කිරි එකක් බොන්නයි සූදානම

ඔන්න අම්මා හොඳවයින් කිරි කෝප්පයක් ගෙනල්ලා දුන්නා. කේක් කෑල්ලකුත් තියෙන්නෙ. මල් හතයි! 😉

මං කිරි බොන්න ගොඩක් කැමතියි. ඒත් ගොඩක් අය කැමති නෑ. සමහරු හිනාවෙනවා බබෙක් වගේ කිරි බොනවා කියලා. ඒ වෙලාවට නම් තරහත් යනවා හැබැයි. ඇයි කිරි බොන්නෙ බබාලා විතරද? මං මොකක්ද ලිපියක තියෙනවා දැක්කා ලංකාවේ කිරි පරිභෝජනය ගොඩක් අඩුයි කියලා.

මං ගොඩක් අය දැකලා තියෙනවා කිරි තේ බොන්න බැරි. එක එක අයගේ කැමැත්ත වෙනස් වෙන හැටි පුදුමයි.

ආ දැන් 6.20ට විතර ඇති. පිටතින් ඇහෙනවා කුරුල්ලන්ගේ සද්දය. ගත්තා අලුත් වෝල්පේපර දෙක තුනක්. එකම වෝල්පේපරය දවස පුරා තියෙනකොට එපාවෙනවා. ලස්සන දෙක තුනක් හම්බවුණා. මං ඉතින් සාමාන්‍යයෙන් දාගන්නෙ… නෑ එක්කො ඕන නෑ 😉

කිරි එක බීලා තවත් මොනවාහරි ලියන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *