CPU උෂ්ණත්වය බලාගන්න CoreTemp | Check your CPU Temp with CoreTemp

CoreTemp

CoreTemp Tray

ඔබේ ප්‍රොසෙසර ධාවනය වන උෂ්ණත්වය දැනගන්න සාමාන්‍ය මෘදුකාංග කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මම දෙක තුනක් පාවිච්චි කරලා තියෙනවා ඒත් ඒවායේ පහසුකම් අනවශ්‍ය විදියට වැඩියි. (Bloated) අද How-To-Geek හි සඳහන් කර තිබුණා මේ කටයුත්තට ගැළපෙන නියම මෘදුකාංගයක් ගැන. නම CoreTemp. මට නම් පේන්න තිබුණු ලොකුම විශේෂත්වය මේක හිතන්න බැරි තරම් කුඩා මෘදුකාංගයක් වීම තමයි. සාමාන්‍ය ධාවනයේදී කිලෝබයිට් 800ක් පමණයි මේ මෘදුකාංගයට වැයවෙන්නේ. Startup ෆෝල්ඩරයට පිටපත් කළොත් වින්ඩෝස් ආරම්භ වෙනකොට ස්වයංක්‍රීයවම ආරම්භ වෙන්නට සකසන්න පුළුවන්.

Update: මේක මගේ එකේ වැඩකරන්නේ නැහැ.

[CoreTemp]

How-To-Geek මගිනි.

1 thought on “CPU උෂ්ණත්වය බලාගන්න CoreTemp | Check your CPU Temp with CoreTemp

  1. මේක ම්ගෙත් වැඩ කරන්නේ නෑ!
    “කෝර්” සකසනයක් ඉල්ලනවා
    මගේ තියෙන්නේ පෙන්ටියම් 4 එකක් 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *