ඩෙස්ක්ටොප් එකට ඔරලෝසුවක් – ClockX

ClockX

ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකටත් හොඳවයින් ඔරලෝසුවක් දාගන්න වෙලාව හරි 🙂

මේක ටික කලකට කලින් හොයාගන්න ලැබිච්ච නියම මෘදුකාංගයක්. නම ClockX. විශේෂාංග ගොඩයි. දැන් කියන්න යන්නේ ඒ ගැන.

මේක සාමාන්‍ය ඔරලෝසුවක්. ඩෙස්ක්ටොප් එකේ ක්‍රියාත්මක වෙන ඇනලොග් ඔරලෝසුවක්. ඔරලෝසු වලට කැමති පින්තූර යොදාගන්න පුළුවන්. png, bmp වර්ග වල. සාමාන්‍ය භාවිතයේදී වැයවෙන්නේ මෙගාබයිට් 4ක් විතරයි. මම නම් මේකට ගොඩක්ම කැමති ඒකේ තියෙන උසස් තත්ත්වයේ අන්තර්ක්‍රියා නැත්නම් advanced window options නිසා.

මේ ඔරලෝසුව ක්‍රියාත්මක කරනකොට අපට අවශ්‍ය විදියට ඒ කවුළුව සකසගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේක ඩෙස්ක්ටොප් එක මත තියනවනම්, ඩෙස්ක්ටොප් එකට පින් කරන්නත්, සැමවිටම ඉහළින් තියන්නත්, ඒ මත ක්ලික් කරනකොට ඔරලෝසුව ක්ලික් නොවී ඊට යටින් තියන අයිතමය ක්ලික් වෙන්නත්, වැරදීමකින් හෝ ඔරලෝසුව එහාමෙහා වීම නවත්තන්නත් විශේෂාංග රැසක්ම මෙහි තියෙනවා. විනිවිද පෙනන භාවය, මවුසය ඒ මතින් යනවිට විනිවිද පෙනන භාවය වෙනස් කරන්නත් පුළුවනි.

ඊට අමතරව කැලැන්ඩරයකුත්, එලාම් ක්‍රමයකුත් මෙහි තියෙනවා. සාමාන්‍ය ඔරලෝසුවක් වගේම තමයි. එලාම් එක නියමිත වෙලාවට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ධාවනය කරන්නත්, පරිගණකය වසාදමන්නත්, ඕනෑම සංගීත ගොනුවක් හෝ වීඩියෝ ගොනුවක් ධාවනය කරවන්න පුළුවනි.

සාමාන්‍යයෙන් ඔරලෝසු සඳහා පින්තූර 30ක් විතර ලැබෙනවා. තවත් පැකේජයක් තියෙනවා තවත් පින්තූර අවශ්‍යනම්. එතැනින් තවත් පින්තූර 170ක් පමණ ලබාගන්නට පුළුවනි.

[ClockX]

ඔරලෝසුව දාගන්න කලින්: ඔබේ පරිගණකයට ලොව නිවැරදිම වෙලාව ලබාගන්න හැටි

ලොව කුඩාම USB Bluetooth Dongle එක!

Bluetooth Dongle

විශ්වාස කරන්න බැරි තරම් පුංචියි. යූඑස්බී 2.0 බ්ලූටූත් ඩොන්ගල් එකක්! ඩොලර් 15ක් විතර තමයි මිළ. හොයාගත්තෙ geekalerts මගින්. Thanks Prasad!

[World’s Smallest USB Bluetooth Dongle?]

සිංහල බ්ලොග් මැරතන්!

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරනු ලබන බ්ලොග් මැරතන් එක අප්‍රේල් 18 දා රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි! 😀

මමත් දුවන්න (aka ලියන්න) තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි මේ දවස්වල විශේෂ දෙයක් නොලියා ‍හිටියේ. පැය 24ක් පුරා මිනිත්තු 15න් 15ට අලුත් බ්ලොග් සටහනක් ලියන්නයි තියෙන්නෙ.

දැනට බ්ලොග් එකක් ලියන අයටත්, බ්ලොග් එකක් ලියන්න කැමති අයටත් විවෘතයි. මැරතන් එක දුවන්න (ලියන්න) කැමති නම්: මැරතන් දුවන්න එකතුවෙන්න!

වැඩි විස්තර සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එන්න.

Spread the Word! Get a Badge Now!

අන්තර්ජාල සම්බන්ධය ගෑටීම සහ ඉවසීමේ සීමාව

Update: Got a Mobitel M3 HSPA Connection and it just rocks! Special thanks to Buddhika Jayasinghe!

අපේ ගෙවල් පැත්තට ADSL නැති නිසා සහ Dialog WiMax Coverage නැති නිසා මම තාමත් පාවිච්චි කරන්නෙ CDMA වලින් ලැබෙන Dialup තමයි. සාමාන්‍යයෙන් පාන්දරට හොඳ වේගයක් ලැබුණත් සමහර දවස් වල දවල්ට නම් කිසිම වැඩක් කරන්න බැහැ. අදත් ඒ ව‍ගේ අවාසනාවන්ත දවසක් තමයි. 🙁
අද නැගිටිනකොට ටිකක් දවල් වුණා. 😳 8ට විතර ඊමේල් පරික්ෂා කරන්න කියලා connect වුණා. වැඩක් නැහැ. ගාටනවා. ගාටනවා. තුන්පාරක් විතර disconnect වෙවී ආයෙ reconnect කරලා බැලුවත් කිසිම වැඩක් වුණේ නැහැ. දවසම එහෙම තමයි. මේ වෙලාවට තමයි අසූහාරදාහට තද වෙන්නෙ. මොන කෙහෙල්මලක්ද? 👿

Google Talk වලින් කාට හරි කතාකරන්න හදනකොටම disconnect වෙනවා. සුදාරක මලයා කියනවා ‘මලින්ත එනවා යනවා’ කියලා. ඇයි මේ කෙහෙල්මල disconnect වෙවී ආයෙ connect වෙන නිසා. හවස බ්ලොග් එකට අලුත් සටහනක් ලියලා පෝස්ට් කරන අතරමගදී disconnect වුණා. අන්තිමට ලියපු පෝස්ට් එකත් නෑ. දැනුත් සයිට් දෙක තුනක් ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ. එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ. මේක නම් මහා එපාකරපු වැඩක්.

දැන් ඉතින් තියෙන එකම විසඳුම මොබිටෙල් එකෙන් 3.5G සම්බන්ධයක්වත් ගන්න එක විතරයි. ඒත් ඒ මොඩම් එක දැනට 20,000ක් විතර වෙනවලු. ඒකත් ඉතින් ෂුවර් නැහැ.

දැන් තියෙන එකවත් නියම වේගයෙන් වැඩ කරනවා නම් ඒ හොඳටම ඇති. ඒත් ඉතින් අපට ඕන දේ ඒ විදියටම වෙන්නෙ නෑනේ නේද?

බලමුකෝ මේකවත් හරියට පෝස්ට් කරගන්න ලැබේවිද කියලා…