tab The Easy Way

අහම්බෙන් හොයාගත්තේ. ෆයර්ෆොක්ස් අලුත් ටැබ් එකක් ඉක්මණින්ම හදාගන්න ටැබ් බාර් එක මත දෙවරක් ක්ලික් කරන්න. Found this by accident. To Create a new tab quickly on Firefox, just double click on the Tab Bar 🙂

ෆයර්ෆොක්ස් 3 සහ 2 එකවර ධාවනය කරන හැටි | How to use Firefox 2 and 3 at the same time

ෆයර්ෆොක්ස් 3 බීටා 3 නිකුත් වුණ නිසා ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් පොඩ්ඩක් ඉන්න. ෆයර්ෆොක්ස් 3 ස්ථාපනය කළාට පස්සේ ඒකෙන් පාවිච්චි කරන්නෙත් දැනට ඔබේ තියෙන ෆයර්ෆොක්ස් 3 profile එක නිසා එකවර ඒ දෙකම පාවිච්චි කරන්න බැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් CodeFront හි තිබී සොයාගත්තා. මෙහි තියෙන උපදෙස් අනුව වැඩ ටික කරගත්තොත් ෆයර්ෆොක්ස් අනුවාදන දෙකම කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කෙරෙන්නේ තවත් profile එකක් සාදා ඒ profile එක ‍ෆයර්ෆොක්ස් 3 සමග පාවිච්චි කරන්නට සකසා ගැනීමයි. සම්පූර්ණ ක්‍රියාපටිපාටිය සඳහා පහළින් ඇති සබැඳුම ක්ලික් කරන්න.

[How to have Firefox 3 and Firefox 2 running at the same time] – Happy Testing! 😀

ෆයර්ෆොක්ස් 3 බීටා 3 නිකුත් වුණා | Firefox 3 Beta 3 is here!

ෆයර්ෆොක්ස් 3 හි තෙවැනි බීටා සංස්කරණය නිකුත් වුණා. නව සංස්කරණයේ නව අයිකන ක්‍රමයක් දැකගන්නටත් පුළුවන්. මේ අයිකන ලිනක්ස් හා මැක් සංස්කරණ වලදී එම platform එකට අනුව වෙනස් වන බවත් ආරංචියි.

Add-ons ලබාගැනීමේ ක්‍රමයත් දැන් වැඩිදියුණු කර තිබෙනවා. දැන් Add-ons ලබාගන්නට තවත් වෙබ් පිටුවකට යන්නට අවශ්‍ය නැහැ. එම කවුළුවෙන්ම අවශ්‍ය ඒවා සොයාගෙන එවෙලේම ස්ථාපනය කරගන්නට පුළුවන්. ඩවුන්ලෝඩ් කිරීම් වලදී ඉතිරිවී තිබෙන කාලය හා වේගය ආදිය Status Bar එකෙහි දැකගන්නටත් පුළුවන්. කලින් තිබුණු මතක ගැටළුත් දැන් බොහෝ දුරට අඩු බවක් පෙනෙනවා.

ඔබත් සාමාන්‍යයෙන් බීටා සංස්කරණ අත්හදා බලන්න කැමතිනම් ෆයර්ෆොක්ස් 3 බීටා 3 ලබාගෙන උත්සාහ කර බලන්න. බීටා 3 මෙතැනින් ලබාගන්න
දැනට තියෙන Add-ons නම් බීටා සංස්කරණයේ වැඩකරන්නේ නැහැ.

[Firefox 3 Beta 3: Integrated Add-ons Downloader, Theme Preview, and More]