What do you want from Malinthe’s Note?

First of all, I must thank everyone who visited this blog – and everyone who commented. It’s really inspiring and it just feels good.

Well I’ve been having some problems about what I should write in the blog. Just can’t figure out what to write 🙄 So if you guys tell me what you really need from this blog, it’ll be great. May it be tech news, tips, traricks, software, softwe news, anything. Should I write in Sinhala, English or both? Just tell what you expect. The comments box right below, go go go!! 😀

6 thoughts on “What do you want from Malinthe’s Note?

  1. මලින්ත මල්ලී..
    මට තාම ඔයාගේ සටහන් වැඩිය කියවන්න වුණේ නැහැ. ඒත් හැමදාම යාවත්කාලීන සටහන මොකක් ගැනදැයි බලන පුරුද්ද තියෙනවා. බ්ලොග්කරණයට අළුත් අප වැනි අයට ඇවැසි විටක මෙය බැලුවොත් ගැටළු විසඳාගන්න පුළුවන් බව හැ‍ඟෙනවා. අනෙක් කිව යුතුම කරුණක් තිබෙනවා. බොහෝ අය අන්තර්ජාලය තුළ දන්නා ටික දෙයින් පොරවල් වෙන්නට හදද්දී ඔබත් මේ සිංහල බිලොග්කරණයේ ඉන්න පිරිසත් තමන් දන්නා දෙය අන් හැම දෙනාටම නොමසුරුව දෙන්නට දරණ වෑයම හරිම අගෙයි. පැසසුම් ලැබිය යුතුමයි.

  2. මගේ පිළිතුර ඉවර කරන්න කළින්ම ඒක පළ වුණා නෙ 🙂 ඉතින් බිලොග්කරණයට යොදා ගත හැකි නවතම මෘදුකාංග ඇතුළු විවිධ තේමාවන්ට අදාල ‍බිලොග්වල ගැටළු, ඇතැම් ගොනු නවීකරණය කර ගැනීමේදී මතුවන ගැටළු, නවතම පරිගණක තාක්ෂණ තොරතුරු වැනි දෑ ඔබට පහසු බසකින් පළ කෙරෙනවා නම් අගෙයි. සිංහලෙන්ම නම් වඩා හොඳයි. ඒ වගේම මට හිතෙනවා අප සියලු දෙනා GOOGLE වෙතින් සිංහල යුනි‍කෝඩි ඔවුන්ගේ SUPPORTED LANGUAGE එකක් ලෙස පිළිගන්නා මෙන් ඉල්ලා සිටියොත් හොඳය කියා. මා දන්නා තරමින් ඔවුන් මෙතෙක් පිළිගෙන ඇත්තේ භාෂා 17ක් පමණයි. ඇත්තෙන්ම එය අප කළ යුතු දෙයක්දැයි මා දන්නේ නෑ. මේ ගැන මගේ දැනුම අල්පයි. මා වැඩිපුර දන්නේ ලියන්නට පමණයි.
    ඔබේ යහ කටයුතුවලට දිරිය හා සවිය පතමි.

  3. අදහස් වලට ගොඩක් ස්තූතියි! අදහස් වලින් තමයි මට ලියන්න ‘ගැම්මක්’ එන්නේ! 😉

    දැනට ගූගල් සිංහලයට පරිවර්තනය කටයුතු කෙරෙනවා. http://www.google.lk හි සිංහල ක්‍රියාත්මක වෙනවා. නමුත් ගැටලුව මේ කටයුත්තට සහය දක්වන අය කාර්යබහුල නිසා වැඩි වේගයකින් ඒ කටයුතු සිදු නොවෙන එකයි. එහි සියලුම කොටස් පරිවර්තනය වුණානම්, ගූගල් මගින් අනෙකුත් සේවා සඳහා සිංහල සහය ලබාදේවි. මෙතැනට ගිහින් බලන්න: http://www.google.com/transconsole
    ප්‍රධාන සෙවුමේ අවසන් වෙලා ඇත්තේ තවමත් 93% පමණයි.

  4. ඔන්න මමත් ගූගල් සිංහලයට පරිවර්තනය කරන කටයුකු වලට සහභාගී වුනා සහ වෙමින් සිටිනවා. දැන් 94% ක් සම්පූර්ණයි.

  5. First of all I should mention that I’m typing in english coz I don’t hv a clue about the sinhala keyboard.

    Just wanted to congratulate you on ur awesome blog.
    Machan, I think its better if you concentrate about local stuff (like events in kandy, etc…)
    Coz if I want tech tips or info about new software there are tons of English blogs.

    Its nice to read day to day life in SL (not news), when u r away from SL for a long time.
    like this post.
    http://blog.malinthe.com/2008/04/15/headache-and-wandering-in-town/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *