උදෑසන ආහාරය

ඔන්න දැන් තමයි මොනවාහරි කන්න හදන්නෙ. අම්මා හදනවා කිව්වා හොඳවැයින් ආප්ප ටිකක් – හෝම් මේඩ් ආප්ප! ඉඳි ආප්ප, බිත්තර ආප්ප, හකුරු ආප්ප වගේ ආප්ප වර්ග ගොඩක් තියෙනවා. 😆

ආප්ප කියන්නෙ නියම කෑමක් මොනවා වුණත්. අපි මුල්ගම්පල හිටපු කාලේ හැමදාම වගේ එතැන බෝසෙවණින් ගේනවා ආප්ප තොගයකුයි, කෙසෙල් ගෙඩියි! මල් හතයි!

මෙන්න දැන් හදපු ආප්ප වල පින්තූරයක් – හැබැයි හරියටම හැදිලා නැති පාටක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ කන්න පුළුවන්.

ආප්ප වලට ඉංගිරිසියෙන් කියන්නෙ Hoppers කියලනෙ. මෙන්න බොලේ විකිපීඩියාවෙත් තියෙනවා ආප්ප ගැන 😆

http://en.wikipedia.org/wiki/Hopper_(food)

පැණි ආප්ප හෙවත් හකුරු ආප්ප දැන් එච්චර හොයාගන්න නෑ. ගොඩ කාලෙකින් ඒකක් කන්න බැරිවුණා. බිත්තර ආප්ප නම් නියමයි 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *