Guys, Help me to Choose a Phone!

Okay Guys, here’s the problem: I need a mobile phone and I’m having some tough time choosing one. 😀 Maybe you can help. Well, I need something extremely cheap (below 15k) What I need is a Phone that’s extremely slim (Like Motorola F3, Samsung X820 etc.) with a TFT Screen, MP3 Ringtones Support and a pricetag below 15k. I’ve no intention of listening to music with it but I need mp3 ringtones. Camera is not required. So do you guys have any recommendations???

I did some googling and one I found was the Nokia 2760 – What do you guys think? Write in the Comments. 🙂

ඔබේ ඩෙස්ක්ටොප් එක ත්‍රිමාණ ඩෙස්ක්ටොප් එකක් කරගන්න | Convert your desktop to a 3D Environment

සාමාන්යයෙන් වින්ඩෝස් භාවිතා කරන සෑම කෙනෙක්ම පාහේ දන්නවා ඇති වින්ඩෝස් සමග ලැබෙන ඩෙස්ක්ටොප් එක සාමාන්ය ද්විමාන එකක් බව. ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක මත ඇති අයිකන සියල්ලම එහා මෙහා කරන්නට හැකි ද්විමාන තලයක පමණක් බව.

නමුත්, ඔබේ ඩෙස්ක්ටොප් එක ත්රිමාණ එකක් වුණොත්? තමන් කැමති අයිකන කැමති තැනක ගොඩසන්නට පුළුවන් වුණොත්? තමන්ට ඕනෑ හැටියට අයිකන විසිකරන්න, උස්සන්න, පොළවේ ගහන්න!

කවදාවත් කරන්න බැරි දෙයක් කියලද හිතන්නේ? නෑ. ඒක කරන්න පුළුවන්!

ජර්මනියේ රියල් ඩෙස්ක්ටොප් සමාගම මගින් නිපදවන රියල්-ඩෙස්ක්ටොප් මෘදුකාංගය මගින් මේ හැකියාව අප වෙත ලබාදෙනවා.

මෙමගින් ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක සම්පූර්ණ ත්රිමාණ වටපිටාවක් බවට පත් කෙරෙනවා. ඉන්පසු අයිකන, අපද්රව්ය බඳුන ආදී සියල්ලම අපට කැමති ආකාරයට භාවිතා කරන්නට පුළුවන්.

සාමාන්ය ලෝකයේ මෙන් අප විසිකරන අයිකන තවත් අයිකන වල වැදී පෙරලී යන ආකාරය, අපද්රව්ය බඳුනට අයිකන දමන විට හැසිරෙන ආකාරය, අපද්රව්ය බඳුන එහා මෙහා කරන විට එය හැසිරෙන ආකාරය ආදිය ඉතාමත් සූක්ෂම ලෙස සජීවීකරණය කර තිබෙනවා. මෙය ඔවුන් හඳුන්වන්නේ ඍැ්කසඑහ ෑබටසබැ එකක් වශයෙනුයි.

මෙහි දැනට අනුවාද දෙකක් නිකුත්වෙනවා. එකක් නොමිලේ ලබාදෙන අතර අනෙක ඩොලර් 29ක් පමණ මුදලකටයි ලබාදෙන්නේ. නොමිලේ ලබාදෙන අනුවාදයේ පහසුකම් මදක් අඩු නමුත් මුදල් ගෙවන අනුවාදයේ සියළු විශේෂාංග ඇතුළත් වෙනවා.

මොනිටර් කිහිපයක් සමග භාවිතා කිරීමේ හැකියාව, ත්රිමාණ ශබ්ද රටා, අඩු සම්පත් පරිහරණය, ප්රතිබිම්භ, විවිධ අපද්රව්ය බඳුන්, කැමති බිතුසිතුවම් තෝරා ගැනීමේ හැකියාව, විවිධ අයිකන රටා, විවිධ ආලෝකකරණ මාදිලි ආදී පහසුකම් රැුසක් මේ සමග ලබාගත හැකියි.

[Real-Desktop]

අයිපොඩ් ටච් හා අයිෆෝන් නව ධාරිතා වලින් | iPod Touch and iPhone new capacities

ඇපල් හි අයිෆෝන් හා අයිපොඩ් ටච් උපාංග දෙක නව ධාරිතා වලින් අද නිකුත් කළා. අයිෆෝන් ගිගාබයිට් 16 මාදිලියක් හා අයිපොඩ් ටච් ගිගාබයිට් 32 මාදිලියක් දැන් ඇපල් මගින් ලබාගත හැකියි. ශ්‍රී ලංකාවේ අයිපොඩ් සහ ඇපල් උපාංග EPSI මගින් ලබාගත හැකියි. නව මාදිලි නම් තවමත් වෙබ් අඩවියට එක් කර නැහැ. නමුත් අයිපොඩ් ටච් ගිගාබයිට් 16 මාදිලිය EPSI හි රු. 55900‍/- පමණ වෙනවා. 😀

Apple released new iPhone and iPod Touch in higher capacities today. iPhone gets 16 gigabytes and iPod Touch gets 32 gigabytes. You can grab some Apple stuff in Sri Lanka from EPSI. The new models aren’t here yet. But you can grab the iPod Touch 16GB version from EPSI at Rs. 55900/- 😀

ඕනෑම ගොනුවක් නෝට්පෑඩ් මගින් විවෘත කිරීම මෙනුවකට එක්කරන අයුරු | Adding ‘Open with Notepad’ to the Context Menu

සාමාන්‍යයෙන් වින‍්ඩෝස් නෝට්පෑඩ් එක ගොඩක් වෙලාවට අවශ්‍ය වන ගොඩක් ‘හැන්ඩි’ මෘදුකාංගයක්. හදිසියකට ඕනෑම ගොනුවක් (html, php, css, ini, inf ආදී) හදිසියට සංස්කරණය කරගන්න අවශ්‍ය වුණොත් මේක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අලුතෙන් ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වලින් මේ ගොඩක් ගොනු වර්ග පාලනය බාරගන්න නිසා හදිසියකට මේවා නෝට්පෑඩ් එකෙන් සංස්කරණය කරගන්න එක ටිකක් කරදරයි. මේකට විසඳුමක් විදියට ගොනුවක් රයිට්-ක්ලික් කරන කොට මතුවන මෙනුවට නෝට්පෑඩ් සමග විවෘත කරන අයිතමයක් එක් කරන හැටියි මේ කියන්න යන්නෙ. මේක අද How-To Geek අඩවියේ තමයි දැක්කේ.

මේ වැඩේට රෙජිස්ට්‍රිය එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්න වෙනවා. ඒ නිසා රෙජිස්ට්‍රිය එක්ක වැඩි පළපුරුද්දක් නැත්නම් පරිස්සමෙන්! 😀

  • Start මෙනුවට ගිහින් Run වෙත ගිහින් regedit ටයිප් කර එන්ටර් කරන්න.
  • රෙජිස්ට්‍රියේ මෙතැනට යන්න: HKEY_CLASSES_ROOT\*\shell
  • Shell මත රයිට් ක්ලික් කර New Key ක්ලික් කරන්න. එය නම් කරන්න Open with Notepad ලෙස.
  • ඒ මත රයිට් ක්ලික් කර New Key තෝරා command ලෙස නම් කරන්න.
  • එහි (Default) අගය මත ඩබල් ක්ලික් කර notepad.exe %1 ලියා එන්ටර් කරන්න.

වෙනස එවෙලේම බලාගන්න පුළුවන්. ඕනෑම ගොනුවක් මත රයිට් ක්ලික් කර බලන්න.

the How-To Geek මගිනි.